අධ්‍යාපන ඇමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්..
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ඇමැතිනී, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) පැවති විපක්ෂයේ පක්ෂ නායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත. ඊට අත්සන් ලබා ගැනීම අද (07දා) ආරම්භ කිරීමට ද තීරණය වී තිබේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී අත්තනෝමතිකව සහ අනවබෝධයෙන් කටයුතු කිරීම සහ 06 ශ්‍රේණිය අධ්‍යාපන මොඩියුලය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නය මුල් කර ගනිමින් එම විශ්වාසභංග යෝජනාව ගෙනඒමට තීරණය කර ඇත.
අධ්‍යාපන ඇමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයැයි පෙරේදා (05දා) පැවති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී යෝජනා වී ඇති අතර පසුව එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කර ඇත.
එහිදී එම නායකයන්ද ඒකමතිකව යෝජනාවට කැමැත්ත පළ කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පවයි.
ඒ අනුව එම යෝජනාවට අත්සන් ලබා ගැනීම අද සිටම ආරම්භ කර මෙම සතිය තුළ විශ්වාසභංගය කථානායකවරයා වෙත භාරදීමට ද තීරණය කළ බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..