News Category
From Date
To Date
Maximum Number of Result

ගිනිකොන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09දා) සවස 5.30ත් රාත්‍රි 11.30ත් අතර කාලය තුළ හම්බන්තොට සහ කල්මුණේ අතරින් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඇතුළුවීමට බොහෝ දුරට හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ඊයේ (08දා) පැවසීය. මෙම පද්ධතියේ බලපෑම ඉරිදා (11දා) තෙක් පැවතිය හැකි යැයි ද හෙතෙම කීය.

දූෂිත ටෙන්ඩරයක් මගින් බාල ගල්අඟුරු මෙරටට ආනයනය කර පාඩු සිදුකර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් LGBTQ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ආර්ම්භ වී ඇති බවත්, දස මසක් කුසේ තබාගෙන හැදූ දරුවා පාසලකට යැවීමට නොහැකි තත්ත්වයක් අද උදාවී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ සභාපතිනී කුමාරි පතිරගේ මහත්මිය පවසයි.

පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය අනුව මෙරට අධ්‍යාපනය සැකසීම කළ නොහැකි බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන බුද්ධි නන්දන කහඳවල මහතා පවසයි. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නමින් විසඳන්නට යන්නේ ලොව වඩාත් සාධාරණ විභාග ක්‍රමය බව ඔහු කියයි. SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ අධ්‍යක්ෂවරයා වන කහඳවල මහතා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මෙසේ අදහස් දක්වා සිටියේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරද්දි මුළු රටේම අවධානයට ලක්වී අැත්තේ හය වසර මොඩියුලය සම්බන්ධයෙන් බවත්, මෙය ඉතා සූක්ෂම මෙහෙයුමක් මෙනේම විජාතික වුවමනාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුවන්නත් බවත් දෙවන පරපුර පක්ෂයේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකා ෆාතිමා හර්ෂනි පවසයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසර විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ විමසා තේරුම් ගැනීම පිළිබඳ අභ්‍යාසයක් බව අධ්‍යාපන ඇමතිනි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

රජයේ රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවට, පෞද්ගලික අංශයට රජයේ රෝහල් තුළ සේවා සැපයීමට අවස්ථාව ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නව කැබිනට් පත්‍රිකාව මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට එල්ල කරන බරපතළ අභියෝගයක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන බව පවසමින්, ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණෙන 6 වසරෙහි සිසුන් ඉලක්ක කරමින් LGBTQ මතවාද සියුම්ව ළමුන්ගේ මනස තුල කාවැද්දීමට පාඩම් මාලා සැකසීම සම්බන්ධ්යෙන් සෘජුව දායකත්වය දුන් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනෙවියගේ ක්‍රියා කලාපයට එරෙහිව සමාජයෙන් එල්ල වූ දැඩි පීඩනය සමනය කිරීමට නිවේදනයක් නිකුත් කළ පිරිස සම්බන්ධයෙන් මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය බරපතල චෝදනාවක් එල්ල කරයි.

පෙළපොතට ඇතුලත් කරන ලද අසැබි වෙබ් අඩවිය අත්වැරදීමක් හෝ කුමන්ත්‍රණයක් නොවන බවත් පියවරෙන් පියවර යම්කිසි කණ්ඩායමක් හෝ සංවිධානයක උවමනාව මත සිදුවන්නක් බවත් අර්බන් සිටිසන් සංවිධානය පවසයි.


ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.