News Category
From Date
To Date
Maximum Number of Result

කොලොම්බියාවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් වාමාංශික පෙරමුණට ජය..

Mar 11, 2026 at 08:33 AM
|

කොලොම්බියාවේ මාර්තු 08 වැනිදා පැවැති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ජනාධිපති  Gustavo Petroගේ "එයතිහාසික වාමාංශික පෙරමුණ" ආසන 25ක්(22%) ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇතැයි වාර්තා වේ. විශේෂයෙන් එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙසත්, සෙනට් සභාවේ 22.73% ක් ද දිනා ගැනීමට වාමාංශික පෙරමුණ සමත් වී ඇතැයි වාර්තා වේ. 

මෙම ජයග්‍රහණයත් සමග ලබන මැයි 31 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන Iván Cepeda පළමු වටයේදී 30%ක් ලබා ගනු ඇති බවට ද එරට මැතිවරණ මත විමසීම් මගින් තහවුරු කර ඇත.  

මැයි අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර පරීක්ෂණයක් ලෙස මාර්තු 08 වන ඉරිදා පැවැත් වුනු මහා මැතිවරණයෙන් ජනාධිපති Gustavo Petroගේ නායකත්වයෙන් යුත් ඓතිහාසික ගිවිසුම් සන්ධානය(historic pact) නම් වාමාංශික පෙරමුණ එරට කොංග්‍රසයේ ප්‍රමුඛ බලවේගයක් ලෙස මතුවීම ඔහු විසින් ආරම්හ කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමට හැකියාව ලබා දෙනු ඇත. එසේම ඔහුගේ නායකත්වයෙන් යුත් එම වාම පෙරමුණට ප්‍රධාන දක්ෂිණාංශික විපක්ෂ බලවේගයට වඩා සෙනෙට් සභාවේ විශාලතම නියෝජනය ද මෙම මැතිවරණයෙන් ලැබී ඇත. 2022 දී මෙන්, කොංග්‍රසයේ වාමාංශිකයින් තම ප්‍රගතිය තහවුරු කර ගෙන ඇත, එය රටේ ඉතිහාසයේ නව ප්‍රවණතාවයක් ලෙස සැලකේ. 

මෙම දේශපාලන ව්‍යාපාරයෙන් පළමු ජනාධිපතිවරයා බවට පත් වූ සහ බලයට පත් වූ පළමු හිටපු ගරිල්ලා නායකයා Gustavo Petro වන අතර පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය මගින් ද ඔහු පිලිබඳ විශ්වාසය වැඩි වී ඇති අතර වමේ බලය තව දුරටත් රට තුල තහවුරු වී ඇත. කොලොම්බියාව යනු දීර්ඝ කාලයක් පුරා ඇමරිකාවේ ග්‍රහණයට හා එරට සහය ලැබූ කොමියුනිස්ට් විරෝධී දක්ෂිණාංශික පක්ෂ දශක හතරක් පුරා පාලනය කල රටක් වන අතර වසර 60ක පමණ කාලයක සිට ගරිල්ලා යුද්ධ වලින් හෙම්බත් වූ රාජ්‍යයයකි.

ඒ අනුව ලබන මැයි 31 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් Gustavo Petro නැවත මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් වීම හේතුවෙන් ඔහුගේ අනුපාප්ත්‍රිකයා ලෙස ඔහුගේ පක්ෂය නියෝජනය කරන වාමාංශික සෙනෙට් සභික Ivan Cepeda සහ දක්ෂිණාංශික නීතිඥ Abelardo de la Espriella. අතර දැවැන්ත තරඟයක් ඇති වීමට ඉඩ ඇති බව දකුණු ඇමරිකානු දේශපාලන විශේෂඥයයින් පෙන්වා දේ. එසේම ජුනි 21 වන දින ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වෙනු ඇතැයි ද ඇතැම් මත විමසුම් පුරෝකථනය කරයි.

