
බෝයිං ගුවන් යානා සම්බන්ධයෙන් සාමාන්‍ය පරිදි කටයුතු කරන්නේ නැහැ - එක්සත් ජනපද ගුවන් සේවා නියාමන අධිකාරිය
එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA ) මගීන්ගේ ආරක්‍ෂාව ගැන සඳහන් කරමින් බෝයිං සමාගමට එහි 737 MAX ගුවන් යානා නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම තාවකාලිකව තහනම් කර ඇත.
මෙම තීරණය ගෙන ඇත්තේ, සමාගමේ එක් යානයක කොටසක් අහිමි වූ ජනවාරි මාසයේ සිදු වූ පිපිරීමක් හේතුවෙන් බව වාර්තාවේ.
ජනවාරි 5 වන දින, පෝට්ලන්ඩ්, ඔරිගන්හි සිට කැලිෆෝනියා වෙත ගමන් කරමින් සිටි ඇලස්කාන්ගුවන් සේවයේ 1282 ගුවන් යානයට හදිසි ගොඩබෑමක් කිරීමට සිදු වූ ජනේල පුවරුවක් ගැලවී යාමේ සිද්ධියයි. මෙම සිදුවීමෙන් බරපතල සිදුවීම කිසිවක් සිදු නොවූ අතර, එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් දැඩි පරීක්‍ෂා කිරීම් සඳහා බෝයිං 737-9 MAX වර්ගයේ ගුවන් යානා 171 ක් දැනටමත් ගුවන්ගත කිරීම් අත්හිටුවා ඇත. කෙසේ වුවද බෝයිං සමාගම විසින් සිය "වැරැද්ද" පිළිගෙන ඇත.
ඇලස්කා ගුවන් සේවයට අයත් ගුවන් යානයේ තිබූ ගැටලුවට සමානම දෝෂ අවම වෂයෙන් තවත් ගුවන් සමාගම් දෙකකට අයත් බෝයිං ගුවන් යානාවල ඇති බවට දැනටමත් වාර්තා වී තිබේ.
පසුගිය 24 වනදා ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ගුවන් සේවා නියාමකයා අවධාරණය කළේ එවැනි තත්වයන් “නැවත කිසිදා සිදු නොවිය යුතු” බවයි.
"737-9 MAX ඇතුළුව බෝයිං ගුවන් යානා වල කිසිදු නිෂ්පාදන ප්‍රසාරණයක් ලබා නොදෙන" බව බෝයිං සමාගම වෙත දැනටමත් දන්වා ඇති බව එක්සත් ජනපද ගුවන් සේවා නියාමකයා වැඩිදුරටත් සඳහන් කළේය.
බෝයිං ගුවන් යානා වල නව ගොඩබිම්ගත කිරීම් සහ ආරක්ෂණ පරීක්ෂාවන් සම්බන්ධයෙන් රෙගුලාසි පනවා ඇත්තේ බෝයිං නැමැති එක්සත් ජනපද ගුවන් යානා නිෂ්පාදකයා මීට වසර කිහිපයකට පෙර ඔවුන් නිෂ්පාදකයා කළ ගුවන් යානා දෙකක් ඉතියෝපියාවේ (2019) සහ ඉන්දුනීසියාවේ (2018) කඩා වැටී පුද්ගලයින් 346 දෙනෙකු මරු මුවට පත් වීමත් සමඟය. එම ඛේදවාචක දෙකේ ප්‍රතිඵලයක් ලෙස 737 MAX ගුවන් යානා මාස 20ක් පුරා ගුවන්ගත නොකර සිටීමට ගුවන් සමාගම් කටයුතු කරනු ලැබීය.
https://www.rt.com/news/591249-boeing-no-business-usual-faa/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
