පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රී ලාංකික ඉස්ලාමීය සැකකරුවෙකු බ්‍රිතාන්‍යයේ සරණාගතභාවය පතයි..
2019 වසරේ අප්‍රේල් 21 වනදා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් ප්‍රශ්න කිරීමක් සිදු කරන ලද ඉස්ලාමීය ත්‍රස්තවාදී සැකකරුවෙකු එක්සත් රාජධානියේ සරණාගතභාවය පතමින් සිටින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මෙම සැකකරුව 2022 වසරේ දී ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඇප මත නිදහස් කර ඇති බව සඳහන් වේ.
ඉන් පසුව ඔහු එම වසරේදීම ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටව ගොස් එහි සරණාගතභාවය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.
ඔහු, ඔහුට එල්ලව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔහු පවසා ඇත්තේ ශ්‍රී ලංකා පොලීසිය ඔහුව සොයා නිවසට ගොස් ඇති බැවින් නැවතත් මව් රටට යාමට සිදුවුවහොත් හිංසාවට සහ පීඩාවලට ලක්විය හැකි බවය.
විදෙස් මාධ්‍ය මෙම සැකකරුව නිර්නාමිකව හඳුන්වා දී ඇති අතර ඔහු සමග ඔහුගේ බිරිඳ ද සරණාගත භාවය ඉල්ලුම් කර ඇති බව සඳහන් වේ.
එම ඉල්ලීම් පළමුවෙන් එරට ස්වදේශ කටයුතු කාර්යාලය "Home Office" විසින් ප්‍රතික්ෂේප කර ඇති නමුත්, සැකකරු නැවතත් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මේ වන විට එම නඩුව නැවතත් විභාගයට ගෙන ඇති බවත් සඳහන් වේ.
"2022 ජනවාරි 5 වන දින ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අතර පසුව අල්ලසක් ලබා දී ඔහු නිදහස් වී තිබෙනවා. පසුව ඔහු 2022 සැප්තැම්බර් 2 වන දින ශ්‍රී ලංකාවෙන් එක්සත් රාජධානියට පිටත්ව ගොස් ඇති අතර ඉන් පසුව 2022 සැප්තැම්බර් 15 වන දින ඔහුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා."යනුවෙන් ඔහු එරට නඩු විභායේ දී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
2019 වසරේ පාස්කු ඉරිදා සිදු කළ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් 269 දෙනෙකු මිය අතර ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ද විය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..