News Category
From Date
To Date
Maximum Number of Result

හරක් කටා සහ කුඩු සළිඳුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාම සඳහා සැළසුම් කළේ යැයි කියනු ලබන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වන ‘මිදිගම චූටි’ සහ ‘ජිලේ’ නමැති අපරාධකරුවන් දෙදෙනා මැලේසියාවේ දී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

"සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවා රජයේ පොල් ඉඩම් එම ආයතනයට ලබාදුන්නේ කිරි ගවයින් අභිජනනය කර ගොවීන්ට ලබාදීම සහ ගොවිපොළ යොදාගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහායි.

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති බව වාර්තා වේ.

අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල (2022) මේ සතිය මැද නිකුත්කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

හිටපු පරිසර ඇමැති නසීර් අහමඩ් මහතා අමාත්‍යවරයාව සිටි කාල සීමාවේදී ඒ මහතාට නිකුත් කර තිබූ රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමෙන් යුත් අධිසුඛෝපභෝගී ජීප් රථ දෙක ඇමැති ධුරය අහිමි වීමෙන් පසුව ආපසු භාර නොදී සිය පාවිච්චියට යොදාගෙන සිටින බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් සියයට විස්සක් තුන් මාසයක කාලයක් දක්වා වසා තැබීමට තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පවසා ඇති බව වාර්තා වේ.

කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.

විනය විරෝධීව හැසිරෙන ලදැයි කියන මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් මේ සතියේදී විශේෂ ප්‍රමුඛත්වය දක්වා විභාග කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතාට උපදෙස්දී ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

බහාලුම් මගඩිය ජනවරමට පටහැනියි - ජාතික සංවිධානවලින් චෝදනා (වීඩියෝ)

සිදුව ඇතැයි කියන බහාලුම් මගඩිය ජාතික ජනබලවේගයේ ජනවරමට පටහැනි බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසනත් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා කොළඹ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවේදීය.

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම සදහා ඩලස්ගෙන් ප්‍රශ්න 6ක්

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

ලාංකිකයින් 3065 දෙනෙකු ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීමෙන් විශාල බදු මුදලක් අහිමි වෙන්න පුළුවන් - විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක

පසුගිය දා රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක මහතා පවසන්නේ ‌මෙම කන්ටේනර් මගින් ලබාගැනීමට තිබූ විශාල බදු මුදලක් රටට අහිවි වෙන්නට ඇති ඉඩ කඩ වැඩි බවයි.

හිටපු ජනපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – නීතියක් ගෙනාවත් අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවේ - ප්‍රතිභා මහානාම

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)

කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.

කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.

ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්‍රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී

කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ඊයේ(29) පවසා සිටියේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිරිස තිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක් වන ග්වාන්ටනාමෝ නාවික කඳවුරට යැවීමට එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.