News Category
From Date
To Date
Maximum Number of Result

රංගගේ මරණය සැකයි කියා බිරිඳගෙන් පැමිණිල්ලක්... - ගම්මන්පිල ගෙන් අනාවරණයක්..

May 4, 2026 at 03:30 PM
|

සේවය අත්හිටුවා තිබූ  මහා භාණ්ඩාගාර සහකාර අධ්‍යක්‍ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට රංග නිශාන්තගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කරයි. 

අද පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. 

අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ ඉලංගරත්න බණ්ඩා, අජිත් ජයසේන, සම්පත් සේනතුංග සහ ගාමිණී දිසානායක කියන අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවකින්. මේ කමිටුව නිගමනය කරලා තියෙන්නේ කැපුම් තුවාල ගණනාවකින් අධික ලෙස ලේ වහනය වීමෙන් මරණය සිදු වුණා, බොහෝ විට සිය දිවි නසා ගැනීමක් විය හැකිය.

නමුත් මැරුණාද? මැරුවාද? කියන සංවාදය සමාජයේ තිබෙන අතර, පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැන්නේ ඇයිදැයි කියලා අපිට මේ පරීක්ෂණ කමිටුවෙන් අහන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ මරණයේ සැකය ආණ්ඩුව වෙත යොමු වෙලා තියෙන පසුබිමක, මරණ පරීක්ෂණය කරන්නත් කලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සිය දිවි හානිකර ගැනීමක් කියලා රටට ප්‍රකාශ කළ පසුබිමක පශ්චාත් මරණ පරීක්ෂණ මණ්ඩලය පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් කළ යුතුව තිබුණා.

රංග නිශාන්ත මහතා තමයි මේ පරිගණක වංචාව සොයාගත්තේ. ඔහු තමයි මේ පිළිබඳ රහස් පොලිසියට පැමිණිලි කළේ. පොලිස් විමර්ශනයක වැදගත්ම ලේඛනය තමයි මුල් පැමිණිල්ල. ඒ නිසා මුල් පැමිණිල්ල කළ පැමිණිලිකරුවා අභිරහස් ලෙස මියයෑම මේ විමර්ශනය ඉදිරියට ගෙන යාමට දැවැන්ත බාධාවක්.

එහෙමනම් එවැනි පසුබිමක මේ මරණය පිළිබඳ සාධාරණ සැකයක් ඕනෑම පුද්ගලයෙක් තුළ ඇති වෙනවා. එවැනි පසුබිමක පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැනීම අතිශයින්ම ප්‍රශ්නකාරී, ගැටලු සහගතයි.

පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකළා කියලා අපි කියන්නේ ඇයි? පැතලොජි නැතිනම් පටක වේදය, ඒ වගේම ටොක්සිලොජි නැතිනම් විෂ වේදය පිළිබඳ පරීක්ෂණ නොකර තමයි මේ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුව මේ මරණය බොහෝ දුරට සිය දිවි හානිකර ගැනීමක් විය හැක කියලා තීන්දුවක් දීලා තියෙන්නේ.

ඇත්තෙන්ම මහේස්ත්‍රාත්තුමා නියෝග කළා ශරීර කොටස්, ලේ සහ මුත්‍රා පරීක්ෂාවට යවන්න. ඒ පරීක්ෂාවට යැවීමට නියෝග කිරීමෙන් මහේස්ත්‍රාත්තුමා බලාපොරොත්තු වුණේ මේ පුද්ගලයාගේ ශරීරය තුළ වසක් විසක් තිබෙනවාද නැද්ද කියන එක තහවුරු කරගන්න. මොකද කාට හරි පුළුවන් සිහිය නැති වෙන්න වසක් විසක් ශරීරයට ලබා දීලා, ඔහු අවසිහියෙන් ඉන්න අතරේ ඔහුගේ අතේ පිහිය තබලා වෙනත් පුද්ගලයෙක් විසින් අර කැපුම් තුවාල ඇති කරන්න. කරලා ඔහුගේ ඇඟිලි සලකුණු මකලා අර පිහිය අතේ තියලා පැනලා යන්න.

ඒ නිසා ඇත්තටම වසක් විසක් ශරීරගත වී තිබුණාද නැද්ද කියන එක තහවුරු කරගන්නා තුරුම මෙය සිය දිවි හානිකර ගැනීමක්ද නැතිනම් මිනීමැරුමක්ද කියන එක කාටවත්ම තහවුරු කරන්න බැහැ. අන්න ඒ නිසා තමයි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මණ්ඩලයත් මෙය සිය දිවි හානිකර ගැනීමක් කියලා නිශ්චිතව නොකියා සිය දිවි හානිකර ගැනීමක් විය හැකියි කියලා අඩමානෙට කිව්වේ.

