News Category
From Date
To Date
Maximum Number of Result

එළැඹෙන අයවැය යෝජනාවලිය මගින් සියලු රජයේ සේවකයින්හට වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අමෙරිකානු සංචාරයේ දී එරට ශ්‍රී ලාංකිකයෙක් පළාත් සභා පිළිබඳව ඔහුගේ මතය කුමක්දැයි විමසද්දී එයට පිළිතුරු ලබා දෙමින් අනුර දිසානායක මහතා පවසන්නේ පළාත් සභා අද උතුරු හා නැගෙනහිර ජනතාවගේ අයිතියක් බවට පත් වී ඇති බවය.

සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් එකතුවී පක්ෂයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සාකච්ඡා කළ බවත්, ඔහු සම්බන්ධයෙන් ඇති වී තිබෙන යම් යම් ගැටලුවලට එම සාකච්ඡා හරහා යම්කිසි එකඟතාවයන් ඇති වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙකු ලෙස ජනප්‍රියත්වයට පත්ව සිටි පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආණ්ඩුව අනෙක් දේවල් කෙසේ වුවද විදුලි බිලෙන් නම් සිංගප්පූරුවට සම කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ නගරයට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට බන්ධනාගාර රැදවියෙකු විසින් ලබාදී ඇති පණිවිඩය කිසිදු සත්‍යතාවක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර ‍අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා අද උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර ඇත.

ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා එරටට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එරට ක්‍රීඩාංගණවල දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු ව ඇතැයි වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ලාංකිකයින් 3065 දෙනෙකු ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීමෙන් විශාල බදු මුදලක් අහිමි වෙන්න පුළුවන් - විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක

පසුගිය දා රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක මහතා පවසන්නේ ‌මෙම කන්ටේනර් මගින් ලබාගැනීමට තිබූ විශාල බදු මුදලක් රටට අහිවි වෙන්නට ඇති ඉඩ කඩ වැඩි බවයි.

හිටපු ජනපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – නීතියක් ගෙනාවත් අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවේ - ප්‍රතිභා මහානාම

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)

කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.

කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.

ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්‍රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී

කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ඊයේ(29) පවසා සිටියේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිරිස තිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක් වන ග්වාන්ටනාමෝ නාවික කඳවුරට යැවීමට එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

අනුර බැටන් එක අතට ගත්තත් දුවන්න වෙන්නේ දුෂිතයන් නිර්මාණය කළ පාරෙමයි ‘‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජාතික පුවත්පතකට ‘ක්ලීන් ශ‍්‍රී ලංකා’’ සඳහා ඌන පූර්ණයක් ලෙස ලිපියක් සපයා ඇත.

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය දෙස පැරණි කෝණයෙන් අපි බලන්නේ නැහැ..

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය (SOEs) කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) හෝල්ඩිංග්ස් සමාගමක් හරහා ලැයිස්තුගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අනාවරණය කළේය

පුංචි ජන්දයේදී ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි - පොහොට්ටුවයි එකට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩාය ෙමි පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.