ජනතාවට බෙදන්න ගෙනා සහල්වලටත් බදු ඉල්ලයි..
ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමු කළ සහල් මෙටි රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය.
කිරි පොන්නි සම්බා මෙම සහල් තොගය අදාල ව්‍යාපාරිකයා නැව් ගාස්තු ද දරා මෙරටට යොමු කළ බවත් එම සහල් කිලෝවකට රුපියල් 65 බැගින් තීරු බදු ගෙවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍යංශය දැනුම් දී ඇති බවත් ඒ මහතා කීය.
කොළඹ වරායේ රදවාගෙන තිබෙන නොමිලයේ ලැබුණු මෙම සහල් කිලෝග්‍රෑම් 130,000 ක ප්‍රමාණය විනාශ වීමේ අවදානමකට ලක්ව තිබියදී ආණ්ඩුව ජනතාවට සහන දෙන්නේ යැයි අයවැය හරහා ප්‍රකාශ කරන බව කී ඒ මහතා නොමිලයේ ලැබෙන්නේ නම් සහල් කන්ටේනර් 200 කට හෝ අනුමැතිය ලබාදිය හැකි යැයි පවසා වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක් තමන් නොමඟ යැවූ බව ද ඒ මහතා සඳහන් කළේය
මෙම සහල් තොගයෙක් කොටසක් මෙරට ප්‍රධානම ආගමික නායකයෙක් ද ජනතාවට පරිත්‍යාග කිරීමට ඉල්ලීමක් ද කර තිබූ බවත් ජනතාවට සහන දීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ මෙවැනි පරිත්‍යාග වලින් තීරු බදු නිදහස් කිරීම බවත් ඒ මහතා පැවසීය.
මෙම සහල් තොගය පිළිබඳව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ එම සහල් තොගය පිළිබඳව දැනුවත්ව නොමැති බවත් ඒ පිළිබඳව සොයා බලා ප්‍රකාශයක් නිකුත් කරන බවත්ය.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
ජනපති මන්දිරවල පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන්.. - විගණන කාර්යාලයෙන් අනාවරණයක්
"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..
"ගොවි පුත්තු ටික ගමට එනකම් ගොවියො බලාගෙන ඉන්නේ".. - ජයන්ත සමරවීර
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙයි..
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම: 'ගොඩගැසුණු නඩු ඉවර කිරීම අරමුණ නම් මුර්දු ප්‍රනාන්දු සිටියදී නොගෙනාවේ ඇයි?' - ආචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රශ්න කරයි!
ට්‍රම්ප්ට වෙලා තියෙන්නේ "ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී" වගේ වැඩක්.. - ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්..
ආණ්ඩුව මෙරට අධිකරණය සිරගතකර තමන් භාරයට අරගෙන.. - විමල්ගෙන් චෝදනා..
සබරගමුව වෛද්‍ය පීඨය අනතුරේ.. නැවතත් වෛද්‍ය නොවන තැනත්තෙක් පීඨාධිපති කිරීමේ තැතක්.. ලෝක වෛද්‍ය සභාවේ ප්‍රතීතනය අහිමිවීමේ අවදානමක්..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ.. - ගෝඨාභයගේ රිට් පෙත්සමේ සවිස්තරාත්මක වාර්තාව..
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක වංචාව: මුදල් අමාත්‍යංශය කියන්නේ බොරු.. - මහ බැංකුවෙන් ආන්දෝලනාත්මක නිවේදනයක්
වලිකාමම් හමුදා රෝහල කඩා ඉවත් කිරීමේ සුමන්තිරන්ගේ යෝජනාව ගැන ශමීන්ද්‍රගෙන් අනාවරණයක්..
පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අමාරුවේ දැමීම සඳහා විජේවීර පවුලට අවමන් කිරීම දුෂ්ඨ ක්‍රියාවක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
චීන මහජන විමුක්ති හමුදාවේ 99 වැනි සංවත්සරය කොළඹදී සමරයි - ශ්‍රී ලංකාව සමඟ හමුදාමය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවට සහතිකයක්