ගුවන් යානාවලට හෙණ ගහනවාද?.. - පහළ උසාවියෙන්ම නඩුව විසිවෙන හැටි ගැන කියන කැප්ටන් එල්මෝ ජයවර්ධන..
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා ඉකුත් දා කටුනායක ගුවන් තොටුපොළෙන් අලුයම පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානයකට අකුණු පහරක් වැදී තිබූ සිදුවීම මේ වන විට සසමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වී තිබේ.
මෙම අකුණු පහර හේතුවෙන් එම යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පියවර ගත් බවත්, අනතුරුව වෙනත් ගුවන් යානයකින් අදාළ මගීන් පිරිස ඔස්ට්‍රේලියාව බලා පිටත්කර ඇති බවත් එම හේතුවෙන් ගුවන් ගමන පැය 5කට අධික කාලයක් ප්‍රමාද වී තිබූ බවත් තොරතුරු වාර්තා වී තිබිණි.
මේ පිළිබඳව ක්ෂේත්‍රයේ දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ ගුවන් නියමු කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී විද්‍යාත්මක සහ ප්‍රායෝගික කරුණු රැසක් අනාවරණය කර තිබේ.
ඒ මහතා මෙහිදී පවසන්නේ කිසිවෙකුටක් අනතුරක් නොවූ මෙම සිදුවීම පහළ උසාවියෙන්ම හරවා යැවිය හැකි බවයි.
සාකච්ඡාව අතරතුරදී නැඟුණු ප්‍රශ්න සහ ඊට කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා ලබා දුන් පිළිතුරු ඇතුළත් කරුණු මෙසේය.
ගුවන් යානාවලට අකුණු වදින්න පුලුවන්ද?
ඔව්, ගුවන් යානාවලට අහසේදී අකුණු වැදීමේ හැකියාව පවතින අතර, සාමාන්‍යයෙන් ලෝකය පුරා වසරකට වරක් හෝ දෙවරක් බැගින් ඕනෑම සක්‍රීය වාණිජ ගුවන් යානයකට අකුණු වැදීම සාමාන්‍ය සිදුවීමකි. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි වලාකුළු (Cumulonimbus clouds) හරහා හෝ ඒ අසලින් පියාසර කිරීමේදී මෙම තත්ත්වය ඇති විය හැක.
අකුණක් වැදුණු සැණින් යානය අනතුරට පත් වෙනවාද?
කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ අකුණක් වැදුණු සැනින් යානය කඩා වැටීමක් හෝ මගීන්ට විදුලි සැර වැදීමක් සිදු නොවන බවයි. ඒ සඳහා නූතන ගුවන් යානා සැලසුම් කර ඇති සුවිශේෂී තාක්ෂණික ක්‍රමවේදයන් හේතු වේ.
මෙහිදී අදහස් දක්වමින් කැප්ටන් එල්මෝ සඳහන් කළේ, අකුණු වැදීමට වඩා එවැනි අයහපත් කාලගුණයකදී ඇති වන දැඩි කැළඹිලි ස්වභාවය (Severe Turbulence) පාලනය කිරීම නියමුවා සතු ප්‍රධාන අභියෝගය බවයි.
එවැනි අවස්ථාවකදී ගුවන් නියමුවා සතු අත්දැකීම්, ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව සහ මානසික ඒකාග්‍රතාවය මගීන් සිය ගණනකගේ ජීවිත ආරක්ෂා කිරීමට සෘජුවම බලපාන බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි. නූතන ගුවන් ක්ෂේත්‍රයේ පවතින ඉහළ තාක්ෂණය සහ නියමුවන්ගේ දැඩි පුහුණුව හේතුවෙන් අකුණු වැදීම නිසා සිදුවන අනතුරු වර්තමානයේ අතිශයින්ම දුර්ලභ මට්ටමක පවතින බවත් ඒ මහතා අනාවරණය කරයි.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති