විසඳුම් කියන්න GMOA පැය 48ක් කල්දෙයි.. ලොකු තීන්දුවක් ගනී..
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු වලට ඉදිරිපත් කල විසඳුම් සඳහා නිෂ්චිත කාල රාමුවක් ප්‍රකාශයට පත් නොවන්නේ නම් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම පැය 48 කින්.
මෙවර අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සැබෑ ගැටලු කිසිවක් සඳහා සාධනීය විසඳුම් නොලැබීමේ පසුබිමක, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවයක් පැන නැගී ඇත.
මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර, ප්‍රමාණවත් කාලයක් තුළ වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු විසඳීම සඳහා අදාළ තොරතුරු සහ යෝජනා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිතුමා ඇතුළු වගකිවයුතු පාර්ශවයන් වෙත යොමු කළ ද, ඒවා අවධානයට ලක්නොකිරීම තුල, වත්මන් අර්බුදය පැන නැගී ඇත.
මෙම ගැටලු සඳහා සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවකට එළඹීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට සිදුවිය.
එහෙත් මෙතෙක් රෝහල් පද්ධතිය තුල රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් කිසිදු වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර නැති බවද අවධාරණය කල යුතුය.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් යළි සලකා බැලීම සඳහා අපගේ ඉල්ලීම වූයේ සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන් රැක ගැනීම ඉලක්ක කරගත් නිශ්චිත සාධනීය වැඩපිළිවෙලක් කාල රාමුවක් සහිතව ප්‍රකාශයට පත් කිරීමයි.
එහිදී පසුගිය සෙනසුරාදා පැවැත්වුණු, සෞඛ්‍ය අමාත්‍යංශයේ අයවැය කාරක සභා විවාදය වෙත අපගේ දැඩි අවධානය යොමු වූ අතර, සෞඛ්‍ය පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳ තොරතුරු රාශියක් පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවට ලක්වනු දක්නට ලැබින.
සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පිළිතුරු කතාවේදී, වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් යම් විසඳුම් යෝජනා කිහිපයක් ප්‍රකාශයට පත් වුවද, නිශ්චිත කාලරාමුවක් ප්‍රකාශයට පත් නොකිරීම මත එම යෝජනාවලියේ ඉදිරි ක්‍රියාවලිය පිළිබඳ අවිනිශ්චිතතාවයක් මතුවී ඇත.
පවතින ප්‍රවණතාවයන් පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි විධායක සභා රැස්වීමක් අද පැවැත්වුනුු අතර, එහිදී ඒකමතික අදහස බවට පත්වූයේ අදාළ විසඳුම් සඳහා කාල රාමුවක් ප්‍රකාශයට පත් කිරීම අනිවාර්ය වන බවයි.
ඒ අනුව එම කාල රාමුව සහිත විසඳුම් මාලාව ප්‍රකාශයට පත් කිරීම සඳහා, ඉදිරි පැය 48ක කාලය වගකිවයුත්තන්ට ලබාදීමටත්, එසේ කිරීමට අසමත් වන්නේ නම්, එළඹෙන බදාදා (2025.11.26) දිනයේදී පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මීට වඩා දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වෙත යොමු වීම සම්බන්ධයෙන් වන තීන්දු තිරණ සාකච්ඡා කිරීමට නියමිතය.
එබැවින් ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුලු වගකිවයුත්තන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත් කිරිම තුල වර්තමානයේ සෞඛ්‍ය පද්ධතිය තුල උද්ගත වී ඇති ගැටලුකාරි තත්ත්වය විසඳීම සඳහා වහාම මැදිහත් විය යුතු බව අපි විශ්වාස කරමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..