News Category
From Date
To Date
Maximum Number of Result

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතු ව හෙළා දකින බව කතෝලික සභාව අවධාරණය කරයි.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය හා ජනතාව අතර ඇති සම්මුතිය කොතරම් දුරට ආරක්ෂා වනවාද, බලවත් වනවාද කියන කාරණය මත අනෙකුත් කාරණා රඳා පවතින බව ඇතමුන් පාර්ලිමේන්තුවේ දී පැවසුව ද මේ වන විට ජනතාව හා රාජ්‍ය අතර සම්මුතිය ශක්තිමත් වී ඇත්දැයි ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකර සිටියේය.

රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා “ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට” එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම නීති විරෝධී බව නිදහස් ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (27 දා) පැවසීය.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, වාරිමාර්ග හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී තිබූ ජනවාර්ගික අර්බුදය නියමාකාරයෙන් තේරුම් ගැනීමට තමිල්නාඩු රජය අපොහොසත් වීම හේතුවෙන් ජාතියට ද්‍රෝහි වූ බවට තමාට චෝදනා එල්ල කළ බව මුත්තයියා මුරලිදරන් මහතා ඊයේ (26) ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

"සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවා රජයේ පොල් ඉඩම් එම ආයතනයට ලබාදුන්නේ කිරි ගවයින් අභිජනනය කර ගොවීන්ට ලබාදීම සහ ගොවිපොළ යොදාගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහායි.

කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ රුපියල් මිලියන 10,736ක වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් මාත්‍රා 7,951,710ක් කල්ඉකුත් වී ඇති බව අනාවරණය වී තිබේ.


දේශීය පුවත්

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

'ඩොල්ෆින්' චීනයට කඩා වදී..

මෙම වසරේ චීනයට කඩා වැදුණු ප්‍රබලම නිවර්තන කුණාටුව වන "ඩොල්ෆින්" සුළි කුණාටුව, ඊයේ (09) සවස චීනයේ නැගෙනහිර වෙරළ තීරයට ළඟා වී තිබේ.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ.

"විශ්වාසභංගයෙන් ඇමති බේරගත්තාට වැඩක් වුණේ නැහැ" - චාමර සම්පත් දසනායක

විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ ඇමතිවරයාව බේරා ගැනීමට කටයුතු කළද එයින් කිසිදු යහපත් ප්‍රතිඵලයක් හෝ වැඩක් සිදු නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසයි.

පොල්තෙල් ආනයන සමාගම් 5ක් රු.මිලියන 2891ක් රජයට බදු පොලු තියලා..

පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟ බදු ලෙස රුපියල් මිලියන 2,891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙලෙස ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණයෙන් මිලියන 2,723ක් එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර මිලියන 168ක් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.