ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගත කිරීමට හාන්ස්ගේ සභාපතීත්වයෙන් කමිටුවක්..
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙහි සෙසු සාමාජිකයන් ලෙස,
I. ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා
II. මුල්‍ය සහ ආයතනික උපායමාර්ග විශේෂඥ දේෂාල් ද මෙල් මහතා
III. ගනුදෙනු සහ ආයෝජන බැංකුකරණය, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කරගැනීම් විශේෂඥ දුමිත් ප්‍රනාන්දු මහතා සහ
IV. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හෝ ඔහුගේ නියෝජිතයෙකු,
V. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්/ සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෙකු හෝ නියෝජිත
VI. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා
VII. ආයතනික, ගුවන් සේවා, මහජන නීතිය යන විෂයයන් පිළිබඳ විශේෂඥතාවක් ඇති නීති විශේෂඥයන්,
VIII. ගුවන් සේවා කර්මාන්ත විශේෂඥයන් පත් කෙරෙනු ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය පිළිබඳව පුළුල් සාර්ව ආර්ථික පරිසරයේ දෘෂ්ටිකෝණයන් සැලකිල්ලට ගනිමින්, පුළුල් උපායමාර්ගික සමාලෝචනයක් සිදු කිරීම හදිසි ප්‍රමුඛතාවක් ලෙස රජය හඳුනාගෙන ඇත.
මෙම සමාලෝචනයේ ප්‍රධාන අරමුණ වන්නේ, රජය මත දිගුකාලීනව පැටවෙන මූල්‍ය බර අවම කරමින්, මුල්‍යමය වශයෙන් තිරසාර සහ වාණිජමය වශයෙන් කාර්යක්ෂම ජාතික ගුවන් සේවාවක් ස්ථාපිත කිරීමය.
ඒ අනුව, ගනුදෙනු උපදේශක ලෙස කටයුතු කරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (International Finance Corporation - IFC) ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ කමිටුවක් පිහිටුවීම වඩාත් සුදුසු බව හඳුනාගෙන තිබේ.
I. උපායමාර්ගික දෘෂ්ටිකෝණය සහ අනාගත ක්‍රියාමාර්ග පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සහ ඇගයීමක් කිරීමත්,
II. ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතා සහ විකල්ප ප්‍රතිව්‍යුහගත කිරීමේ ආකෘති පිළිබඳ නිර්දේශ ලබා දීමත්,
III. නිශ්චිත උපායමාර්ගික විකල්ප ඇගයීමක් සහ රජයේ සමස්ත අරමුණු සමග සමානව ගැළපෙන වඩාත් සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කිරීමත්,
IV. ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරනු ලබන තෝරාගත් උපායමාර්ගය සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සඳහා අධීක්ෂණය, මාර්ගෝපදේශනය සහ සහාය ලබා දීමත් මෙම කමිටුවට පැවරී ඇත.
මෙම කමිටුව උපායමාර්ගික සමාලෝචනය සහ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින කාලසීමාව තුළ හෝ ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් විසුරුවා හරිනු ලබන තෙක් ක්‍රියාත්මක වනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි