
"ඇලස්කා එයාර් ලයින් "ගුවන් සමාගම සිය බෝයිං ගුවන් යානා බල ඇණිය භාවිතය තාවකාලිකව නවතා දමයි
"ඇලස්කා එයාර්ලයින්ස්" ගුවන් සමාගම පවසන පරිදි ඊයේ(06) එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් ගුවන් තොටුපල වෙත හදිසි ගොඩබෑමකට ලක් කළ බෝයිං 737 මැක්ස් -9 ගුවන් යානයේ දෝෂය හේතුවෙන් සමාගමේ ගුවන් යානා සමූහයම “තාවකාලිකව” ගොඩබිම්ගත කරන බව නිවේදනය කර තිබේ.
මගීන් 174 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු රැගත් බෝයිං 737 මැක්ස් -9 ජෙට් යානය කැලිෆෝනියාවට යාමට නියමිතව තිබූ යානය ගුවන්ගත වී මිනිත්තු 35 කින් පසුව පෝට්ලන්ඩ් වෙත ආපසු පැමිණ ආරක්ෂිතව ගොඩ බැස්වූ බව ගුවන් සමාගම පවසයි. පියාසැරි ලුහුබැඳීමේ දත්ත වලට අනුව යානය සිය හදිසි ගොඩ බැසීම ආරම්භ කිරීමට පෙර අඩි 16,000 (මීටර් 4876) ක ඉහළට ළඟා වී ඇති බව පැවසේ.
“ඇලස්කා එයාර්ලයින්ස් 1282 ගුවන් යානය ඔරිගන්හි පෝට්ලන්ඩ් සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ වෙත පිටත් වූ විගසම අද සවස තාක්ෂණික දෝෂයකට මුහුණ දුන්නේය,” සමාගම ජනවාරි 05 වනදා සවස නිවේදනය කළේය. එම නිවේදනයට අනුව යානා සමුහය සම්පූර්ණ පරීක්ෂණයකට භාජනය කොට අවසන් වන තෙක් තම සමාගමට අයත් බෝයිං 737 මැක්ස් -9 ගුවන් යානා 65ම “තාවකාලිකව බිම්ගත කිරීමේ” පියවර ගෙන ඇති බව පැවසේ.
මැක්ස්-9 යනු බෝයිං 737 කාණ්ඩයේ ද්විත්ව එන්ජින්, තනි අන්තරාල ගුවන් යානා මාලාවේ නවතම නිෂ්පාදනයයි. 2017 මැයි මාසයේදී සේවයට එක් වූ ගුවන් යානය එක්සත් ජනපදයේ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නිතර භාවිතා වේ.
අනතුරට ලක් වූ ගුවන් යානය තුළ සිට සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද පින්තූර වලට අනුව ගුවන් යානයේ වම් පැත්තේ, පියාපත් සහ එන්ජිමට පිටුපසින් විශාල හිඩැසක් නිර්මාණය කළ ඇති සිදුරක් පෙන්නුම් කරයි. තවත් ඡායාරූප වල බලපෑමට ලක් වූ ප්‍රදේශයට ආසන්නතම ආසනය නිරූපනය වන අතර,සිද්ධියෙන් හානි වූ එම ප්‍රදේශයේ මගීන් කිසිවෙකු සිට නැත.
ඇලස්කා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් මිනිකුචි විසින් 05 වනදා රාත්‍රියේ නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් කළේ “මෙම ගුවන් යානයේ සිටි මගීන් දුටු විට මගේ හදවත කම්පනයට පත් වූවා. "ඔබ අත්දුටු දේ ගැන මට කණගාටුයි." “අපගේ ගුවන් නියමුවන් සහ ගුවන් සේවිකාවන් දැක්වූ ස්ථානෝචිත ප්‍රතිචාරයට මම කෘතඥ වෙනවා” යැයි ඔහු වැඩිදුරටත් නිවේදනය මගින් පැවසීය.
මේ අතර බෝයිං සමාගම පැවසුවේ සිද්ධිය පිළිබඳව තමන් දැනුවත් කර ඇති අතර “වැඩිදුර තොරතුරු රැස් කිරීමට කටයුතු කරමින් සිටින” බවත්, පරීක්ෂණයකට සහාය වීමට තාක්ෂණික කණ්ඩායමක් සිටින බවත්ය. මේ අතර, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය, යානයේ පීඩන ගැටලුවක් වාර්තා කර ඇති බවත්, පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් තහවුරු කළේය.
බෝයිං 77 මැක්ස් කාණ්ඩය “ඉතිහාසයේ වඩාත්ම පරීක්‍ෂාවට ලක් වූ ප්‍රවාහන ගුවන් යානය” ලෙස මේ වන විට නම් කර ඇත.විශේෂයෙන් 2018 සහ 2019 වසර වල දී සිදු වූ අනතුරු දෙකකින් පුද්ගල මරණ 346ක් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් කළ විමර්ශන මාලාවකින් පසුව, පසුව 2019 මාර්තු මාසයේදී බෝයිං 77 මැක්ස් ගුවන් යානා මාස 18 ක් ගොඩබිම්ගත කිරීමට කටයුතු කළේය.
මෙහෙයුම් නැවත ආරම්භ කිරීම පෙර, සෑම මැක්ස් ගුවන් යානයක්ම සැලකිය යුතු ආරක්ෂක වෙනස් කිරීම් වලට භාජනය විය. නිෂ්පාදකයාගේ දත්ත වලට අනුව බෝයිං 77 මැක්ස් කාණ්ඩයේ ගුවන් යානා 1,300 ක් පමණ දැනට මෙහෙයුම් වල යෙදෙන බව සැලකේ.
https://www.rt.com/news/590187-us-alaska-airlines-grounds-boeing/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