ඒ වගේම පිහියෙන් කපා ගත්තාද නැතිනම් සිය දිවි හානිකර ගැනීමක් ලෙස පෙනෙන අයුරින් පිහියකින් කැපුවාද කියන ප්‍රශ්නය සමාජයේ මතුවෙලා තියෙන පසුබිමක, ඒ පිහියේ රංග නිශාන්තගේ හැර වෙනත් අයෙකුගේ ඇඟිලි සලකුණු තිබුණාද නැද්ද කියන එක තහවුරු කරගත යුතුව තිබුණා. එහෙමනම් ඒ පිහියේ ඇඟිලි සලකුණු පරීක්ෂාවට රජයේ රස පරීක්ෂක වෙත යවලා ඒ තොරතුරු ලැබෙන්නත් කලින් "සිය දිවි හානිකර ගැනීමක් විය හැකියි" කියලා පරීක්ෂණ මණ්ඩලය කිව්වේ ඇයි?

අර ඇඟිලි සලකුණු වාර්තාව එනතුරු පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න බැරි වුණේ පරීක්ෂණ මණ්ඩලයට කාගේ හරි ප්‍රබලයෙක්ගේ බලපෑමක් එල්ල වුණාද කියන සාධාරණ සැකය අපිට ඇතිවෙනවා.

ඒ වගේමයි තවත් දෙයක්. ඇඳුම්වල ලේ පැල්ලම් තිබුණා නම් ඒ ලේ රංග නිශාන්තගෙමද, එහෙම නැතිනම් වෙනත් පුද්ගලයෙක්ගේ ලෙත් ඒ ලේ පැල්ලම් අතර තියෙනවාද කියන එකත් නිගමනයකට එළඹීමට කලින් පශ්චාත් මරණ පරීක්ෂණ මණ්ඩලය විසින් සොයාගත යුතුව තිබුණා.

අපි දන්නවා මේ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරුන් හතර දෙනාගෙන් තුන්දෙනෙක්ම පශ්චාත් පුහුණුව ලබා තිබෙන්නේ ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාවෙයි. අපි ඒ වෛද්‍යවරුන්ගෙන් ඉතාම ගෞරවයෙන් අහනවා, ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ පශ්චාත් මරණ පරීක්ෂණ කරන්න ඉගැන්නුවේ ඔය ක්‍රමයටද? නිසි සාක්ෂි විමසීමක් නැතුව පරීක්ෂණවල ප්‍රතිඵල එන්න කලින් නිගමනවලට පැනීමේ ක්‍රමවේදයක්ද ශිෂ්‍යත්වවලින් විදේශ රටවලට ගිහිල්ලා ඉගෙන ගත්තේ කියලා අපිට ඒ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.

ලෝකයේ ජනප්‍රියතම සිය දිවි නසා ගැනීමේ ක්‍රම තමයි එල්ලී මැරීම, වස පානය කිරීම, වෙඩි තබා ගැනීම, ගිනි තබා ගැනීම සහ දුම්රියට පැනීම. මෙවැනි මරණය නිශ්චිත ලෝකයේ ජනප්‍රිය ක්‍රම ගණනාවක්ම තිබියෙදී අපි කලින් අහලවත් නැති නහර තුනක් කපා ගැනීම, බල නහර තුනක් කපා ගැනීමට රංග නිශාන්ත සිය දිවි හානිකර ගැනීමක් කරා නම් පෙළඹෙයිද? අපි දන්නවා එක අතක් කපලා ඒකෙන් ලේ විදිද්දී දැඩි වේදනාවක් දැනෙද්දී ඔහුට චිත්ත ශක්තියක් තිබ්බේ කොහොමද තවත් කකුල් දෙකක්ම කපාගන්න?

සාමාන්‍යයෙන් බලනහරයක් කැපිලා ලේ විදිනකොට ඇතිවන අවසිහි ගතියත්, දැවැන්ත වේදනාවත් නිසා එවැනි තවත් අනතුරු කර ගැනීමට චිත්ත ධෛර්යයක් තිබීමට ඉඩක් නැහැයි කියන එක තමයි විශේෂඥ වෛද්‍ය මතය. මෙතරම් දුරට සැක සහිත මරණයක් වෙලා තිබියදී, විශේෂයෙන්ම රංග නිශාන්ත මහතාගේ බිරිඳ පොලිසියට පැමිණිලි කරලා කියනවා මේ මරණය සැක සහිතයි කියලා.එම කරුණ කුලියාපිටිය මහේස්ත්‍රාත්තුමා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවූ ලිපියේත් සඳහන් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුව පත් කරන ලිපියේත්, බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති මරණයේ සැක සහිත බව සඳහන් වෙනවා. එවැනි පසුබිමක, මේ පරීක්ෂණ මණ්ඩලය පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර නිගමනවලට පැන්නේ ඇයිද කියන එක අපි යළි යළිත් ප්‍රශ්න කරනවා.

පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවේ පසුබිමත් ඉතා වැදගත්. වෙළෙඳපොළේ තක්කාලි තෝරනවා වගේ තමන්ට ඕනෑ කට්ටිය තෝරා ගැනීමෙන් තමයි මේ පරීක්ෂණ මණ්ඩලය පත් කරලා තියෙන්නේ. පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක්ම විශ්වවිද්‍යාල සමයේ දැඩි ජවිපෙ ක්‍රියාකාරීන්. ඔවුන් තවමත් ජවිපෙ ක්‍රියාකාරීන්ද නැද්ද කියන එක අපි දන්නේ නැහැ.

