News Category
From Date
To Date
Maximum Number of Result

බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

මැතිවරණයට පෙර වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අඩිතාලමක් සකස් කිරීමට සූදානම් බවක් විසර්ජන පනත් කෙටුම්පත දිහා බලද්දී නොපෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ජනපති අනුර කුමාර දිසානායක සිදුකරන චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයේ (16) ඒකාබද්ධ ප්‍රකාශය මේ වන විට නිකුත්කර තිබෙනවා. සුහදශීලී සහ මිත්‍රශීලී වාතාවරණයක් තුළ, දෙපාර්ශ්වයම ගැඹුරු අදහස් හුවමාරු කර ගත් අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු කිරීම සහ උසස් තත්ත්වයේ එක් තීරයක් සහ මාවතක් මෙන්ම බහු-ආංශික ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව පුළුල් පොදු අවබෝධයකටත් මෙහිදී එළඹුණ බව සඳහන්.

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබේ. තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකිරීම සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායතක්වයට ඇරයුම් කර ඇත. චීන ජනාධිපති ෂී ජි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේදී මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම අද (16) පෙරවරුවේ සිදු විය.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීමේදී පක්ෂ ලකුණ පිළිබඳ කරුණු බලපා ඇති නිසා මේ වනවිට සාකච්ඡා අවසන් වී නැතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන ක්වෝ වොරන්ටෝ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට ජනවාරි මස (31) වැනිදා කැදවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර ඇත.

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලිබල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකළ රිට් පෙත්සමක් මැයි මස 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ් ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන විසින් ගොනුකළ තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

චීන ජනාධිපති ෂී ජින්පිංගේ (Xi Jinping) ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක්විය.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.