ශ‍්‍රී ලංකාව අපේ ඇතැම් නිර්ණායක සපුරා නෑ.. ආර්ථික වර්ධන වේගය 3%ට බහිනවා..- IMF කියයි
පවතින දැඩි අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබාදුන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ශ්‍රී ලංකාව විසින් ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරමින් සිටින බව එම අරමුදල සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළ පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සාර්ථකව නිම කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දක්වා ඇත.
කෙසේ වුවද, වත්මන් ගෝලීය දේශපාලනික තත්ත්වයන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන කෙරෙහි සෘණාත්මක බලපෑම් එල්ල කරමින් පවතින බවද එහි පෙන්වා දී තිබේ.
විශේෂයෙන්ම වර්තමානයේ පවතින මැද පෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්මට සහ සාර්ව ආර්ථික ස්ථාවරත්වයට සැලකිය යුතු මට්ටමේ දැඩි අවධානමක් මෙන්ම අහිතකර බලපෑම් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
මෙම යුධමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම, උද්ධමනය ඉහළ යාමට සහ මෙරට ජංගම ගිණුමේ ශේෂය දුර්වල වීමට හේතු විය හැකි බව එම අරමුදලේ මතයයි.
මීට අමතරව මැද පෙරදිග අර්බුදය නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම් පහත වැටීමද ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල කරන බව පෙන්වා දී ඇත.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවලට අනුව, විදේශ ගෙවීම් හිඟය පියවා ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග සහ ආනයන සීමා කිරීම්වලට අදාළ අඛණ්ඩ නිර්ණායකයන් ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණයෙන්ම සපුරා නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ.
නව බාහිර ගෙවීම් හිඟයන් ඇති නොකර ගැනීම සහ ආනයන සීමාවන් තවදුරටත් දැඩි නොකිරීම වැනි අඛණ්ඩ නිර්ණායකයන් මෙලෙස නිසි පරිදි නිරීක්ෂණය වී නොමැති බව අරමුදල පවසයි.
මේ හේතුවෙන් විදේශීය සංචිත ශක්තිමත් කර ගැනීම සඳහා නම්‍යශීලී විනිමය අනුපාතික ක්‍රමවේදයක් පවත්වා ගැනීම සහ ගෙවුම් ශේෂ පියවීමේ පියවරයන් ක්‍රමයෙන් ඉවත් කිරීම තීරණාත්මක වන බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම බාහිර කම්පන සහ අභියෝගාත්මක තත්ත්වයන් හේතුවෙන් මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ක් දක්වා මන්දගාමී වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී පුරෝකථනය කර තිබේ.
කෙසේ වුවද, පසුගිය කාලසීමාව තුළ ක්‍රියාත්මක කරන ලද දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වී ඇති බවත්, එමඟින් පීඩාවට පත් වූ ජනතාව රැකගැනීම සඳහා සහන සැලසීමට රජයට අවස්ථාව ලැබී ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වන සැසිය ඇරඹේ.. - මෙරට ගැන වාර්තාවක් අද..
දූෂිත නිමල් පෙරේරා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකුගෙ ව්‍යාපාරික සගයෙක්.. - ඩී.වී චානක
22 සංශෝධන පෙත්සම් විභාගය ගැටළුකාරීයි.. - අධිකරණ ස්වාධීනත්වය ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ප්‍රශ්න කරයි..
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..
සරණාගත ජාවාරම පවත්වාගෙන යාම සඳහා එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි..
ආණ්ඩුවට වසර දෙකයි.. ඩඩ්ලිට ධම්මිකට ඉෂාරට සුබයි.. ජනතාවටයි, ගමේ ජෙප්පන්ටයි දුකේ දුකයි.. - ආණ්ඩුවේ දෙවසරක අස්වැන්න ගැන විමල් වීරවංශගේ හෙලිදරව්වක්..
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..