News Category
From Date
To Date
Maximum Number of Result

2029 දී ජනාධිපතිගේ ජනප්‍රියතාවය 175% දක්වා ඉහළ යන්න ඉඩ තියෙනවා.. - උදය ගම්මන්පිල

Jul 21, 2026 at 02:33 PM
|

පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. 

"විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය තමන් පැවැත්වූ ජනමත විමසුමක් ප්‍රසිද්ධ කරමින්, ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 75% ඉක්මවා ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කළා. මේක කළේ අප්‍රේල් මාසේ පළවෙනිදා නම්, මෝඩයන්ගේ දිනයට කරපු විහිළුවක් කියලා අපට නොසලකා හරින්න තිබුණා. නමුත් මේක කළේ ජූලි මාසේ නිසා අපට එහෙම හිතන්න බැහැ. මේ වාර්තාව පිළිබඳව අපි නොසලකා හිටියොත්, මේ ටොම්පචයෝ 2029 දී ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාවය 175% දක්වා ඉහළ ගොස් තිබෙනවා කියලත් වාර්තා කරන්න ඉඩ තිබෙනවා.

සමස්ත ජාතියම සම්බන්ධ වුණු ජනමත විමසුම් තුනක් වසරක් ඇතුළත පැවැත්වුණා.

2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේදී මාලිමාවට (අනුර ජනාධිපතිතුමාට) ලැබුණේ 42%ක ඡන්ද ප්‍රතිශතයක්. ඊට මාස දෙකකට පස්සේ, 2024 නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට 62%ක් ලැබුණා. ඒ තමයි ආණ්ඩුවේ ජනප්‍රියතාවය උච්චස්ථානයේ තිබුණු කාලය.

දැන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියනවා, ඒ ප්‍රතිශතය 75.5%ක් දක්වා වර්ධනය වෙලා කියලා. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ තිබුණු ජනප්‍රියතාවයටත් වඩා 12%කින් වැඩි වෙලා.

හැබැයි, පාර්ලිමේන්තු මැතිවරණයේදී 62%ක් ලබාගත් මාලිමාව, ඊට මාස හයකට පස්සේ (2025 මැයි මාසයේදී) පැවති පළාත් පාලන (පුංචි ඡන්දයේදී) ලබාගත්තේ 43%ක් පමණයි. මාස හයක් ඇතුළත ආණ්ඩුවේ ජනප්‍රියතාවය බරපතළ ලෙස කඩා වැටීමකට ලක්වුණා. 

දැන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියනවා පාර්ලිමේන්තු මැතිවරණ කාලයේ තිබුණු ආණ්ඩුවේ ජනප්‍රියත්වයටත් වඩා දැන් ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහල ගිහින් කියලා.

පුංචි ඡන්දය සහ මේ සමීක්ෂණය අතරතුර කාලයේදී, හිඟන්නෝ විදිහට රඟපාමින් ජනතාව රවටපු මැති ඇමතිවරුන්ගේ සැබෑ තත්ත්වය හෙළිදරව් වුණා

ගල් අඟුරු වංචාව හෙළිදරව් වුණා. භාණ්ඩාගාරයේ ඩොලර් ලක්ෂ 25ක් අතුරුදහන් වුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ ඩොලර් ලක්ෂ 7ක් අතුරුදහන් වුණා. ගොවියාට සහතික මිලක් වී වලට ලබාගන්න බැරුව ගොවියව අතරමං කළා. කැකුළු හාල් හිඟය, පොල් හිඟය, ලුණු හිඟය, බෙහෙත් හිඟය සහ පොහොර හිඟය වැනි සෑම ආකාරයකම භාණ්ඩ හිඟයන්ට ජනතාවට මුහුණ පාන්න සිද්ධ වුණා.

එවැනි පසුබිමක, 43% තිබුණු ජනප්‍රියතාවය 75% දක්වා ඉහළ නගින්න කිසිම විදිහක් නැහැ කියන එක සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා.

මේ සමීක්ෂණයේ පරස්පර කතා ගොඩක් තිබෙනවා. වාර්තාවට අනුව, ජනතාවගෙන් 82%ක් කියනවා තමන්ගේ ආර්ථික මට්ටම එක්කෝ එකතැන පල්වෙනවා, නැත්නම් තිබුණටත් වඩා නරක අතට හැරිලා තියෙනවා කියලා. එහෙම වාතාවරණයක් යටතේ ජනාධිපතිතුමාට කැමති පිරිස 75%ක් වෙන්නේ කොහොමද?

