වෛද්‍යවරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ.. වර්ජනය තීව්‍ර කරන්න අන්තිම දැනුම් දීම කරයි..
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට අසමත් වීම හේතුවෙන් ප්‍රකාශයට පත් කරන ලද අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග මාලාව.
මෙරට රෝහල් පද්ධතිය සහ වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලු සඳහා කාලරාමුවක් සහිතව විසඳුම් ලබා දී නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දුන් එකඟතා ක්‍රියාත්මක නොකිරීමේ පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ගයන් වෙත එළඹිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිදු විය.
එම වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි වත්මන් ප්‍රවණතාවයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිවයින පුරා ඇති ශාඛා සමිති නියෝජනය කරන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්විමක් සංගමයේ මුලස්ථානයේදි පැවැත්විණ.
මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍ය නිලධාරින් යන සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් සහභාගි වන ලදී.
එහිදි, ප්‍රධානතම වශයෙන් දැනට සිදුකරගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව ද වෛද්‍ය වෘත්තිකයින් ලෙස ඉහත කාණ්ඩ ත්‍රිත්වයටම මුහුණු පෑමට සිදු වී ඇති ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. මෙහිදි අප විසින් වෛද්‍යවරුන් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූල්‍ය සහ මූල්‍ය නොවන ඉල්ලීම් වන්නේ,
· සියලු කාණ්ඩවල වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා වෛද්‍ය සේවය” නමින් සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
· වෛද්‍යවරුන්ගේ DAT දීමනාව යාවත්කාලීන කිරීම
· 22/99 චක්‍රලේඛණයට විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම
· අමතර රාජකාරි දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම
· පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම
· අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යව යාවත්කාලීන කිරීම (Carder Revision)
· ඉහත ගැටලු කාල රාමුවක් සහිතව විසඳිම සඳහා 2026.01.05 දින සිට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම
එහිදි, මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අපොහොසත් වීමත්, සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහුගේ පොරොන්දු කඩකිරීමත් මධ්‍යම කාරක සභාවේ දැඩි විවේචනයට ලක් විය. ඊට අමතරව වෛද්‍යවරුන් මුහුණපාන මූල්‍යමය ගැටලු මෙන්ම මූල්‍යමය නොවන ගැටලු වන ආරක්ෂාව, නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම්, වෛද්‍ය හිඟය සහ අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව යාවත්කාලීන නොවීම, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන්ගේ හිඟය, ඖෂධ හිඟය ආදිය නිසා රෝගී සත්කාර සේවාවන් සැපයීමේදි වෛද්‍යවරුන්ට මුහුණු දීමට සිදු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා වන ලදී.
එම කරුණු පාදක කරගනිමින් මධ්‍යම කාරක සභාව පහත සඳහන් තිරණ සඳහා ඒකමතිකව එළඹෙන ලදී.
1. දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඒ ආකාරයටම අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාම. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නම්,
රෝහල තුල නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම.
දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම.
අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.
රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම.
2. සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටලුවට සාධනීය ලෙස විසඳුමකට එළඹ, එය ප්‍රකාශයට පත් කරමින් මහජනතාවට ඉදිරියේදි සිදු විය හැකි පීඩාවක් වේ නම් එය වළක්වා ගැනීමට ඉදිරි පැය 48 ක කාලයක් ලබා දීම.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය දිගින් දිගටම අත්තනෝමතික සහ උද්ධච්ච හැසීරිමක් පෙන්නුම් කරමින් වෛද්‍යවරුන්ගේ සහ මහජනතාවගේ හඩට ඇහුම්කන් නොදෙමින් විසඳුමකට එළඹීම සඳහා අපොහොසත් වන්නෙ නම් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවශ්‍ය ඕනෑම ආකාරයකට තව දුරටත් තිව්‍ර කිරීමේ තීරණ ගැනීම උදෙසා මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාවට පූර්ණ බලතල පවරන ලදී.
යම් හෙයකින් 23000 කට අධික වෛද්‍ය ප්‍රජාවගේ සහ සෞඛ්‍ය පද්ධතියේ දැවෙන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ආරම්භක පියවරක් හෝ නොගනිමින් අත්තනෝමතික, උද්ධච්ච සහ වගකීම් විරහිත ස්වරුපයෙන් කටයුතු කරන්නේ නම් එමඟින් සිදු වන මහජන අපහසුතාවය සඳහා වගකීම සෞඛ්‍ය අමත්‍යවරයා සහ රජය විසින් භාර ගත යුතු බව මෙයින් යලිත් අවධාරණය කර සිටිමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..