ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන්ට ඉදිරිපත් කළ යුතුයි.. ඒ දේවල් අපි කරන්නේ විශේෂඥ උපදෙස් අනුවයි - අගමැතිනි කියයි
ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
මහනුවරදී පැවති වැඩසටහනක් අමතමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා සැලසුම් සකස් කිරීම විශේෂඥයින්ගේ නිර්දේශ සහ උපදෙස් ලබාගෙන ක්‍රියාත්මක කරන බවය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙලෙස පැවැත්වුණි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
"6 වසරට, වයසට ගැලපෙන විදියට පොතක් අපි සකස් කරලා තියෙන්නේ. ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂයෙන්ම පවුල් සෞඛ්‍ය ඒකක විසින් නිරන්තරයෙන්ම කියන දෙයක්. අපේ රට තුල ලිංගික අපචාරයට සහ පීඩනයට දරුවන් ලක් වීමේ ප්‍රවනතාව එන්න එන්නම වැඩි වන නිසා . මෙකෙන් ආරක්ෂා වීමට නම් දරුවන්නට මේ ගැන ඉගැන්විය යුතුයි කියලා පවුල් සෞඛ්‍ය ඒකක, සෞඛ්‍ය අමාත්‍යාංශය නිරන්තරයෙන් අපට කියන දෙයක්. ඒ වගේම තමයි ළමා ආරක්ෂණ අධිකාරියෙනුත් අපිට කියලා තියෙනවා මේත බරපතල ප්‍රශ්නයක්. තමන්ගේ ශරීරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දරුවන් දැනුම්වත් විය යුතුයි කියලා. ඒ ගැන අපි සාකච්ඡාවක් කරනවා ඒ ඒ අමාත්‍යාංශ සහ අධිකාරි සමඟ. ඔවුන්ගේ නිර්දේශ ලබා දෙමින් පවතිනවා. කොහොම ද, කවදා ද කොයි වයසට ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණයක් තාම නෑ. ඒ සකච්ඡා අනුව වයසට සුදුසු පරිදි තමා ආරක්ෂා විය යුතු විදිය ගැන තමන්ගේ ශරීරය වෙනස් වන විට ඒ පිළිබඳව නිවැරදි අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියලා අපි හිතනවා. ඒ දේවල් අපි කරන්නේ විශේෂඥ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයගේ උපදෙසුත් අනුව."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..