News Category
From Date
To Date
Maximum Number of Result

දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.

ටැමිල්ඔලි නම් වෙබ් අඩවිය ඔස්සේ පසුගිය සඳුදා (27 දා) ප්‍රභාකරන්ගේ මියගිය දියණියගේ යැයි කියැවෙන කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ වීඩියෝවක් විකාශය කර ඇති බව වාර්තා වේ.

අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබේ.

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා “ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට” එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මඩුවන්වෙල නින්ද ගම වත්ත ඉඩමෙන් කොටසක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මතභේදයකට පැටලුණු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තනතුරෙන් ඉවත්කරනු ලැබීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනම ඉවත්කරලීම උදෙසා සුබවාදී බලපෑමක් ඇතිකළ හැකි බවයි.

රට අන්ත අසරණ තත්වයකට වැටී තිබුණු මොහොතේදී සියලු දෙනා කැපවී මේ පාලනය ගෙන ඒමට ඉදිරිපත් වුණේ හොරකම් දූෂණ කිරීමට ඉඩදී ඇස් කන් පියාගෙන බලා සිටීමට නොවේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය, පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

පාරිභෝගිකයන්ට අවශ්‍ය සීනි සහ සහල් වෙළෙඳපොළට නිකුත් නොකර සඟවා ගෙන සිටින වෙළෙඳසල් වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ සහාය පොලිස්පතිවරයා මාර්ගයෙන් ඉල්ලා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් ඒකකයේ ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය වීරසිංහ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

බහාලුම් මගඩිය ජනවරමට පටහැනියි - ජාතික සංවිධානවලින් චෝදනා (වීඩියෝ)

සිදුව ඇතැයි කියන බහාලුම් මගඩිය ජාතික ජනබලවේගයේ ජනවරමට පටහැනි බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වසනත් බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ පසුගියදා කොළඹ පැවැති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවේදීය.

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම සදහා ඩලස්ගෙන් ප්‍රශ්න 6ක්

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍ය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.

ලාංකිකයින් 3065 දෙනෙකු ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ සූදානමක්

නව අමෙරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය නිවේදනය කර ඇත.

පරීක්ෂාවකින් තොරව බහාලුම් පිට කිරීමෙන් විශාල බදු මුදලක් අහිමි වෙන්න පුළුවන් - විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක

පසුගිය දා රේගුවෙන් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධයෙන් අදහස් දක්වන විශ්‍රාමික රේගු අධ්‍යක්ෂක නීතිඥ එස්.කේ.එස්. සේනානායක මහතා පවසන්නේ ‌මෙම කන්ටේනර් මගින් ලබාගැනීමට තිබූ විශාල බදු මුදලක් රටට අහිවි වෙන්නට ඇති ඉඩ කඩ වැඩි බවයි.

හිටපු ජනපති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් – නීතියක් ගෙනාවත් අදාළ වන්නේ ඉදිරියට මිස අතීතයට නොවේ - ප්‍රතිභා මහානාම

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පනතක් ගෙන ආවද එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ නොහැකි බව ජනාධිපති නීතිඥ ප්‍රතිභා මහානාම මහතා පවසයි.

පරීක්ෂාවකින් තොරව බහාලුම් දහස් ගාණක් වරාය නිදහස් කරලා.. වැඩේ පටන් අරන් තියෙන්නෙ 2024 මුල් කාලයේ.. ජවිපෙ වෘත්තීය සමිති පාලන අධිකාරියත් එක්ක ගැටුමක - ශමීන්ද්‍රගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)

කිසිඳු රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් වරාය පරිශ්‍රයෙන් පිටවීම මේ වන විට රටේ ආන්දෝලනයකට ලක්ව ඇති පසුබිමක මේ සම්බන්ධයෙන් සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව ගැටලුවක් නොමැති බවෙත් එය රජය භාරගන්නා බවටත් සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ එම ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍යවරයා තොරතුරු සොයා බලා පැවසූ ප්‍රකාශයක් ද යන්න ගැටලුවක් බවයි.

කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකථන වාර්තා ඉල්ලයි

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.

ගුවන්තනාමෝ නාවික කඳවුර වෙත සංක්‍රමනිකයන් යැවීම පිළිබඳ ඇමරිකානු නිවේදනය කියුබානු ජනාධිපතිවරයා හෙළා දකී

කියුබානු ජනාධිපති මිගෙල් ඩියාස්-කැනෙල් ඊයේ(29) පවසා සිටියේ අමෙරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයන් පිරිස තිවිරෝධී ලෙස අත්පත් කරගත් කියුබානු භූමියක් වන ග්වාන්ටනාමෝ නාවික කඳවුරට යැවීමට එක්සත් ජනපදය විසින් කරන ලද නිවේදනය ම්ලේච්ඡ ක්‍රියාවක් බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.