News Category
From Date
To Date
Maximum Number of Result

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති - පරිපාලන තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ.

ජාතික ජනබලවේගයේ සමුළුවක් සඳහා හෙද සේවයේ නියුතු නිලධාරීන් පිරිසක් නිල ඇඳුමෙන් සහභාගි වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

හමාස් සංවිධානයේ හමුදා අංශයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් ඩේයිෆ් ඝාතනය කළ බව ඊශ්‍රායලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට සිදුකරන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

"අපි අපරාධකරුවන් 1,200 කට වැඩි පිරිසක් රඳවාගෙන සිටිනවා. ඔවුන් ටෙක්සාස්, කොලොම්බියා, පේරු, චිලී යන රටවල කලක් පුහුණුව ලැබූවන් බව තහවුරු වී තිබෙනවා. ඔවුන්ව පැමිණ පහර දී ගිනි තැබීම් කිරීමට පුහුණු කරන ලද පුද්ගලයන්. ඔවුන් ජංගම රෝහලක්ට ගිනි තැබීමට උත්සාහ කළ නමුත් ඔබ සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ව පලවා හැර තිබෙනවා. ඔවුන් මේ කරණු ලබන්නේ විරෝධතාවක්ද නැත්නම් දේශපාලන අරගලයක්ද?" මදුරෝ කැරකස් නුවර වීදිවල රාජකාරි කළ ජාතික ආරක්ෂක භට කණ්ඩායමක් අමතමින් පැවසුවේය.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ.

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වීම සඳහා ඉදිරි මාස දෙකේදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමාකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත්, එහෙත් පුවත්පත් වාර්තා අනුව 2023 වසරේ දී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා වෙන්කළ රු. කෝටි 294කින් ඒ සඳහා වැයකර ඇත්තේ රු. කෝටි 34ක් පමණක් බවත් පෙන්වා දෙමින් මව්බිම ලංකා පදනම ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ස්ථිරවම ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ (31 දා) ජාතික පුවත්පතකට පවසා තිබේ.


ප්‍රධාන පුවත්

විදුලි මිල ගැන තීරණයක් ගන්නැයි IMF කියයි..

මූල්‍ය අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව හැකි ඉක්මනින් පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා පවසයි.

රුසියානු දේශප්‍රේමී යුද්ධයේ 80 වන ජයග්‍රහණ සැමරුම නිමිත්තෙන් කොළඹ මහජන පුස්තකාලයේ ස්මාරකයක් පිහිටුවයි..

කොළඹ රුසියානු මන්දිරය සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන "80 වන ජයග්‍රාහී දින සංවත්සරය සැමරීම සඳහා ස්මාරකය පිහිටුවීම" 2025 අප්‍රේල් 29 වන දින කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණි.

ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..

එළැඹෙන මැයි මාසයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තෙදින සංචාරයකට එක්වීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

බාල පොහොර ගනුදෙනුවට ඇතුළට ගිය මහේෂ් ගම්මන්පිල ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනුවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි - අනුරාධ තෙන්නකෝන් (වීඩියෝ)

චීන බාල පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකෙරුණු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල සම්බන්ධයෙන් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් පවසන්නේ මහේෂ් ගම්මන්පිල, මෙම ඇමැතිවරුන්ගේ අතයට ගනුදෙනු වලට සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි.

අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය.

ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි

ඉන්දු ලංකා ගිවිසුම් යටතේ ඉන්දියානුවන්ට වගේම ඉන්දියානු ආණ්ඩුවට ව්‍යාපෘතියට සහය දෙන දේශීය අයටත් ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු වලට නඩු පවරන්න නොහැකි මුක්තියක් ලබා දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ටුප්ගේ “අන්නෝන්‍ය බදු ක්‍රමය” යටතේ මෙරටට සියයට 44 ක ඉහළ තීරු බද්දක් පැනවීම හේතුවෙන් දෙරට අතර පැන නැගී ඇති වෙළෙඳ ගැටලුව විසඳා ගැනීම සඳහා වොෂිංටන් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා දූත පිරිස ඇමෙරිකාවෙන් යෝජනා ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..

කොළඹ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

රනිල් අද අල්ලස් කොමිසම හමුවට..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)

ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.