News Category
From Date
To Date
Maximum Number of Result

රටට ආදරය කරන, රටේ ඒකීය භාවය රකින සහ මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුගමනය කරන ජනාධිපති අපේක්ෂකයකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදිය යුතු බවට එම පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ඊයේ (24දා) තීරණය කර ඇත.

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය හෙට (26දා) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය කර ඇත.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විනය විරෝධී කටයුතු සිදු කර ඇති බවට එල්ලවන චෝදනා ඔප්පු කළොත් තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අධිකරණ පද්ධතිය විවේචනයට ලක්කරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිදුකරන වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්ව ඇති බව අධිකරණ සේවා සංගමය පවසයි.

එළැඹෙන ජනාධිපතිවරණය ජයගෙන තමන් ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් ගැටලු පැන නොනගිනු ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAC) දකුණු රුසියානු ප්‍රදේශයේ Dagestan හි දුසිමකට අධික පිරිසක් මිය ගිය ප්‍රහාර මාලාවෙන් පසුව එහි ස්ථානගත කොට සිටින ත්‍රස්ත මර්දන ඒකක ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දර්ශන නිකුත් කර ඇත.

ශිෂ්ටාචාර සංවාදයක් සඳහා චීනයේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගැනීම අගය කරමින් ජාතික සංවිධාන එකමුතුවෙන් මෙරට චීන තානාපතිට ලිපියක් යොමුකර තිබේ.

"සිලෝන් ටුඩේ" පුවත් පතෙහි රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය පුවතට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් එම පුවත් පතට තම නොසතුට පල කර ලිපියක් යවා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත අසමබර පුවත් පල කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පල කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත වෙත යොමු කළ සම්පුර්ණ ලිපියේ සිංහල පරිවර්තනය සහ එහි මුල් ඉංග්‍රීසි පිටපත පහත පළවේ.

"ජනතාව ගොනාට ඇන්ඳවීමට ඉඩ නොදෙමු - ජාතික න්‍යායපත්‍රයක මූලාරම්භය" 20 වැදෑරුම් ප්‍රශ්න මාලාව සමාජ සම්මුතියක් ලෙස එළිදැක්වීම ජුනි 25 දා සවස 3 ට ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සිදුකෙරේ.


ප්‍රධාන පුවත්

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දමමින් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදනයට කොළඹ වරාය භාවිතා කිරීම පිටුපස ඇති කතාව පුබුදු හෙළිකරයි.. ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් ගැනත් හෙළිදරව්වක්.. (වීඩියෝ)

කොළඹ වරායේ ඉන්දියානු යුද නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.