News Category
From Date
To Date
Maximum Number of Result

කොලොම්බියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාමාංශික පෙරමුණට ජය..

Mar 11, 2026 at 08:33 AM
|

කොලොම්බියාවේ මාර්තු 08 වැනිදා පැවැති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ජනාධිපති  Gustavo Petroගේ "එයතිහාසික වාමාංශික පෙරමුණ" ආසන 25ක්(22%) ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙසත්, සෙනට් සභාවේ 22.73% ක් ද දිනා ගැනීමට වාමාංශික පෙරමුණ සමත් වී ඇතැයි වාර්තා වේ. 

මෙම ජයග්‍රහණයත් සමග ලබන මැයි 31 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන Iván Cepeda පළමු වටයේදී 30%ක් ලබා ගනු ඇති බවට ද එරට මැතිවරණ මත විමසීම් මගින් තහවුරු කර ඇත.  

මැයි අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පරීක්ෂණයක් ලෙස මාර්තු 08 වන ඉරිදා පැවැත් වුනු මහා මැතිවරණයෙන් ජනාධිපති Gustavo Petroගේ නායකත්වයෙන් යුත් ඓතිහාසික ගිවිසුම් සන්ධානය(historic pact) නම් වාමාංශික පෙරමුණ එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙස මතුවීම ඔහු විසින් ආරම්හ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට හැකියාව ලබා දෙනු ඇත. එසේම ඔහුගේ නායකත්වයෙන් යුත් එම වාම පෙරමුණට ප්‍රධාන දක්ෂිණාංශික විපක්ෂ බලවේගයට වඩා සෙනෙට් සභාවේ විශාලතම නියෝජනය ද මෙම මැතිවරණයෙන් ලැබී ඇත. 2022 දී මෙන්, කොංග්‍රසයේ වාමාංශිකයින් තම ප්‍රගතිය තහවුරු කර ගෙන ඇත, එය රටේ ඉතිහාසයේ නව ප්‍රවණතාවයක් ලෙස සැලකේ. 

මෙම දේශපාලන ව්‍යාපාරයෙන් පළමු ජනාධිපතිවරයා බවට පත් වූ සහ බලයට පත් වූ පළමු හිටපු ගරිල්ලා නායකයා Gustavo Petro වන අතර පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය මගින් ද ඔහු පිලිබඳ විශ්වාසය වැඩි වී ඇති අතර වමේ බලය තව දුරටත් රට තුල තහවුරු වී ඇත. කොලොම්බියාව යනු දීර්ඝ කාලයක් පුරා ඇමරිකාවේ ග්‍රහණයට හා එරට සහය ලැබූ කොමියුනිස්ට් විරෝධී දක්ෂිණාංශික පක්ෂ දශක හතරක් පුරා පාලනය කල රටක් වන අතර වසර 60ක පමණ කාලයක සිට ගරිල්ලා යුද්ධ වලින් හෙම්බත් වූ රාජ්‍යයයකි.

ඒ අනුව ලබන මැයි 31 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් Gustavo Petro නැවත මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් වීම හේතුවෙන් ඔහුගේ අනුපාප්ත්‍රිකයා ලෙස ඔහුගේ පක්ෂය නියෝජනය කරන වාමාංශික සෙනෙට් සභික Ivan Cepeda සහ දක්ෂිණාංශික නීතිඥ Abelardo de la Espriella. අතර දැවැන්ත තරඟයක් ඇති වීමට ඉඩ ඇති බව දකුණු ඇමරිකානු දේශපාලන විශේෂඥයයින් පෙන්වා දේ. එසේම ජුනි 21 වන දින ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වෙනු ඇතැයි ද ඇතැම් මත විමසුම් පුරෝකථනය කරයි.

"අද, අපගේ ධූර කාලයේ දෙවන භාගය ආරම්භ වන්නේ ශක්තිමත් කන්ඩායමක් ලෙසයි ,"යයි  එයතිහාසික වාම සංධානයේ ජනාධිපති අපේක්ෂක Ivan Cepeda මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

"රටේ කොංග්‍රසය තුල විශාලතම පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස වම ජයග්‍රහණය කිරීම ඉතා බරපතල තත්වයක්" යයි දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත  Abelardo de la Espriella එහිදී මාධ්‍ය වෙත පවසා සිටියේ දැඩි ආවේගයකිනි. ඔහුගේ අන්ත දක්ෂිණාංශික "ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය" නම් පක්ෂය දෙවන ස්ථානයට පත් වූයේ ඡන්දයෙන් 15.61% ක් ලබා ගනිමින්ය. එහි නිර්මාතෘ, හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ (2002-2010), සෙනෙට් සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ වද තේරී පත් නොවූ බව වාර්තා වේ.