"අද, අපගේ ධූර කාලයේ දෙවන භාගය ආරම්භ වන්නේ ශක්තිමත් කන්ඩායමක් ලෙසයි ,"යයි  එයතිහාසික වාම සංධානයේ ජනාධිපති අපේක්ෂක Ivan Cepeda මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

"රටේ කොංග්‍රසය තුල විශාලතම පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස වම ජයග්‍රහණය කිරීම ඉතා බරපතල තත්වයක්" යයි දක්ෂිණාංශික කඳවුර නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත  Abelardo de la Espriella එහිදී මාධ්‍ය වෙත පවසා සිටියේ දැඩි ආවේගයකිනි. ඔහුගේ අන්ත දක්ෂිණාංශික "ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය" නම් පක්ෂය දෙවන ස්ථානයට පත් වූයේ ඡන්දයෙන් 15.61% ක් ලබා ගනිමින්ය. එහි නිර්මාතෘ, හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ (2002-2010), සෙනෙට් සභාවට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ වද තේරී පත් නොවූ බව වාර්තා වේ.

Gustavo Petroගේ අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්තියට සති තුනකට පමණ පසු, නව කොංග්‍රසය ජූලි 20 වන දින රැස්වීමට නියමිතව ඇත. මැයි 31 පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂකයා වන Ivan Cepeda යම් විදියකින් තේරී පත් වුවහොත්  Gustavo Petro ආරම්හ කල වාමාංශික ප්‍රතිසංස්කරණ දිගටම පවත්වාගෙන යාම වේගවත් වනු ඇත. නමුත් එය සාර්ථක කර ගැනීමට සහාය දක්වන බහුතර කොංග්‍රසයක් අවශ්‍ය වනු ඇත. බහුතර දක්ෂිණාංශික හා ලිබරල් වාදීන්ගෙන් සමන්විත වර්තමාන කොංග්‍රසය, ඔහු ඉදිරිපත් කල අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ රාශියක් කඩා කප්පල් කරනු ලැබූ අතර, ඇතැම් සමාජ ප්‍රතිසංස්කරණ අනුමත කරනු ලැබූවේය. ඉඩම් ප්‍රතිසංස්කරණ, සෞඛ්‍ය සේවා පද්ධතියේ වෙනස්කම් සහ ධනවත්ම පුරවැසියන් සඳහා බදු වැඩි කිරීම් සඳහා ඉදිරිපත් කල යෝජනා සම්මත කිරීම වර්තමාන කොංග්‍රසය එම ප්‍රතිගාමී බහුතර චන්දයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

මෙම තත්වය මත Gustavo Petro කොංග්‍රසයේ විපක්ෂ නීති සම්පාදකයින්ට ප්‍රතිචාර දැක්වූයේ ජනතාව පාරට බස්සවා දැවැන්ත පෙළපාලි සංවිධානය කිරීමෙනි. එම විශාල ජනතා රැලි වලදී ඔහු කොංග්‍රසයට එරෙහිව ගිනිමය කථා පැවැත්වූ අතර කොංග්‍රසයේ විපක්ෂ සාමාජිකයින්ගෙන් සමහරක් සිදු කල බොහෝ දූෂණ වංචා ජනතාව ඉදිරියේ හෙළි කර සිටියේය.

2025 දී දක්ෂිණාංශික ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට සිටි මිගෙල් උරිබ් ඝාතනය කිරීම ඇතුළුව මෑත මාසවලදී දේශපාලන චරිතවලට එරෙහිව සිදු කරන ලද බොහෝ ප්‍රචණ්ඩ ක්‍රියා නොතකා ඡන්දය සාමකාමීව සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. මැතිවරණ ව්‍යාපාරය ආරම්හ යේ සිටම ප්‍රචණ්ඩත්වයෙන් පිරී ගිය අතර, ප්‍රධාන වශයෙන් කොලොම්බියාව ලොව ප්‍රමුඛතම නිෂ්පාදකයා වන අතර කොකේන් වෙළඳපොළ පාලනය කිරීම සඳහා තරඟ කරන සන්නද්ධ පාතාල කණ්ඩායම්, පැරාමිලිටරි කණ්ඩායම්, කර්ටෙල් විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ලදී. දක්ෂිණාංශ පෙරමුණ මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා ජාතික ආරක්ෂාව සඳහා ELN හා FARC ගරිල්ලා කණ්ඩායම් මර්දනය කරන බවට පොරොන්දු වන අතර, Gustavo Petro ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ එම කණ්ඩායම් හා ශක්තිමත් වූ සන්නද්ධ පාතාල කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහයක් ගනු ලැබූ අතර ඔහු සාමය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටී.

