News Category
From Date
To Date
Maximum Number of Result

නේටෝ සොල්දාදුවන් යුක්රේන ගැටුමේදී කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන රුසියානු හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ රුසියානු ආරක්ෂක නිලධාරියෙක් අනාවරණය කළේය.

සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන කැලණිය සංවිධායක ධුරය අත්හිටුවීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

හරීන්ව වහාම ඇමැතිකමින් නෙරපණු! ඉන්දියාවට රට විකිණීම නවතනු!: මහජන උද්ඝෝෂනය හෙට (පෙ.බ.20) පෙ:ව 10:30ට නො 78, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශය, අමාත්‍ය කාර්යාලය (ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ පුහුණු ආයතනය), ගාලුපාර, කොළඹ 03 යන ස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් (Scientific Freedom and Responibility Award) ඇමරිකා එක්සත් ජනපද විද්‍යාභිවර්ධන සංගමය (American Association for the Advancement of Science, AAAS) ලබා දෙන සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට හිමිව ඇත.

රතු සහෝදරයින් ඉන්දීයාවේ සංචාරය නොකළා නම් යූ.පී.අයි. ගෙවුම් පද්ධතියට එරෙහිව මෙරට තුල විශාල ව්‍යාජ මතයත් නිර්මාණය කිරීමට ඉඩ තිබූ බවත් ඔවුන්ගේ ඉන්දීය සංචාරය සමඟ මෙතක් පැවති ඉන්දීය විරෝධි ප්‍රතිපත්තිය වෙනස් වීම ප්‍රතිපත්ති ස්ථීර නොවන බවට කදිම උදාහරණයක් බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු සන්ධානයක් යටතේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම සඳහා සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිස තීරණය කර ඇති බව වාර්තා වේ.

දීමනා ගැටලුවක් මුල්කර ගනිමින් වැඩවර්ජනයේ නිරත වු සෞඛ්‍ය වෘත්තීය සමිති අද (19) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

2024 පළමු පාසල් වාරය අද (19) ආරම්භ වේ.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ආරාධනයකට අනුව ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දොල්ලාහියන් මහතා අද(19) සිට 21 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.


ප්‍රධාන පුවත්

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.