ඇගළුම් අපනයන ආදායම වැටේ.. මැණික්, ස්වර්ණාබරණ, කුළුබඩු ආදායමත් පහලට..
ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම අඩුවී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ තොරතුරු සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 447.25 ක් (හාරසිය හතළිස් හතයි දශම දෙකයි පහ) වන අතර, ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 460.22 කි (හාරසිය හැටයි දශම දෙකයි දෙකයි).
මේ අනුව, මේ වසරේ ජනවාරි මාසයේදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව සියයට 2.82 කින් (දෙකයි දශම අටයි දෙක) අඩුවී ඇත.
ඇඟලුම් සහ රෙදිපිළිවලට අමතරව ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී කුළුබඩු සහ සගන්ධ තෙල්, දියමන්ති,මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායමද අඩුවී තිබේ.
කුළුබඩු සහ සගන්ධ තෙල් අපනයන ආදායම ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 4.57 කින්ද (හතරයි දශම පහයි හත), දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ අපනයන ආදායම ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 10.96 කින් (දහයයි දශම නමයයි හයකින්) අඩුවී ඇත.
රටවල් ලෙස ගත්විටද ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ අපනයන කාර්ය සාධනයට අනුව ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබී තිබෙන ආදායම ඍණ 0.90 කින් (දශම නමයයි බිංදුව) අඩුවී ඇත.
ඉකුත් වසරේ (2025) ජනවාරි මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට භාණ්ඩ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 260 ක ආදායම ලැබී ඇති අතර,මේ වසරේ ජනවාරි මාසයේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 258 කට ආසන්න අගයක් දක්වා අඩුවී ඇත.
එමෙන්ම,ඉකුත් වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය සහ කැනඩාව යන රටවලින් ලැබී තිබෙන අපනයන ආදායමද අඩුවී තිබේ.
ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායම අඩුවීමට බලපාන ලද කරුණු සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහගෙන් මාධ්‍යවේදියකු කරන ලද විමසීමකදී කියා සිටියේ ඇඟලුම් අපනයනයේ අඩුවක්වී නොමැති බවය.
- සාලිය කුමාර ගුණසේකර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..