නරේන්ද්‍ර මෝදිට සහ අධ්‍යාපන අමාත්‍යවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වමින් කොංග්‍රස් නායකයෝ දිල්ලියේදී විරෝධතාවයක..
ජාතික මට්ටමේ තරගකාරී විභාගවල සිදුවූ බව කියන අක්‍රමිකතා සහ ඊට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සිසුන්ට පොලිසිය පහරදීමේ සිද්ධිය මුල් කරගනිමින්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් කොංග්‍රස් පක්ෂයේ නායකයෝ අද නව දිල්ලියේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකා ගාන්ධි වද්රා සහ පක්ෂයේ මහලේකම් කේ.සී. වේණුගෝපාල් ඇතුළු ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස පිහිටි ලොක් කල්‍යාන් මාර්ගය අසලට රැස්ව මෙසේ සිය විරෝධතාව පළ කර තිබේ.
මෙම විරෝධතාවයට පෙර, රාහුල් ගාන්ධි මහතා ඇතුළු සමාජවාදී පක්ෂය, ශිව් සේනා (UBT) ඇතුළු විපක්ෂ සන්ධානයේ නියෝජිත පිරිසක් ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවී ඇති බවත්, එහිදී ඔවුන් සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරය සහ රටේ විභාග ක්‍රමවේදයේ පවතින ගැටලු පිළිබඳව පාර්ලිමේන්තුවේදී වහාම විවාදයක් ලබාදෙන ඉල්ලා සිටි බවත් වාර්තා වේ.
කථානායකවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සඳහන් කර ඇත්තේ, සිසුන් මත සිදුකළ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන නිහඬතාව "ඉන්දියානු නොවන" අයුරින් කටයුතු කිරීමක් බවයි.
"ඊයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මෝදි මහතා අවම තරමින් කණගාටුවක්වත් පළ කර නැහැ. රටේ අධ්‍යාපන සහ විභාග ක්‍රමවේදය ඇතුළතින්ම විනාශ වී ඇති බව මුළු රටම දන්නවා. ඒ වෙනුවෙන් හඬ නඟන තරුණයන්ගේ හඬ මර්දනය කිරීමටයි රජය උත්සාහ කරන්නේ," යනුවෙන් රාහුල් ගාන්ධි මහතා වැඩිදුරටත් පවසා ඇත.
පසුගියදා විභාග අක්‍රමිකතාවලට එරෙහිව සිසුන් ආරම්භ කළ විරෝධතාවලදී පොලිසිය විසින් කඳුළු ගෑස් සහ පොලු ප්‍රහාර එල්ල කර ඇති අතර, එම සිදුවීමත් සමඟ මධ්‍යම රජය සහ විපක්ෂය අතර පවතින දේශපාලන උණුසුම තවදුරටත් දැඩි වී තිබේ.
මූලාශ්‍ර - Times of India
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..