සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා – දේශපාලන පක්‍ෂ කිහිපයක් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් පැහැරගැනීම ඇතුළුව, වෙනෙසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වන්නේ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවයි.
ජනාධිපති නිකොලස් මධුරෝ සහ ජනාධිපති ආර්යාව සිලියා ෆ්ලෝරස් පැහැරගැනීම ඇතුළුව, වෙනෙසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව එක්සත් ජනපදය විසින් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ විසින් ඔවුන්ගේ ගැඹුරු කනස්සල්ල සහ දැඩි විරෝධය ප්‍රකාශ කරයි.
එහි මෙසේද සඳහන්ය.
"ජාත්‍යන්තර වරමකින් තොරව ගනු ලැබූ එම පියවර, ජාතික ස්වෛරීභාවය සහ ස්ථාපිත ජාත්‍යන්තර නීති සම්මතයන් කෙරෙහි ගරු කිරීම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරයි. වෙනිසියුලාව තුළ මහජන පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තාද අපි කනස්සල්ලෙන් යුතුව සටහන් කරමු.
මෙම සිදුවීම් අත්‍යවශ්‍ය සේවාවන්ට බලපා ඇති අතර සිවිල් ජනතාව සැළකිය යුතු දුෂ්කරතාවයන්ට ගොදුරු කොට ඇති බව පෙනේ. සිවිල් වැසියන්ට හානි කරන හෝ මූලික සේවාවන්ට බාධා කරන ඕනෑම ක්‍රියාවක් ජාත්‍යන්තර මානුෂීය මූල ධර්මවලට පැහැදිලිවම පටහැනි වන අතර එය යුද අපරාධ ලෙස සැළකිය හැකිය.
මෙම මැදිහත්වීම සඳහා පදනම වශයෙන් ප්‍රකාශිත “මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්” වටා සැකසුණු සාධාරණීකරණය දැඩි ලෙස ප්‍රශ්න සහගතය. එය හමුදා ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීම සඳහා සනාථ නොකළ ප්‍රකාශ භාවිතා කළ පෙර අවස්ථාවන්ට – එනම්, ඉරාකයේ සමූල ඝාතක ආයුධ ඇති බවට නැගුනු චෝදනාවන්ට; සමානකම් දක්වයි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ එවැනි තර්ක ප්‍රතික්‍ෂේප කරන අතර එවැනි හේතූන් වෙනත් ජාතියක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම සඳහා ප්‍රමාණවත් පදනමක් ලෙස නොසළකයි.
ස්වෛරීභාවය, සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැඳි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇත. මෙම මූලධර්මවලට අනුකූලව, මෙම ක්‍රියාවන්ට අප්‍රසාදය පළ කරමින් සහ ගෝලීය බලවතුන්ගේ අනවශ්‍ය බලපෑම්වලින් තොර ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා රටේ කැපවීම නැවත තහවුරු කරමින්, පැහැදිලි සහ ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. වෙනිසියුලාවේ ජනතාව සමඟ අපගේ සහයෝගීතාව නැවත අවධාරණය කරන අතර, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනයට එරෙහිව ක්‍රියා කරන ලෙසත්, සාමය, ස්ථාවරත්වය සහ සියලු ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිමු.
මෙම නිවේදනයට පහත පක්ෂ නායකයින් අත්සන් තබා ඇත.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), දුමින්ද දිසානායක (ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය), අසංක නවරත්න (ශ්‍රී ලංකා මහජන පක්‍ෂය), දයාසිරි ජයසේකර (ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය), වජිර අබේවර්ධන (එක්සත් ජාතික පක්‍ෂය), තිලංග සුමතිපාල (එක්සත් ජනතා නිදහස් සන්ධානය), රවුෆ් හකීම් (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය), තිස්ස ජයවර්ධන යාපා (මහජන එක්සත් පෙරමුණ), විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), සුගීෂ්වර බණ්ඩාර (නව ජනතා පෙරමුණ), එස්. හපුආරච්චි (ලංකා සමසමාජ පක්‍ෂය), ප්‍රේමනාත් දොළවත්ත (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ), ජී. වීරසිංහ (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය).
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..