News Category
From Date
To Date
Maximum Number of Result

ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම (MoU) ඉක්මනින් හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 10 රාජ්‍ය ප්‍රතිපාදන වෙන්කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

"බිනර Drama Festival" නාට්‍ය උළෙලට සමගාමීව, අඛිල සපුමල්ගේ 'රතු මඟුල් කපුවා', සැප්තැම්බර් 12 දා ඇමරිකානු ප්‍රකට නාට්‍ය රචක නීල් සයිමන්ගේ (Neil Simon) "Barefoot in the Park" නාට්‍යය ඇසුරෙන් බුද්ධික දමයන්ත විසින් නිෂ්පාදනය කරන ලද "උඩ ජෝඩුව" සහ සැප්තැම්බර් 13 දා ලක්ෂ්මන් නිපුනආරච්චිගේ 'ස්ටීවන්ගේ ළමයි' යන වේදිකා නාට්‍යය පස්වරු 7.00 ට පාරාදීසය Open Theatre (NADA බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය) හිදී වේදිකාගත වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා යෝජිත 22 වැනි සංශෝධනය මඟින් ජනතාවගේ පරමාධිපත්‍යයට සෘජුවම බලපෑම් ඇති කරන බැවින්, එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට ලක් කළ යුතු බව ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) දැඩි ලෙස අවධාරණය කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් යුක්තිය ඉල්ලා "සලේට යුක්තිය" (#JusticeForSallay) මැයෙන් සංවිධානය කරනු ලබන විශේෂ සංවාද මණ්ඩපය අද (අගෝස්තු 23) පස්වරු 2.30 ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම දෛනික බෝම්බ ප්‍රහාර සහ පළිගැනීමේ ප්‍රහාර මාලාවක් බවට මේ වන විට පත්ව ඇත. මේ තත්වය තුළ ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් හිමි රාජ්‍ය පාලකයෝ මෙන්ම සාමාන්‍ය ජනයා හුස්ම හිරකරගෙන, ඊළඟට සිදුවන්නේ කුමක්දැයි බලා සිටිති.

ජනාධිපතිතුමා හොරු අල්ලන එක ගැන කතා කරනවා දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සද්භාවය පෙන්වන්න ජනාධිපති ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පන්නලා අහුවෙලා. හැබැයි ඒක යටගහගෙන ඉන්නවා ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා අවංක නම්, අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්නේ කියලා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රටම එකට ක්‍රියාවලිය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අවුරුදු 21ට අඩු දරුවන් 8500ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන බවත්, ඔවුන් වින්දිතයන් බවත්, ඔවුන්ව උසාවි දැමූ පසු ඇප ලබා නොදීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරයට යාමට සිදුවන බවත් එහිදී ඔවුන් වැටෙන්නේ පාතාල අපරාධකරුවන් අතරට බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් "කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ" යනුවෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව රැසක දැඩි විරෝධයක් එල්ල වී තිබේ .


ප්‍රධාන පුවත්

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.