
ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන අමෙරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය පතුරුවන මහා බොරුවෙන් මිදී යථාර්ථය වටහාගත යුතුයි - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවලින් බොහෝ තොරතුරු වාර්තා කළ ද බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එය පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය පතුරුවන අසත්‍ය තොරතුරුවලින් මිදී මෙහිදී යථාර්ථය වටහාගත යුතු බවයි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවල නොයෙකුත් තොරතුරු පළ වුනා. ඒත් මට පෙනෙන විදිහට බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එම සිදුවීම් පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින්.
අපි හදාගත්තු මානසිකත්වයක් තියෙනවා අමෙරිකාව තමයි ලොකුම කියලා. ඒ වගේම දක්ෂයෝ ඉන්නේ ඊශ්‍රායලයේ කියලා. අපි හදාගත්තු මනෝ ලෝකවල ඉඳලා මේ කාරණේ දිහා බලනකොට අපිට පේන්නේ වෙනස් විදිහකට.
ඉරානය ඊශ්‍රායලයට පහරදීම ඇත්තටම හරි සාර්ථකයි. මොකද ඉරානය ඊශ්‍රායලයේ ගුවන් හමුදා ගුවන්තොටුපළකට මෙම ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිය කඩාගෙන ගිහිල්ලා. එම පහරදීමේ දී ඉරානය යොදාගෙන තියෙනවා බැලැස්ටික් මිසයිල හා හයිපර් සොනික් මිසයිල. හයිපර් සොනික් මිසයිල අමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ නැහැ. අන්න එතනදි තමයි මේ කාරණේ වැදගත් වෙන්නේ.
මේ මිසයිලයක් ඇතුළේ න්‍යෂ්ඨික පද්ධතියක් සවිකර තිබුනා නම් වර්ග කිලෝමීටර 25000ක් පමණ වූ ඊශ්‍රායලය කියන පුංචි රට අද නැහැ. අන්න ඒ පහරදීම තුළින් ඉරානය, අමෙරිකාවටත්, ඊශ්‍රායලයටත්, ජාත්‍යන්තරයටත් පෙන්නුවා අපි ගාව ආයුද තියෙනවා අවශ්‍ය නම් න්‍යෂ්ඨික ආයුදයක් හැටියටත් පාවිච්චි කරන්න පුලවන් කියලා.
මේ අතර එහිදී අමෙරිකාව පෙන්නුවා තම සගයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. අද ඊශ්‍රායලය කියනවා අපි ඉරානයට ගැහුවා කියලා. හැබැයි ඉරානය කියනවා අපිට බාහිරින් පහරදීමක් වුනේ නැහැ කයලා. මෙම පහරදීමේ දී ඉරානයට කඩාවැටුනු ඩ්‍රෝන යානා විශ්ලේෂණය කරලා ඉරානය කියනවා මේ ඩ්‍රෝන යානා වැඩිදුරක සිට ආපු යානා නෙවෙයි කියලා. ඔවුන්ට සැකයක් තියෙනවා ඉරානය තුළින්ම එම යානා පැමිණුනා කියලා.
ඊශ්‍රායලයේ ජෙරුසිලම් පෝස්ට් එක කියනවා අපි මේ පහරදීම භාරගන්නේ නැහැ කයලා. රුසියානු විශ්ලේෂකයන් මේක දකින්නේ නාමමාත්‍රයෙන් මූනිච්චාවට කරපු දෙයක් විදිහට. ඉරානයේ යුද විශ්ලේෂකයන් කියනවා අපිට මේ පහරදීමේ දී හානියක් වුනේ නැහැ කයලා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය කියනවා ඉරානයේ තිබෙන කිසිම න්‍යෂ්ඨික ඉලාගාරයකට මෙම පහරදීමෙන් හානියක් සිදුවෙලා නැහැ කියලා. දැන් අමෙරිකාව කියනවා දෙපිරසම ප්‍රහාර දියත්කරපු නිසා මෙතනින් එහාට මේක ගෙනියන්න අවශ්‍ය නැහැ කියලා.
අමෙරිකාවට මෙහිදී උවමනා වුනා මාධ්‍ය ලෝකයක් මවන්න. ඉරානය විසින් ඊශ්‍රායලයට සිදුකළ පහරදීම විසින් ඊශ්‍රායලයත් අමෙරිකාවත් මේ වන විට බයවෙලා ඉන්නේ කියනදේ පැහැදිලියි. ඒ නිසා ඒ අය බයයි මෙම තත්ත්වය ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම ඉරානය සතු යුද බලය පිළිබඳව ඔවුන්ට භීතියක් තියෙනවා.
මෙතනදී අපි වටහාගත යුතු වැදගත්ම දේ තමයි බටහිර මාධ්‍යවලට මුලා වෙලා ඉන්න තාක්කල් අපි ඇත්ත දකින්නේ නැහැ කියන කාරණය. අපේ දේශපාලකයන් හා මාධ්‍ය 70 - 80 දශකවල මානසිකත්වයෙන් තවමත් සිටිමින් ඇත්ත නොදැනගෙන යන ගමනින් අපට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනෙ.
අමෙරිකාව වට්ටන්න බැරි රටක් යන මානසික්වය ඇත්තටම අද යථාර්ථයක් නෙවෙයි. අමෙරිකාව අද වැටිල ඉවරයි. අප්‍රිකානු රටවල් වගේම වෙනිසියුලාව පවා අද අමෙරිකාවට අභියෝග කරන තත්ත්වයකට පත්ව සිටිය දී අපි තවමත් අමෙරිකානු වහලුන් විදිහට ජීවත්වෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ මානසිකත්වයෙන් අපි අත්මිදිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
