හූතිවරු සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරයක් ප්‍රකාශ කරති!
යේමනයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් සෞදි අරාබියට එරෙහිව නාවික අවහිරයක් (Naval Blockade) ප්‍රකාශයට පත් කර ඇති අතර, එය වසර ගණනාවකට පසු දෙපාර්ශ්වය අතර ඇති වූ විශාලතම උත්සන්න වීම ලෙස සැලකේ.
මෙම පියවර ගෙන ඇත්තේ සතියකට පෙර සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයට පක්ෂපාතී හමුදා විසින් සනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුවය. එම ප්‍රහාරයේ අරමුණ වූයේ ටෙහෙරානයේ සිට හූති නියෝජිත පිරිසක් රැගෙන ආ ඉරාන ගුවන් යානය සනා ගුවන් තොටුපළට ගොඩබෑම වැළැක්වීම බව වාර්තා වේ.
සඳුදා(20) නිකුත් කළ නිවේදනයක හූති හමුදා ප්‍රකාශක යහ්යා සරී (Yahya Saree) තම රටට එරෙහිව ක්‍රියාත්මක වන බව ඔහු හැඳින්වූ "අසාධාරණ සහ පීඩාකාරී අවහිර කිරීම" දැඩි ලෙස හෙළා දුන්නේය.
"ඇසකට ඇසක්" යන මූලධර්මය මත පදනම්ව, "අපරාධකාරී සෞදි සතුරාට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කරන බව" යේමන සන්නද්ධ හමුදා වෙනුවෙන් සරී X සමාජ මාධ්‍යයට එක් කළ වීඩියෝ පණිවුඩයකින් ප්‍රකාශ කළේය.
සෞදි අරාබිය විසින් සිදු කරන "ඕනෑම මෝඩ ක්‍රියාවක්" සඳහා "සම්පූර්ණ සහ තීරණාත්මක ලෙස උත්සන්න කරන ප්‍රතිචාරයක්" ලැබෙනු ඇති බවටද ඔහු අනතුරු ඇඟවීය.
සෞදි අරාබියේ විදේශ අමාත්‍යාංශය "හූති ත්‍රස්තවාදී මිලීෂියාව" හෙළා දකිමින්, ජාත්‍යන්තර නීතියට අනුකූලව තම නෞකා ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
ෂියා මුස්ලිම් ව්‍යාපාරයක් වන හූතිවරු 2014 වසරේදී යේමනයේ සිවිල් යුද්ධය අතරතුර එරට අගනුවර වන සනා අත්පත් කර ගත්හ. ඊට වසරකට පසු ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යේමන රජයට සහාය ලබාදීම සඳහා සෞදි අරාබිය ප්‍රමුඛ හමුදා මැදිහත්වීමක් ආරම්භ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන විසින් හෙළා දකින ලද එම බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් යේමනයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වූ අතර, මිලියන ගණනක් ජනතාව අවතැන් වූහ.
සෞදි නායකත්වයෙන් සිදු කළ යුද මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් හූතිවරු සෞදි අරාබියේ ගුවන් තොටුපළ සහ බලශක්ති පහසුකම් ඇතුළු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළහ.
2023 දී ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු, පලස්තීන ජනතාව සමඟ සහයෝගීතාවය පළ කිරීමක් ලෙස හූතිවරු රතු මුහුදේ ගමන් කරන නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්හ. 2025 මැයි මාසයේදී එක්සත් ජනපදය සහ හූතිවරු අතර ඇති වූ සටන් විරාමයකින් පසුව එම ප්‍රහාර බොහෝ දුරට නතර විය.
සූවස් ඇළ (Suez Canal) හරහා මධ්‍යධරණී මුහුදටත්, බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය (Bab el-Mandeb Strait) හරහා ඉන්දීය සාගරයටත් සම්බන්ධ වන රතු මුහුදේ ආරක්ෂාව ලෝක නාවික වෙළඳාම සඳහා අතිශය වැදගත් වේ.
මෙම නාවික අවහිරය ප්‍රකාශයට පත් කර ඇත්තේ, තවත් ප්‍රධාන සමුද්‍ර ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය හේතුවෙන් තවමත් වසා දමා ඇති පසුබිමකය.
අද(21) එරට වේලාවෙන් රාත්‍රියේ එක්සත් ජනපදය අඛණ්ඩව දසවන රාත්‍රියටත් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, දෙපාර්ශ්වයම පවසා ඇත්තේ පැවති සටන් විරාමය ප්‍රායෝගිකව අවසන් වී ඇති බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..