News Category
From Date
To Date
Maximum Number of Result

තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගීවෙමින් පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ පැවසුවේ මෙවන් විපත් සිදුවී ඇත්තේ අත්තනෝමතික ආණ්ඩු පත් කිරීමෙන් සහ නීතිය වීසිකර දැමීම නිසා බවය.

කෝටි ගණන් මුදල් ගත් චීවර වේශධාරීන් නිරාගමික රාජ්‍යක් ගොඩනැගීම සඳහා බුදු දහමට පහර දෙන බව පූජ්‍ය අලංකාරේ සමුද්ද හිමියෝ පවසති.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ වැරදිකරුවන් හෙළිදරව් කරන බවට පොරොන්දු දී බලයට පත් වූ වත්මන් ආණ්ඩුව, එළඹෙන අප්‍රේල් 21 වනදාට පෙර කාව හෝ වැරදිකරු කර මෙම සිදුවීම යටපත් කිරීමට උත්සාහ කරන බව ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ මහතා පවසයි.

වී මිලදී ගැනීම සඳහා රජය නියම කළ අවම සහතික මිල ගණන් වී අලෙවි මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

සමාජයෙන් එල්ල වෙන චෝදනාවන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ උපේක්ෂා සහගතව කටයුතු කළ ‍යුතු බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි‍යන් පවසයි.

කුමන ආකාරයේ පරිපාලන දුර්වලතා පැවතියත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනයත් ලෝකයේ විශිෂ්ඨතම පද්ධතීන් දෙකක් ලෙස ක්‍රියාත්මක වන බවත්, මේවා බඳ වැට්ටවීමේ අවශ්‍යතා දෙකක් හඳුනා ගත හැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගනු ලැබූ තීරණයකට අනුව, දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තොරතුරු හා දත්ත වාර්තාකරණ කටයුතුවලින් බැහැර වීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇත.

ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබේ.


ප්‍රධාන පුවත්

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.