කොළඹ පාසලේ ගුරුවරියන් හා ශිෂ්‍ය නායකගේ වීඩියෝවලින් කියන්නේ සමාජ මාධ්‍ය නියාමනයක් ඕනෑ කියලයි... - නලින්ද ජයතිස්ස
කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ගුරුවරියන් සහ ශිෂ්‍ය නායකයෙකු සම්බන්ධ කරගනිමින් හුවමාරු වන අසභ්‍ය වීඩියෝ දර්ශන මඟින් වර්තමාන සමාජයේ පවතින බරපතල සදාචාරාත්මක පිරිහීම මනාව පිළිබිඹු වන බව රජයේ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ පිළිබඳව විධිමත් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අදාළ සිදුවීමට සම්බන්ධ පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර ඇත.
මෙවැනි සංවේදී පුවත් වාර්තා කිරීමේදී ප්‍රධාන පෙළේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද පුරවැසියා කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතුය.
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ ස්වයං නියාමනයක් සිදු නොවන්නේ නම්, ඉදිරියේදී රජයට ඒ සඳහා නිසි නියාමන ක්‍රමවේදයන් හඳුන්වා දීමට සිදුවන බව අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.
සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රචාරය වීම පාලනය කිරීම සඳහා දැනට පවතින නීතිමය රාමුව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..