ගංවතුර අපිට තව ආශිර්වාදයක් කරලා..- ටී.බී. සරත්
නිවාස සංකල්පය වෙනස් කිරීම සඳහා නව නිවාස සැලසුමකට යෑමට තිබූ බාධාවන් ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉවත්වී ඇති බවත්, එය නව සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ලැබුණු ආශිර්වාදයක් බවත් නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජය අපේක්ෂාවෙන් සිටියේ රටේ නිවාස සංකල්පය වෙනස් කිරීමට වුවද, තනි තනි නිවාස ඉදි කරමින් විසිරී තිබෙන ක්‍රමය ඊට බාධාවක්ව පැවති බවයි.
කෙසේ වෙතත්, මෙම ගංවතුර තත්ත්වය නව නිවාස සැලසුමකට යෑමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කර දීමට උදව් වී ඇතැයි ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අහිමි වූ ජීවිතයක් හැරෙන්නට, අන් සියලු දේම පෙර තිබූ තත්ත්වයට වඩා හොඳින් ලබා දීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවයි.
ජීවිතයක් අහිමි වූවා නම් එය පමණක් නැවත ලබා දීමට නොහැකි බවත්, අනිත් හැම දෙයක්ම තිබුනට වඩා හොඳින් ලබා දෙන්නට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
ගංවතුර තත්ත්වය නව නිවාස සැලසුමකට යෑමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇති බැවින්, එම නව සැලසුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..