News Category
From Date
To Date
Maximum Number of Result

කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ජනවාර්ගික ගැටලු විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සාහය වේගවත් කරමින් සිටින බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර තිබේ.

ඩෙන්මාර්ක රජය යම් විදියකින් ඉල්ලා සිටියහොත් ග්‍රීන්ලන්තයට ආරක්ෂාව සැපයීමට යුරෝපීය සංගමයට (EU) උදව් කළ හැකි බව යුරෝපීය ආරක්ෂක හා අභ්‍යවකාශ කොමසාරිස් ඇන්ඩ්‍රියස් කුබිලියස් ඊයේ(12) ප්‍රකාශ කරමින් අවධාරණය කර සිටියේ එක්සත් ජනපද හමුදා ආක්ටික් භූමිය අත්පත් කර ගැනීම උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) අවසානයට හේතු වනු ඇති බවට අනතුරු අඟවනු ලැබීය.

අප්‍රිකානු සංචාරය අවසන් කර චීනය බලා ගමන් කරන අතරතුර කෙටි වේලාවකට ඊයේ (12) දින මෙරටට පැමිණි චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා අමාත්‍ය විජිත හේරත් මහතා මුණ ගැසුණි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියුබාවට තවදුරටත් වෙනිසියුලානු තෙල් සහ මුදල් නොලැබෙන බව පවසා ඇති අතර, "ප්‍රමාද වීමට පෙර" වොෂින්ටනය සමඟ ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස අනතුරු අඟවා තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව සහ තවත් කරුණු රැසක් මුල්කර ගනිමින් ගාල්ල තලගහ හංදියේ දී ඊයේ(12) විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක විය.

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවල භාණ්ඩ සඳහා 25%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ප්‍රාදේශීය සභා පනතේ වගන්ති අනුව අනිවාර්යෙන්ම සභාවට අයවැය ඉදිරිපත් කර සම්මත කරගත යුතු වුවත්, 2026′ වර්ෂයේ සඳහා සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් විසින් සකස් කරන ලද අයවැය ක්‍රියාත්මක කිරීමට එරෙහිව, සීතාවක ප්‍රාදේශීය සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් හංවැල්ල සීතාවක ප්‍රාදේශීය’ සභාවේ ප්‍රධාන කාර්යාලය අසල (12දා) පෙරවරුවේ පැවැත්වුණි.

ජනතා විමුක්ති පෙරමුණට අනුකූල වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටට ද අනුකූල වන බව ජනාධිපතිවරයා විශ්වාස කරන්නේ නම්, එය සම්පූර්ණයෙන්ම වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.


ප්‍රධාන පුවත්

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.