News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරට නිපද වූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බවට හෙළි වී තිබේ.

මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්‍ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම අනිවාර්යයෙන් කළ යුතු බවට රාජ්‍ය ඇමැතිවරුන්ගේ අති බහුතරයක් පොදුජන පෙරමුණේ නායකත්වය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

රට දැන් තිබෙන තැනින් වෙනස් කර වංගු ගැසීමට ගියොත් රට යන ගමන වෙනස් වී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රටෙන් ඉවත් වුවහොත් ජාත්‍යන්තරයේ ණයවර ලිපියක්වත් විවෘත කරගැනීමට නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තම කණ්ඩායම එක මතවාදය සිටින පිරිසක් බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා රජය ලබා ගත් විදේශ ණය මුදලක් ගෙවීම සඳහා 2023 වසරේදී ඩොලර් එකක් ලබා ගෙන ඇත්තේ රුපියල් 524.6050ක විදේශ විනිමය අනුපාතකියකට බව විගණකාධිපතිවරයා හෙළිකර ඇති බව වාර්තා වේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිතව ඇත.

2023 මැයි 18 වැනි දින දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ අගමැති ජස්ටින් ටෘඩෝ නිකුත් කරන ලද පණිවිඩයට අභියෝග කරමින් කැනඩාවේ ෆෙඩරල් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සමාලෝචන අයදුම්පත විභාගයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ දෙමළජන සංහාරයක් සිදුව නැති බව එරට ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර සිටී.

රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ස්වීඩන් ජාතික ඉවෝන් ජොන්සන් නමැති තරුණිය කෲර ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවකු වී මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිදහස් කෙරුණු ජූඩ් ශාමන්ත ජයමහ නැමැත්තා සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියා පටිපාටිය විමසා නීතිපතිවරයාට ලිපියක් යොමු කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.