කොලොම්බියාවේ අන්ත දක්ෂිණාංශික පෙරමුණට නායකත්වය දෙනු ලබනුයේ මෙම මැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති අල්වාරෝ උරිබේ වන අතර සාක්ෂිකරුවන් හා සාක්ෂි විකෘති කිරීම සහ ක්‍රියා පටිපාටි වංචා සම්බන්ධයෙන් වසර 12 ක නිවාස අඩස්සියේ තැබීමේ දඬුවමක් අධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසු නිදහස් වී මැතිවරණ ප්‍රවාහය තුල ගරිල්ලා විරෝධී ව්‍යාපාරය ජනතාව තුල ගිල්ලවීමට අසීමිත ලෙස මුදල් වියදම් කරමින් සිටි.

මෙම මැතිවරණයට තරඟ වදින හිටපු FARC ගරිල්ලන් ද සිටි අතර, ඔවුන් 2016 දී කොලොම්බියානු රාජ්‍යය සමඟ සාම ගිවිසුමෙන් පසු දේශපාලනයට පිවිස ඇති අතර, මෙවර ඔවුන්ට සහතික කළ ආසන ප්‍රමාණය ලබා ගැනීමට ඔවුන් අපෝසත් වී තිබිණි.

මැතිවරණය සාමකාමීව පැවැත් වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද සඳුදා කොලොම්බියානු ජනතාවට හා ජනාධිපති Gustavo Petroහට සුබ පැතුවේය. ආරක්ෂිත මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ සාමය ගොඩනැගීමට සහාය වීම සම්බන්ධයෙන් ගුටරෙස් කොලොම්බියානු බලධාරීන්ට ප්‍රශංසා කළේය.

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා සාම උත්සාහයන් ඉදිරියට ගෙන යාමේදී අනාගත කොංග්‍රසයේ “තීරණාත්මක කාර්යභාරය” ඉතා දැඩිව අවධාරණය කළේය. විශේෂයෙන් 2016 නොවැම්බර් මාසයේදී කොලොම්බියානු රජය සහ FARC-EP ගරිල්ලන් අතර අත්සන් කරන ලද අවසන් ගිවිසුම යටතේ නිර්මාණය කරන ලද “සාම මැතිවරණ කොට්ඨාශ” 16 කින් වසර 60ක යුද්ධයේ වින්දිතයින් මැතිවරණය නියෝජනය කිරීම, පැරණි ගරිල්ලා කණ්ඩායම් චන්දයට ඉදිරිපත් වීමට සැලැස්වීම සහ පිරිමින් සහ කාන්තාවන් තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු කොලොම්බියානු බලධාරීන්ට තම ස්තුතිය පල කළේය.

කෙසේවෙතත් මැතිවරණය ජයග්‍රහණයත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 17ක් සමග එක් වී ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදකයා වන කොලොම්බියාව නොමැතිව මත්ද්‍රව්‍යවලට එරෙහිව මිලිටරි සන්ධානයක් ගොඩ නගන ලද බව මාර්තු 09 වනදා නිවේදනය කරනු ලැබුවේය. මෙම යුධ පෙරමුණට වාමාංශික පාලනයන් නියෝජනය කරන මෙක්ෂිකෝවට හා බ්‍රසිලයටද ආරාධනා කර තිබුනේ නැත.  

