News Category
From Date
To Date
Maximum Number of Result

නේපාල - ටිබෙට් දේශසීමා කලාපයේ සිදුවූ හදිසි ගංවතුර තත්ත්වය නිසා තවත් 2,400කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර හා නිල ඇඳුම් වෙනුවෙන් රුපියල් 89,40,13,863ක (කෝටි 89කට අධික) මුදලක් වැයකර ඇති බව ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හෙට (31) දිනට සති දෙකක් සපිරේ.

ශ්‍රී ලංකා රේගුව භාරයට ගන්නා ලද වාහන 437ක් වසර අටකට අධික කාලයක් තිස්සේ නිසි කළමනාකරණයකින් තොරව විවිධ අංගනවල රඳවා තැබීම නිසා ඒවා දැඩි ලෙස දිරාපත්ව ඇති බවත්, එමගින් රජයට ලැබීමට තිබූ විශාල වෙන්දේසි ආදායමක් අහිමි වී ඇති බවත් නවතම විගණන වාර්තාවකින් හෙළි වේ.

සෙවනගල සීනි කර්මාන්තශාලාවේ පවතින සේවක නොසන්සුන්තාව සහ වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත රට පුරා දැවැන්ත ජනරැලි මාලාව වෙනුවෙන් සංවිධාන කටයුතු සහ ප්‍රචාරණ ව්‍යාපාර මේ වන විට ප්‍රාදේශීය මට්ටමින් සිදුකෙරෙමින් පවතී.

සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර ඇති බව වාර්තා වේ.

ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම විසින් තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 17කින් ඉහළ දමා තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.