මෙවර IMF නිවේදනය ඉතා භයානක එකක්.. - මහින්ද පතිරණගෙන් අනාවරණයක්
මෙවර IMF නිවේදනය ඉතා භයානක එකක් බවත්, රටේ ආර්ථික වර්ධනය 3%ට වැටීම යනු අනාගතයක් ගැන සිතාගැනීමට නොහැකි තත්ත්වයක් බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
සිය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මහබැංකුව ගත් ආර්ථිකයේ බෙල්ල හිර කිරීමේ ක්‍රියාමාර්ග නිසා මෙම තත්ත්වය තවත් වර්ධනය වන බවයි.
සිය සමාජ මාධ්‍ය ගිනුමේ ඔහු තබා ඇති සටහන පහළින්..
"මෙවර IMF නිවේදනය ඉතාම භයානක එකක්. අනුර මේව කියවනව කියල මම හිතන්නෙ නැහැ. ඔහුට මේව කවුරුහරි පැහැදිලි කරල දෙන්න සිංහලෙන්. අපේ ආර්ථික වර්ධනය මේ අවුරුද්දෙ ඉඳල 3%ට වැටෙනවා කියන්නෙ අපට අනාගතයක් ගැන හිතන්න බැහැ කියන එක. දැන් මහබැංකුව ගත්ත ආර්ථිකයේ බෙල්ල හිර කිරීමේ ක්‍රියාමාර්ග නිසා මේක තවත් පහළ වැටෙනවා. ගොඩක් අය බිස්නස් වහල දායි. මොකද ණය ගන්න බැරි පරිසරයක් හැදුවා. ඒ කියන්නෙ ආර්ථිකය ප්‍රසාරණය වෙන්න තිබුණ අවම කොන්දේසිත් ඉවත් කළා. මේ වැනිම තත්ත්වයක් තමා 2019 අග තිබුනෙ. වර්ධනය 2%යි. ගෝඨාභය බදු ඉවත් කරල ආර්ථිකය ප්‍රසාරණය වෙන්න ඉඩ හරිනකොට තමා කෝවිඩ් ආවේ. ඒකෙන් සියල්ල කණපිට හැරුණා.
හැබැයි මේ ආණ්ඩුව එවැනි නිර්භීත ක්‍රියාමාර්ගයක් ගන්නේ නැ. ඒ IMF එකෙන් ලැබෙන අතමාරුව නිැති වෙන නිසා. හැබැයි ප්‍රශ්නය තියෙන්නෙ අපි මෙහෙම ගිහිං වර්ධනය නොවෙන පසුබිමක IMF සොච්චම නොලැබෙන, එම ණය ගෙවන්නට එනකොට කොහොමද ගෙවන්නෙ කියන එක. අලුතින් මැජික් ආයෝජන ඩොලර් බිලියන 4-5ක් එන්නෙ නැතුව මේ තියෙන තත්ත්වය වෙනස් වෙන්නෙ නැහැ. එක්කෝ අපට ආපහු රට බංකොලොත් කරන්න වෙනවා නැත්නම් ආපහු IMF ණයකට යන්න වෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ එහෙම යන්න යන්න අපි තවත් මේ උගුලෙ හිරවෙන එක."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..