News Category
From Date
To Date
Maximum Number of Result

සංවිධානාත්මක අපරාධකරුවෙකුට මෙරටින් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූට ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (26) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

6 වන “සේද මාවතේ සහයෝගීතා ගෝලීය සෞඛ්‍ය ජාත්‍යන්තර මහා සම්මේලනය” ඇතුළු චීනයේ ප්‍රමුඛ පෙළේ විද්වත් සම්මේලන සහ විශ්වවිද්‍යාලවල ප්‍රධාන දේශන පැවැත්වීමට මහාචාර්ය අතුල සුමතිපාල මහතාට ආරාධනා ලැබී ඇතැයි සෞඛ්‍ය සහ සමාජ සත්කාර පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය පවසයි.

වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූමිකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළට ගොස් තිබේ.

සිය සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක සංගමයේ කාර්යභාරය වන්නේ අදාළ නෛතික ක්‍රියාමාර්ග නිරීක්ෂණය කිරීම හා ඉදිරි පියවර පිළිබඳ සංගමයට වාර්තා කිරීම පමණක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන සමයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් ලෙස කටයුතු කළ, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා සහ CID අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා එම මාරක ප්‍රහාර මාලාවට පෙර තමන් වෙත ලැබී තිබූ තොරතුරු සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කර තිබේ.

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකිරීම ඇතුළු චෝදනා එල්ල කරමින් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන ජූලි මස 31 වැනිදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කළේය.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේට එරෙහිව සිදුවන අමානුෂික වද හිංසා පැමිණවීම් වහාම නතර කරන ලෙසත්, ඔහුව වහාම අධිකරණය හමුවට පමුණුවන ලෙසත් බල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් විරෝධතාවක් සංවිධානය කර තිබේ.

සමගි ජන බලවේගය (සජබ) විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බරපතළ සාවද්‍ය සහ මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බව ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහත වැටීමට සාපේක්ෂව, එම සහනය ඉදිරි කාලයේදී දේශීය පාරිභෝගිකයන්ට දීමට අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ජන රැළි, රටේ දැවෙන ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා පැවැත්වෙන හිස් “චූන් පාන් සන්දර්ශන” පමණක් බවත්, පසුගිය වසර දෙක ඇතුළත ආණ්ඩුව සිදුකර ඇත්තේ මැතිවරණ පොරොන්දු සියල්ල බල්ලට දමා ඩඩ්ලි, ධම්මික, ඉෂාර වැනි මහා පරිමාණ ව්‍යාපාරික පැලැන්තිය පිනවීම පමණක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”

හිතුන හිතුන වෙලාවට රෝහල්වලට යන සංස්කෘතිය වෙනස් කරන බවත්, පවුලට වෛද්‍යවරයකු ලබාදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.