News Category
From Date
To Date
Maximum Number of Result

නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.

අපි 2023 වසරට සමුදෙන්නෙමු. ඉතා ඉක්මනින් 2023 වර්ෂය ඉතිහාසයේ කොටසක් බවට පත්වනු ඇති අතර අනාගතය නිර්මාණය කිරීම පිණිස අපට ඉදිරියට යාමට සිදුවනු ඇත. පසුගිය වසර තුළ අපි ඉතා වෙහෙස මහන්සි වී වැඩ කර බොහෝ දේ ඉටු කර ඇත්තෙමු. අපි අපේ පොදු ජයග්‍රහණ ගැන ආඩම්බර වෙමින් අපගේ සාර්ථකත්වයන් ගැන සතුටු වූවෙමු. අපගේ ජාතික අවශ්‍යතා, අපගේ නිදහස සහ ආරක්ෂාව අපගේ අත්හල නොහැකි පදනම බව ගැඹුරින් වටහාගෙන අපගේ වටිනාකම් ආරක්ෂා කරගනිමින් අපි පසුගිය වසර තුළ නොසැලී සිටියෙමු.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර නව දේශපාලන සන්ධානය පිහිටුවීම සඳහා මූලික සාකච්ඡාවක් පැවැත්වී ඇති බව වාර්තා වේ.

අද දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබාගැනීම අනිවාර්ය කර ඇත.

ලිට්‍රෝ ගෑස් මිල වැඩි කරන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඉරානය සහ රුසියාව දෙරට අතර ගනු දෙනු වලදී රූබල් සහ රියාල් මගින් ගෙවීම් කිරීම වෙනුවෙන් ගිවිසුම් ගත වීමෙන් පසු එක්සත් ජනපද ඩොලරය ගනු දෙනු වලදී භාවිතය නිල වශයෙන් අතහැර දමා ඇති බව ඉරාන පුවත් ඒජන්සිය වන IRNA පසුගියදා වාර්තා කළේය.

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වී ඇති බව වාර්තා වේ.

2015 පිහිටුවන ලද යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන කමිටුවේ සභාපති ධුරය දැරුවේ අනුර දිසානායක මහතා බවත්, එහෙත් අල්ලපු හොරෙක් නම් නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.

එක්සත් ජනපද ජාතික ණය තත්වය මගින් පිළිබිඹු කරන්නේ ආණ්ඩුවව විසින් එහි මෙහෙයුම් සහ වගකීම් සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් පියවා ගැනීම සඳහා ණය මත යැපෙන බවයි. කෙසේ වුවද ණය මට්ටමේ තිරසාරභාවය, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි එහි බලපෑම සහ බදු ගෙවන්නන් මත ඇති විය හැකි බර පිළිබඳ කනස්සල්ල, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ආර්ථික විද්‍යාඥයින් අතර සැලකිය යුතු විවාදයකට තුඩු දෙනු ලබන්නේය.

කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර

කියුබානු විප්ලවයේ ඓතිහාසික නායකයා වූ ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවයෙන් පසු අටවැනි සංවත්සරය වෙනුවෙන් කියුබාවේ මිතුරන් සහ කැරිබියන් ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අද ඔහුට උපහාර දැක්වීය.

කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).

ඊයේ(23) නේටෝ විරෝධී සහ පලස්තීන හිතවාදී විරෝධතාකරුවෝ මොන්ට්‍රියල් නගරයේ වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් මෝටර් රථවලට ගිනි තබා කඩ සාප්පු ඉදිරිපස විනාශ කර සිටියදී පොලිසිය එම ක්‍රියාවන් වැලැක්වීමට ගත් උත්සාහයේදී අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.කැනඩාවේ Francophone නගරයේදී මේ මස 23 සහ 24 යන දිනයන්හිදී ණැඨ්O හි වාර්ෂික සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා පැවසුවේ, තමාගේ අනුප්‍රාප්තිකයා වන අනුර කුමාර දිසානායක පසුගිය වසරේ ඉන්දියාව සමඟ අත්සන් කළ එකඟතා ලියවිල්ල දැන් ක්‍රියාත්මක කළයුතු බවයි.

මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)

2024 මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී තිබුන ද ගොවීන්ට සහනාධාර ලෙස රු. 15000ක මුදලක් පසුගිය රජය විසින් ලබාදෙන බව ප්‍රකාශ කර තිබුනද, එම මුදල රු. 25000 දක්වා වර්තමාන රජය ඉහළ දමා ලබාදෙන බව පැවසුවද, මේ වන තෙක් එම 25000ක මුදල කෙසේවුවද 15000ක මුදල පවා ගොවීන්ට නොලැබී ඇති බව ගොවීහු චෝදනා කරති.

උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)

උතුර සහ නැගෙනහිර වෙනම රටක් බවත්, තමන්ට අවශ්‍ය දේ කීමට ඉඩ නොදෙන බවත් එසේ පැවසුවහොත් තමාට වෙඩිතබන බවත් යාපනය දිස්ත්‍රික්යෙන් පත්වූ ස්වාධීන මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි

නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්‍රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර

සියලු ආකාරයේ ජාතිවාදයන්ට සහ ආගමික අන්තවාදයන්ට හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(21) සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් සිදුකළ 'අවධාරණය' බෙහෙවින් අගය කරන බවත් එසේම සියලු ආකාරයේ ජාතිවාදයන්ගේත් ආගමික අන්තවාදයන්ගේත් විසකුරු ප්‍රකාශනය වන බෙදුම්වාදයට ද කිසිදු ඉඩක් නොතබන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින්ගේ අදහස් ද ලබාගෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වන යෝජනාව සකස් කිරීමට අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ටී.එම්. උදයන්ද හේමපාල සඳහන් කරයි.

යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඕනෑම ආක්‍රමණයකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙන බවට ශපථ කර ඇති අතර, යුක්‍රේනය සහ රුසියාව අතර යුද ආතතිය උත්සන්න කිරීම සම්බන්ධයෙන් බටහිර රටවල මැදිහත් වීම විවේචනය කරනු ලැබීය. එලෙසම, යුක්රේන ගැටුම විසඳීම සඳහා සාම සාකච්ඡා වල නිරත වීමට මොස්කව්හි ඇති කැමැත්ත නැවත අවධාරණය කරනු ලැබ ඇත. ක්‍රෙම්ලිනය විසින් ප්‍රකාශයට පත් කරන ලද පුටින් විසින් කරන ලද ප්‍රකාශයක මේ බව දක්වා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.