කෝටි අටදාහක පොහොර මගඩියක් ගැන ජාතික ගොවිජන එකමුතුවෙන් හෙළිදරව්වක්..
ලෝක වෙළඳපොළේ ඉතා අඩු මිලට ලබාගත හැකි පොහොර, මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හුවා දක්වමින් වැඩි මිලට මිලදී ගැනීම හරහා රජය වසරකට රුපියල් කෝටි 8,000ක (රුපියල් මිලියන 80,000ක) දැවැන්ත මුදලක් අවභාවිත කරන බවට ජාතික ගොවිජන එකමුතුව බරපතල චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියා සිටියේ, රුසියාව සහ කසකස්ථානය වැනි කලාපවල පොහොර මිල ඉතා අඩු මට්ටමක පැවතියද, රජය හිතාමතාම මැද පෙරදිග කලාපයෙන් වැඩි මිලට පොහොර මිලදී ගැනීමට කටයුතු කරන බවයි.
තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ දත්තයන්ට අනුව කසකස්ථානයේ පොහොරමෙට්‍රික් ටොන් එකක් ඩොලර් 220ත් 320ත් අතර වන අතර කසකස්ථාන සමාගමක් කොළඹ වරායටම ගෙනත් බෑම සඳහා මෙට්‍රික් ටොන් එකකට ලබා දී ඇති මිල ඩොලර් 290කි.
මැද පෙරදිග රටවලින් (විශේෂයෙන් ඕමානයෙන්) මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 700ත් 800ත් අතර මිලකට රජය මිලදී ගනී.
එක මෙට්‍රික් ටොන් එකකින් රජය ඩොලර් 500කට අධික වැඩිපුර මුදලක් වැය කරයි.
මෙම ක්‍රියාවලිය හේතුවෙන් රටේ මුදල් නාස්ති වන බවත් යල් කන්නය සඳහා අවශ්‍ය වන යුරියා මෙට්‍රික් ටොන් ලක්ෂයක ප්‍රමාණය ගෙන්වීමේදී, ඩොලර් 500ක අතිරික්ත පිරිවැය අනුව ඩොලර් මිලියන 50ක (රුපියල් කෝටි 1,600ක) පාඩුවක් රටට සිදුවේ.
මෙරට වාර්ෂික යුරියා අවශ්‍යතාවය වන මෙට්‍රික් ටොන් ලක්ෂ පහ ගෙන්වීමේදී, මෙම ක්‍රමය දිගින් දිගටම ක්‍රියාත්මක වුවහොත් රටට අහිමි වන මුදල ඩොලර් මිලියන 500කි (රුපියල් කෝටි 8,000කි).
කසකස්ථානයෙන් ඩොලර් 290ට පොහොර ගෙන්වන්නේ නම්, යුරියා පොහොර මිටියක් (හොන්ඩරයක්) ගොවියාට රුපියල් 7,000කටත් වඩා අඩු මිලකට ලබා දිය හැකිය. එහෙත් ඩොලර් 800ට ගෙන්වීම නිසා ගොවියාට මෙම සහනය අහිමි වී නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇත.
මෙහිදී තෙන්නකෝන් මහතා තවත් බරපතල සැකයක් මතු කළේය. එනම් කසකස්ථානයෙන් ඩොලර් දෙසිය ගණනකට ලබාගත හැකි පොහොර ඕමානයට ගෙන්වා, එහිදී නැවත ඇසුරුම් (Repack) කර වැඩි මිලට ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන්නයි.
මෙවැනි ජාත්‍යන්තර මාෆියාවන් පිළිබඳව රජය දැනුවත් වුවද, ඊට එරෙහිව පියවර නොගැනීම ගැටළු සහගත බව ඔහු සඳහන් කළේය.
කසකස්ථානයෙන් අඩු මිලට පොහොර ලබාගත හැකි බවට වූ යෝජනා සහ අදාළ සමාගම්වල ලිපි ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වගකිවයුතු ආයතන වෙත ඉදිරිපත් කර ඇතත්, බලධාරීන් ඒ පිළිබඳව කිසිදු සංවේදීතාවයක් නොදක්වන බවද මෙහිදී අනාවරණය විය.
නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව විකල්ප වෙත යොමු නොවීම පිටුපස කිසියම් මූල්‍ය වංචාවක් පවතින්නේද යන්න පිළිබඳව ජාතික ගොවිජන එකමුතුව ප්‍රශ්න කර සිටියි.
මෙම තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තයත්, ගොවියාත් දැඩි අර්බුදයකට ඇද දමා ඇති බවත්, වහාම මේ පිළිබඳව විද්‍යාත්මක සහ විනිවිදභාවයකින් යුත් පරීක්ෂණයක් පවත්වා ගොවියාට සහනයක් සැලසිය යුතු බවත් එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..