News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් විසින් ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව, සුදන්ත තිලකසිරි නොහොත් ‘සුදා’ ලෙස හඳුනාගෙන ඇති ජනප්‍රිය යූ ටියුබ්කරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග නිවේදනයක් නිකුත් කර තිබේ.

ආසියානු භූ දේශපාලනික, තිරසාර සංවර්ධන හා සාම කවුන්සිලයේ (AGSPeC) සමාරම්භක උත්සවයේදී ජා.නි.පෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදුකළ කතාවේ සංක්ෂිප්ත පිටපත පහතින්..

මාලිමා නීතීඥවරුන් හෙවත් ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව අනතුරු අඟවනු ලැබීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර බව කොළඹ ජාතික රෝහල තහවුරු කර ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

එක්සත් ජනපද බුද්ධි ප්‍රජාව තුළට පාතාල රාජ්‍යයයේ ක්‍රියාකාරීන් ඇතුළු වී ඇති අතර, ඔවුන් බුද්ධි නිෂ්පාදනවලට “තමන්ගේම පක්ෂග්‍රාහී දේශපාලන අදහස් සහ උදහස්” ඇතුළත් කර ඇමරිකානු ජනතාවට එරෙහිව අතිශය විනාශකාරි ලෙස ක්‍රියා කරන බව එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් පැවසුවාය.

වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සම්පූර්ණ කිරීමටත් පෙර නඩු සාරාංශ නීතිපති වෙත යැවීම සම්බන්ධයෙන් කොළඹ වංචා කාර්යාංශයේ නිලධාරීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළාය.

ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සෘජු සාකච්ඡාවලදී රුසියාව සමඟ තම භූමිය පිළිබඳ ආරවුල සාකච්ඡා කිරීමට යුක්රේනය සූදානම් බව යුක්රේන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇති අතර, වත්මන් යුද පෙරමුණ සාකච්ඡා සඳහා ආරම්භක ලක්ෂ්‍යය විය යුතු බවද ඔහු පැවසීය.

රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මේ වන විට එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අැති බව මාධ්‍ය වාර්තා පළ වේ.


ප්‍රධාන පුවත්

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.