එමෙන්ම එක් වෛද්‍යවරයෙක් වත්මන් කතානායකතුමාගේ වෛද්‍ය විද්‍යාල සමකාලීනයෙක් වගේම මිතුරෙක්. ආණ්ඩුව දෙසට සැකය යොමු වෙලා තිබෙන පසුබිමක, ඒ සැකය දුරු කිරීමට සැබෑ ස්වාධීන මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා වෙනුවට මිතුරන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරගත්තේ ඇයිද කියන ප්‍රශ්නය අපිට පැන නගිනවා.

මේ නිසා පරීක්ෂණ මණ්ඩලයේ පසුබිම, තෝරාගැනීම පදනම් විරහිත වීම, මරණය සැක සහිත බවට බිරිඳ කළ පැමිණිල්ල, 

මරණය පිළිබඳ සැක කිරීමට හේතු රාශියක් තිබීම, පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු නොකිරීම යන කාරණා පහ මත පදනම් වෙලා අපි මේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. ආණ්ඩුවට ජනතාවගේ විශ්වාසය යළි දිනා ගැනීමට අවශ්‍ය නම්, මරණයේ තිත්ත ඇත්ත ජනතාව දැනගන්නවාට කැමති නම්, ආණ්ඩුව කළ යුත්තේ ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයකින් දෙවන පරීක්ෂණයක් සිදු කිරීමයි. ඒ සඳහා අපි යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් තුන්දෙනාගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවයි. එසේ නොකළහොත් ආණ්ඩුව දෙසට එල්ල වී තිබෙන සැකය කවදාවත් තුරන් කරන්න ලැබෙන්නේ නැහැ.

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.
ප්‍රංශයේ පැරිස් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණය ලෙස සැලකෙන අයිෆල් කුලුනේ සේවක සේවිකාවෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ. වැඩ වර්ජනය හේතුවෙන් අයිෆල් කුලුන වසා දැමුණු අතර, එය නැරැඹීමට විදේශවලින් පැමිණි සංචාරකයන්ට ද ආපසු හැරී යෑමට සිදුවිය.
පසුගිය 2024 ජනවාරි මාසයේ සිට 2025 ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් 31ක් වසා දැමීමට කටයුතු කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා සමග ගිවිසුම් තුනකට හෙට (09) දිනයේදී අත්සන් තැබෙන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
කිසිදු ආණ්ඩුවකට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විනාශ කිරීමට නොහැකි වූ බවත්, එම පක්ෂය විනාශ කරනු ලැබුවේ අද එහි නායකයන් ලෙස පෙනී සිටින පුද්ගලයන් විසින්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා පවසයි.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණි තිබේ.
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නීතිඥ ආචාර්ය අජිත් රෝහණ පොලිස් දෙපාර්තමේන්තුවෙන් අද (08) විශ්‍රාම ගනු ලැබීය.
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට (09) දිනයේ එක් දින වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ප්‍රධාන පුවත්

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..

කළුතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සභාවාරය ආරම්භ කිරීමට පෙර පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම යන අංග ත්‍රිත්වය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ගේ අදහස් ඔහුගේ වචනයෙන්,

ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!

දශක ගණනාවක් තිස්සේ කියුබානු වෛද්‍ය වෘත්තිකයන් දස දහස් ගණනක් ලොව පුරා රටවල් හැටක පමණ ස්ථානගත කර තිබේ. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රම බලකායට වඩා බොහෝ සෙයින් වැඩි ය. එසේම, බොහෝ දුරට ගෝලීය දකුණේ සෞඛ්‍ය සේවා අඩු හෝ වෛද්‍ය සේවය නොලබන ජනගහනයක ඔවුහු සේවය කරති. විදේශ නිලධාරීන් වෙත වීසා අත්හිටුවන බවට තර්ජනය කිරීමෙන්, ඇමරිකා එක්සත් ජනපද රජය අදහස් කරන්නේ විදේශයන්හි මෙම කියුබානු වෛද්‍ය මෙහෙයුම් කඩාකප්පල් කිරීමටය. එය ක්‍රියාත්මක වුවහොත්, ලොව පුරා මිලියන ගණනක් ජනතාව වඩාත් දුක් විඳිනු ඇත.

කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..

කළුතර ප්‍රාදේශීය සභාවේ න්‍යාය පත්‍රයෙන් පන්සිල් ගැනීම, ජාතික ගීය ගායනා කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා විනාඩියක නිශ්ෂබ්දතාව යන අංග ත්‍රිත්වය ඉවත්කරන බව එම සභාවේ සභාපතිවරයා විසින් සභාවට දන්වා ඇත.

දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක

නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි දීපු නිමල් පෙරේරා දූෂිතයෙක් බවත් මොහුගේ ව්‍යාපාරික සගයා තමයි මේ වත්මන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල අමාත්‍යවරයකු බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.

22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 22 වන සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේ පටිපාටිමය සාධාරණත්වය සහ විනිවිදභාවය පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා නිකුත් කළ විශේෂ වාර්තාවකින් දැඩි අවධානය යොමු කර තිබේ.

22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

​සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..

​ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.