Gustavo Petroගේ අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්තියට සති තුනකට පමණ පසු, නව කොංග්‍රසය ජූලි 20 වන දින රැස්වීමට නියමිතව ඇත. මැයි 31 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂකයා වන Ivan Cepeda යම් විදියකින් තේරී පත් වුවහොත්  Gustavo Petro ආරම්හ කල වාමාංශික ප්‍රතිසංස්කරණ දිගටම පවත්වාගෙන යාම වේගවත් වනු ඇත. නමුත් එය සාර්ථක කර ගැනීමට සහාය දක්වන බහුතර කොංග්‍රසයක් අවශ්‍ය වනු ඇත. බහුතර දක්ෂිණාංශික හා ලිබරල් වාදීන්ගෙන් සමන්විත වර්තමාන කොංග්‍රසය, ඔහු ඉදිරිපත් කල අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ රාශියක් කඩා කප්පල් කරනු ලැබූ අතර, ඇතැම් සමාජ ප්‍රතිසංස්කරණ අනුමත කරනු ලැබූවේය. ඉඩම් ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය සේවා පද්ධතියේ වෙනස්කම් සහ ධනවත්ම පුරවැසියන් සඳහා බදු වැඩි කිරීම් සඳහා ඉදිරිපත් කල යෝජනා සම්මත කිරීම වර්තමාන කොංග්‍රසය එම ප්‍රතිගාමී බහුතර චන්දයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

මෙම තත්වය මත Gustavo Petro කොංග්‍රසයේ විපක්ෂ නීති සම්පාදකයින්ට ප්‍රතිචාර දැක්වූයේ ජනතාව පාරට බස්සවා දැවැන්ත පෙළපාලි සංවිධානය කිරීමෙනි. එම විශාල ජනතා රැලි වලදී ඔහු කොංග්‍රසයට එරෙහිව ගිනිමය කථා පැවැත්වූ අතර කොංග්‍රසයේ විපක්ෂ සාමාජිකයින්ගෙන් සමහරක් සිදු කල බොහෝ දූෂණ වංචා ජනතාව ඉදිරියේ හෙළි කර සිටියේය.

2025 දී දක්ෂිණාංශික ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට සිටි මිගෙල් උරිබ් ඝාතනය කිරීම ඇතුළුව මෑත මාසවලදී දේශපාලන චරිතවලට එරෙහිව සිදු කරන ලද බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොතකා ඡන්දය සාමකාමීව සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. මැතිවරණ ව්‍යාපාරය ආරම්හ යේ සිටම ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගිය අතර, ප්‍රධාන වශයෙන් කොලොම්බියාව ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයා වන අතර කොකේන් වෙළඳපොළ පාලනය කිරීම සඳහා තරඟ කරන සන්නද්ධ පාතාල කණ්ඩායම්, පැරාමිලිටරි කණ්ඩායම්, කර්ටෙල් විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ලදී. දක්ෂිණාංශ පෙරමුණ මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා ජාතික ආරක්ෂාව සඳහා ELN හා FARC ගරිල්ලා කණ්ඩායම් මර්දනය කරන බවට පොරොන්දු වන අතර, Gustavo Petro ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ එම කණ්ඩායම් හා ශක්තිමත් වූ සන්නද්ධ පාතාල කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහයක් ගනු ලැබූ අතර ඔහු සාමය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටී.

කොලොම්බියාවේ අන්ත දක්ෂිණාංශික පෙරමුණට නායකත්වය දෙනු ලබනුයේ මෙම මැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ වන අතර සාක්ෂිකරුවන් හා සාක්ෂි විකෘති කිරීම සහ ක්‍රියා පටිපාටි වංචා සම්බන්ධයෙන් වසර 12 ක නිවාස අඩස්සියේ තැබීමේ දඬුවමක් අධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසු නිදහස් වී මැතිවරණ ප්‍රවාහය තුල ගරිල්ලා විරෝධී ව්‍යාපාරය ජනතාව තුල ගිල්ලවීමට අසීමිත ලෙස මුදල් වියදම් කරමින් සිටි.

මෙම මැතිවරණයට තරඟ වදින හිටපු FARC ගරිල්ලන් ද සිටි අතර, ඔවුන් 2016 දී කොලොම්බියානු රාජ්‍යය සමඟ සාම ගිවිසුමෙන් පසු දේශපාලනයට පිවිස ඇති අතර, මෙවර ඔවුන්ට සහතික කළ ආසන ප්‍රමාණය ලබා ගැනීමට ඔවුන් අපෝසත් වී තිබිණි.

මැතිවරණය සාමකාමීව පැවැත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද සඳුදා කොලොම්බියානු ජනතාවට හා ජනාධිපති Gustavo Petroහට සුබ පැතුවේය. ආරක්ෂිත මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ සාමය ගොඩනැගීමට සහාය වීම සම්බන්ධයෙන් ගුටරෙස් කොලොම්බියානු බලධාරීන්ට ප්‍රශංසා කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සාම උත්සාහයන් ඉදිරියට ගෙන යාමේදී අනාගත කොංග්‍රසයේ “තීරණාත්මක කාර්යභාරය” ඉතා දැඩිව අවධාරණය කළේය. විශේෂයෙන් 2016 නොවැම්බර් මාසයේදී කොලොම්බියානු රජය සහ FARC-EP ගරිල්ලන් අතර අත්සන් කරන ලද අවසන් ගිවිසුම යටතේ නිර්මාණය කරන ලද “සාම මැතිවරණ කොට්ඨාශ” 16 කින් වසර 60ක යුද්ධයේ වින්දිතයින් මැතිවරණය නියෝජනය කිරීම, පැරණි ගරිල්ලා කණ්ඩායම් චන්දයට ඉදිරිපත් වීමට සැලැස්වීම සහ පිරිමින් සහ කාන්තාවන් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු කොලොම්බියානු බලධාරීන්ට තම ස්තුතිය පල කළේය.

කෙසේවෙතත් මැතිවරණය ජයග්‍රහණයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 17ක් සමග එක් වී ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදකයා වන කොලොම්බියාව නොමැතිව මත්ද්‍රව්‍යවලට එරෙහිව මිලිටරි සන්ධානයක් ගොඩ නගන ලද බව මාර්තු 09 වනදා නිවේදනය කරනු ලැබුවේය. මෙම යුධ පෙරමුණට වාමාංශික පාලනයන් නියෝජනය කරන මෙක්ෂිකෝවට හා බ්‍රසිලයටද ආරාධනා කර තිබුනේ නැත.  

මෙම නව මිලිටරි සංධානය තුලට තම රට ඇතුලත් නොකර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 17 ක් සමග නිර්මාණය කිරීම Gustavo Petro විවේචනය කල අතර "කොකේන් ඇතුළු භයානක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, කොලොම්බියාවේ අත්දැකීම් එයට එරෙහිව සටනේදී අත්‍යවශ්‍ය බව මාධ්‍ය වෙත පවසා සිටියේය. මේ අතර මාර්තු 09 වැනිදා මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් තම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීති විරෝධී ලෙස අවි ප්‍රවාහනය නතර කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම කණ්ඩායම්වලට එරෙහි සටනේදී ඇගේ රජයේ වාර්තාව විවේචනය කිරීමෙන් පසුවය.

මෙම නව මිලිටරි සංධානය නිර්මාණය කිරීමේ සැබෑ ඇමරිකානු අරමුණ කුමක් වුවත් එය ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදනය සිදු කරන කොලොම්බියාව ඉවත් කිරීම මැයි 31 වනදා එරට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂක Ivan Cepeda හා ජනාධිපති Gustavo Petro හට තීරණාත්මක සටනක් සඳහා සුදානම් වන ලෙසට කරන පෙරහුරුවක් විය හැකි යයි දේශපාලන නිරීක්ෂකයින් මේ අතර අනතුරු හඟවයි.

- පැරීසියේ සිට සමන් මුදුන්කොටුව

colombosinhalawire

සම්බන්ධිත පුවත් | Related News

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.
සෞදි අරාබියේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටවීමට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණයකට මුහුණ දෙනු ඇති බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවා තිබේ.
බ්‍රිතාන්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේදී 3.5% දක්වා ඉහළ ගොස් ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය (ONS) නිකුත් කළ නවතම දත්ත වාර්තා කරයි.
ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.
විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගනිමින් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට රියාද් පාලනය තර්ජනය කර තිබියදීත්, හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියේ තෙල් යටිතල පහසුකම් සහ ගුවන් තොටුපළවල් ඉලක්ක කර අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කියුබානු ජනරජයට එරෙහිව පනවා ඇති ආර්ථික, වෙළඳ සහ මුල්‍ය සම්බාධක වහාම අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් රුසියානු ෆෙඩරල් මහ සභාවේ ෆෙඩරේෂන් මණ්ඩලය විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.