මෙම නව මිලිටරි සංධානය තුලට තම රට ඇතුලත් නොකර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 17 ක් සමග නිර්මාණය කිරීම Gustavo Petro විවේචනය කල අතර "කොකේන් ඇතුළු භයානක මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, කොලොම්බියාවේ අත්දැකීම් එයට එරෙහිව සටනේදී අත්‍යවශ්‍ය බව මාධ්‍ය වෙත පවසා සිටියේය. මේ අතර මාර්තු 09 වැනිදා මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂයින්බෝම් තම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීති විරෝධී ලෙස අවි ප්‍රවාහනය නතර කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම කණ්ඩායම්වලට එරෙහි සටනේදී ඇගේ රජයේ වාර්තාව විවේචනය කිරීමෙන් පසුවය.

මෙම නව මිලිටරි සංධානය නිර්මාණය කිරීමේ සැබෑ ඇමරිකානු අරමුණ කුමක් වුවත් එය ලොව ප්‍රධාන කොකේන් නිෂ්පාදනය සිදු කරන කොලොම්බියාව ඉවත් කිරීම මැයි 31 වනදා එරට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂක Ivan Cepeda හා ජනාධිපති Gustavo Petro හට තීරණාත්මක සටනක් සඳහා සුදානම් වන ලෙසට කරන පෙරහුරුවක් විය හැකි යයි දේශපාලන නිරීක්ෂකයින් මේ අතර අනතුරු හඟවයි.

- පැරීසියේ සිට සමන් මුදුන්කොටුව

colombosinhalawire

සම්බන්ධිත පුවත් | Related News

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය සතියේ නේපාලයේ ඇති වූ ව්‍යසනකාරී ගංවතුරෙන් අවම වශයෙන් නේපාල රුපියල් බිලියන 387.5 ක් (ඩොලර් බිලියන 2.56 ක්) වටිනා දේපළ, නිවාස සහ යටිතල පහසුකම් අහිමි වූ බව එරට ආපදා අධිකාරියේ ප්‍රධානියා පවසා ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන ග්වංජු බියෙනාලේ (Gwangju Biennale) කලා උළෙලේ සංවිධායකයන් විසින් චීනයේ තායිවාන ප්‍රදේශයට එහි තත්ත්වයට සම්පූර්ණයෙන්ම නොගැළපෙන නාමයක් යටතේ සහභාගී වීමට අවසර දීම හේතුවෙන්, චීන නියෝජිතa කණ්ඩායම එම උළෙලෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාලය අද(03) නිවේදනය කළේය.
ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ ගෙන යන අඛණ්ඩ යුද්ධය “සාපේක්ෂව සුළු යුද්ධයක්” බවත්, එය හිටපු ජනාධිපති ජෝ බයිඩන් යටතේ යුක්රේනයට ලබාදුන් අතිවිශාල අවි ප්‍රමාණය හා සසඳන විට ඉතා කුඩා බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද පෙරමුණේ රුසියානු හමුදා අත්කර ගනිමින් සිටින වේගවත් ජයග්‍රහණ පිළිබඳ පැහැදිලි කරනු ලැබීය.
මැදපෙරදිග කලාපයේ දින 200කට අධික කාලයක් සක්‍රිය මෙහෙයුම්වල නිරත වූ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් 'ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ඇතුළු නෞකා ත්‍රිත්වයක් තායිලන්තයේ ලීම් චබෑන්ග් වරායට පැමිණීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
2026 අගෝස්තු 26 වනදා නේපාලය සහ චීනයේ Xizang ස්වයං පාලන කලාපය ආසන්න හිමාලයානු ප්‍රදේශය හරහා හදිසියේ මතුවූ දැවැන්ත ගංවතුර හා මඩ නායයෑම් තත්ත්වය, දේශසීමා දෙපස ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කළ ව්‍යසනයක් බවට පත්විය.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.