ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි ලෝකයේ ප්‍රසාදය ඉහළ යයි.. - නවතම ජනමත සමීක්ෂණයකින් හෙළිවේ
ලෝක බලවතුන් කෙරෙහි ගෝලීය ජනතාව දක්වන පැහැදීම සහ විශ්වාසය පිළිබඳව සිදුකළ නවතම ජනමත සමීක්ෂණයකදී ඇමෙරිකාව අභිබවා චීනය කෙරෙහි පවතින සුභවාදී ආකල්ප කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව හෙළි වී තිබේ.
ලෝක ප්‍රකට ‘පිව් පර්යේෂණ මධ්‍යස්ථානය’ (Pew Research Center) විසින් රටවල් 36 ක වැඩිහිටියන් 42,000 කට අධික පිරිසක් ඇසුරින් මෙම සමීක්ෂණය පවත්වා ඇත.
මෙම වාර්තාවට අනුව, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය ආරම්භ වීමත් සමඟ ඇමෙරිකානු නායකත්වය කෙරෙහි ගෝලීය වශයෙන් පැවති විශ්වාසය සැලකිය යුතු ලෙස බිඳවැටී ඇත. මීට පෙර ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අවසන් සමයේදී චීන ජනාධිපති ෂී ජින්පින්ට වඩා බයිඩන් කෙරෙහි ලෝක ජනතාව වැඩි විශ්වාසයක් තබා තිබුණද, 2023 සිට 2024 දක්වා කාලය තුළ එම ජනප්‍රියත්වය ක්‍රමයෙන් අඩු විය.
පසුගිය වසරේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භ වන විට ලෝකයේ වැඩි පිරිසක් චීනයට වඩා ඇමෙරිකාවට ලැදි බවක් දැක්වූවද, වර්තමානය වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ.
පසුගිය වසර කිහිපය පුරා ඇමෙරිකාව කෙරෙහි වූ ප්‍රසාදය කෙමෙන් ගිලිහී යද්දී, චීන ජනාධිපති ෂී ජින්පින් කෙරෙහි ලෝක වැසියන්ගේ ප්‍රසාදය ක්‍රමයෙන් වර්ධනය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, සමීක්ෂණයට ලක් කළ රටවල් 36 න් බහුතරයක මේ වන විට ඇමෙරිකාවට වඩා චීනය කෙරෙහි යහපත් ආකල්පයක් ගොඩනැඟී ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
ලෝක දේශපාලන කටයුතුවලදී නිවැරදි තීරණ ගැනීම සම්බන්ධයෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා චීන ජනාධිපති ෂී ජින්පින් නිවැරදි තීන්දු තීරණ ගනු ඇතැයි ලෝක ජනතාව වැඩි වශයෙන් විශ්වාසය පළ කර ඇතැයි ද මෙම නවතම සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..