වාර්තාවේ 18%ක් කියනවා තමන්ගේ ආර්ථික මට්ටම පසුගිය වසරට වඩා හොඳ අතට හැරිලා කියලා. අන්න ඒ 18%, අපි ජනාධිපතිතුමාට කැමතියි කියනවා නම්, ඒක තේරුම් ගන්න පුළුවන් කාරණයක්. විශේෂයෙන්ම, ජනතාවගෙන් 44%ක්ම කියනවා ආණ්ඩුව විසින් ජීවන වියදම කළමනාකරණය කිරීම පිළිබඳව අතෘප්තිමත් කියලා. ඒ එම ජනතාව ජනාධිපතිතුමාට කැමති කියලා තීරණය කළා කියන එක අපි විශ්වාස කරන්නේ කොහොමද?

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කරලා තියෙන සමීක්ෂණයේ බරපතළ අඩුපාඩු ගණනාවක් තියෙනවා. මිලියන 22ක ජනගහනයක මතය දැනගන්න, මේ අය නියැදිය විදිහට භාවිතා කරලා තියෙන්නේ පුද්ගලයන් 1,240ක් පමණයි. නියැදිය කුඩා වෙන්න කුඩා වෙන්න, මහජන මතය විකෘති වීමේ අවදානමක් තියෙනවා කියන එක සංඛ්‍යා ලේඛන විද්‍යාවේ උගන්වන වැදගත් මූලධර්මයක්. ඒ වගේම, මේ සමීක්ෂණයට අනුග්‍රහය දැක්වූයේ කවුදැයි වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ.

මෙවැනි සමීක්ෂණයක් කරන්න සල්ලි වියදම් කළ කෙනා දැනගත්තම, සමීක්ෂණයේ යටි අරමුණු තිබුණාද නැද්ද යන්න හොයා බලන්න තිබුණා.

මේ නියැදිය නියෝජිතත්ව නියැදියක් (Representative sample) නෙවෙයි. ඒ කියන්නේ රටේ ජනගහනයේ ලක්ෂණ මේ නියැදිය තුළ ප්‍රතිනිර්මාණය වෙලා නැහැ.

උදාහරණයක් ලෙස, ලංකාවේ බෞද්ධයන් 70%ක් ඉන්නවා. නියෝජිතත්ව නියැදියක් නම් අර 1,240න් 868ක් බෞද්ධ වෙන්න ඕනේ. නමුත් මේ අය කරලා තියෙන්නේ අහඹු ලෙස 1,240ක් සමීක්ෂණයට ගන්නවා. ඒ අය අතර බෞද්ධයන් ඉන්නේ 100යි නම්, ඒක අර 868ක් හිටියා විදිහට බර තැබීමකින් වැඩි කරනවා.එහෙම බර තැබීමක් කරද්දී, ඒ බර තැබීම කෙතරම් යථාර්ථවාදීද කියලා දැනගන්න ජාතිය, ආගම, වයස, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම වැනි නියැදියේ ලක්ෂණ වාර්තාවේ හෙළිදරව් කළ යුතු වුවත්, එවැනි හෙළිදරව් කිරීමක් වාර්තාවේ නැහැ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය කියන්නේ විදේශීය ආධාර ලබමින්, බලය බෙදීම වෙනුවෙන් දශක ගණනාවක් පුරාවට දැඩි ලෙස පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධානයක් (NGO). මට හිතෙන විදිහට නම් මේ අය ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න පැකිලෙමින් ඉන්න නිසා, "නැහැ නැහැ, ඕගොල්ලෝ මාර ජනප්‍රියයි, බය නැතුව පළාත් සභා මැතිවරණය තියන්න" කියලා ආණ්ඩුව ගොනාට ඇන්දීමට දක්වපු උත්සාහයක් විදිහටයි මේ සමීක්ෂණ වාර්තාව අපි දකින්නේ."


සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් 8 වනදා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ජාතික ජන බලවේගය බලයට පත්වූ විගස රටටම සාමය ගෙනැවිත් දුන් බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි.
ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් බේරුවල ධීවර වරායට යාත්‍රා ඇතුළු වීම තාවකාලිකව නතර කරන ලෙස දන්වමින් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් නිකුත් කරන ලදැයි කියන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වෙමින් පවතී.
මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.
ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.
නේපාලයේ හිමාල කලාපීය නිම්නයකට හිම, පාෂාණ සහ මඩ පටලයක් කඩාවැටීමෙන් සිදුවූ අතිබලවත් ස්වාභාවික විපතෙන් දින 10කට පසුව, උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු පණපිටින් මුදාගැනීමට නේපාල ආරක්ෂක අංශ සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වත්මන් රජය බලයට පත්වූ වහාම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගත් බවත්, 2027 වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩපිළිවෙළින් ඉවත් වී ජනතාවට මීට වඩා සහන ලබාදීමට රජය බලාපොරොත්තු වන බවත් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර සඳහා සුදුසු පුද්ගලයන් තෝරාගැනීම ප්‍රමාද වී ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 13ක තිස්සේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ව්‍යාපාරික නිමල් පෙරේරා නැමැත්තා ලබා දුන් ප්‍රකාශයක් පදනම් කරගෙන පමණක් බව එම පක්ෂයේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.