ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන අමෙරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය පතුරුවන මහා බොරුවෙන් මිදී යථාර්ථය වටහාගත යුතුයි - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවලින් බොහෝ තොරතුරු වාර්තා කළ ද බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එය පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින් බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිත ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ලංකා ලීඩර් වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අමෙරිකාව ප්‍රමුඛ බටහිර මාධ්‍ය පතුරුවන අසත්‍ය තොරතුරුවලින් මිදී මෙහිදී යථාර්ථය වටහාගත යුතු බවයි.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"ඉරාන - ඊශ්‍රායල ගැටුම ගැන මාධ්‍යවල නොයෙකුත් තොරතුරු පළ වුනා. ඒත් මට පෙනෙන විදිහට බහුතරයක් මාධ්‍යවේදීන්, දේශපාලකයන් හා විශ්ලේෂකයන් එම සිදුවීම් පළ කර තිබුනේ වහල් මානසිකත්වයකින්.
අපි හදාගත්තු මානසිකත්වයක් තියෙනවා අමෙරිකාව තමයි ලොකුම කියලා. ඒ වගේම දක්ෂයෝ ඉන්නේ ඊශ්‍රායලයේ කියලා. අපි හදාගත්තු මනෝ ලෝකවල ඉඳලා මේ කාරණේ දිහා බලනකොට අපිට පේන්නේ වෙනස් විදිහකට.
ඉරානය ඊශ්‍රායලයට පහරදීම ඇත්තටම හරි සාර්ථකයි. මොකද ඉරානය ඊශ්‍රායලයේ ගුවන් හමුදා ගුවන්තොටුපළකට මෙම ප්‍රහාරය එල්ල කළේ ඊශ්‍රායල ආරක්ෂක පද්ධතිය කඩාගෙන ගිහිල්ලා. එම පහරදීමේ දී ඉරානය යොදාගෙන තියෙනවා බැලැස්ටික් මිසයිල හා හයිපර් සොනික් මිසයිල. හයිපර් සොනික් මිසයිල අමෙරිකාවේ හෝ ඊශ්‍රායලයේ නැහැ. අන්න එතනදි තමයි මේ කාරණේ වැදගත් වෙන්නේ.
මේ මිසයිලයක් ඇතුළේ න්‍යෂ්ඨික පද්ධතියක් සවිකර තිබුනා නම් වර්ග කිලෝමීටර 25000ක් පමණ වූ ඊශ්‍රායලය කියන පුංචි රට අද නැහැ. අන්න ඒ පහරදීම තුළින් ඉරානය, අමෙරිකාවටත්, ඊශ්‍රායලයටත්, ජාත්‍යන්තරයටත් පෙන්නුවා අපි ගාව ආයුද තියෙනවා අවශ්‍ය නම් න්‍යෂ්ඨික ආයුදයක් හැටියටත් පාවිච්චි කරන්න පුලවන් කියලා.
මේ අතර එහිදී අමෙරිකාව පෙන්නුවා තම සගයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ කියලා. අද ඊශ්‍රායලය කියනවා අපි ඉරානයට ගැහුවා කියලා. හැබැයි ඉරානය කියනවා අපිට බාහිරින් පහරදීමක් වුනේ නැහැ කයලා. මෙම පහරදීමේ දී ඉරානයට කඩාවැටුනු ඩ්‍රෝන යානා විශ්ලේෂණය කරලා ඉරානය කියනවා මේ ඩ්‍රෝන යානා වැඩිදුරක සිට ආපු යානා නෙවෙයි කියලා. ඔවුන්ට සැකයක් තියෙනවා ඉරානය තුළින්ම එම යානා පැමිණුනා කියලා.
ඊශ්‍රායලයේ ජෙරුසිලම් පෝස්ට් එක කියනවා අපි මේ පහරදීම භාරගන්නේ නැහැ කයලා. රුසියානු විශ්ලේෂකයන් මේක දකින්නේ නාමමාත්‍රයෙන් මූනිච්චාවට කරපු දෙයක් විදිහට. ඉරානයේ යුද විශ්ලේෂකයන් කියනවා අපිට මේ පහරදීමේ දී හානියක් වුනේ නැහැ කයලා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය කියනවා ඉරානයේ තිබෙන කිසිම න්‍යෂ්ඨික ඉලාගාරයකට මෙම පහරදීමෙන් හානියක් සිදුවෙලා නැහැ කියලා. දැන් අමෙරිකාව කියනවා දෙපිරසම ප්‍රහාර දියත්කරපු නිසා මෙතනින් එහාට මේක ගෙනියන්න අවශ්‍ය නැහැ කියලා.
අමෙරිකාවට මෙහිදී උවමනා වුනා මාධ්‍ය ලෝකයක් මවන්න. ඉරානය විසින් ඊශ්‍රායලයට සිදුකළ පහරදීම විසින් ඊශ්‍රායලයත් අමෙරිකාවත් මේ වන විට බයවෙලා ඉන්නේ කියනදේ පැහැදිලියි. ඒ නිසා ඒ අය බයයි මෙම තත්ත්වය ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම ඉරානය සතු යුද බලය පිළිබඳව ඔවුන්ට භීතියක් තියෙනවා.
මෙතනදී අපි වටහාගත යුතු වැදගත්ම දේ තමයි බටහිර මාධ්‍යවලට මුලා වෙලා ඉන්න තාක්කල් අපි ඇත්ත දකින්නේ නැහැ කියන කාරණය. අපේ දේශපාලකයන් හා මාධ්‍ය 70 - 80 දශකවල මානසිකත්වයෙන් තවමත් සිටිමින් ඇත්ත නොදැනගෙන යන ගමනින් අපට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනෙ.
අමෙරිකාව වට්ටන්න බැරි රටක් යන මානසික්වය ඇත්තටම අද යථාර්ථයක් නෙවෙයි. අමෙරිකාව අද වැටිල ඉවරයි. අප්‍රිකානු රටවල් වගේම වෙනිසියුලාව පවා අද අමෙරිකාවට අභියෝග කරන තත්ත්වයකට පත්ව සිටිය දී අපි තවමත් අමෙරිකානු වහලුන් විදිහට ජීවත්වෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ මානසිකත්වයෙන් අපි අත්මිදිය යුතුයි."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්