ඊශ්‍රායල් ගුවන් යානා ලංකාවට ඒම නවතයි!
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සනාථ කළේය.
අර්කියා ගුවන් සේවාවට අයත් I Z 639 ගුවන් යානය මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට කටුනායක වෙත පැමිණ තිබිණි. ඊශ්‍රායලයේ සිට සීසෙල්ස් දූපත් වෙත ගමන් කර ඉන්දියානු දූපතකින් විශේෂ ආරක්ෂක උපකරණ හා ආරක්ෂකයන් සමග මෙරටට පැමිණෙන මෙම ගුවන් යානයට ඇතුළු වන මගීන් ගුවන් යානා පර්යන්තයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ගුවන් යානයට නංවා ගැනීම සිදුවිය. මෙම ගුවන් යානය පැමිණ පිටවන තුරු අනවසර කිසිවකුට එහි ළඟාවීමට නොහැකි වූ අතර අති දියුණු ආරක්ෂක පද්ධතියකින් එයට ඇතුළුවන මගීන් පරීක්ෂා කිරීම සිදුවිය.
මෙම දැඩි පරීක්ෂාවට මෙරට ගුවන් යානා ඉංජිනේරුවන්ගේ විරෝධයද පළවී තිබිණි.
මෙම ගුවන් යානය මෙරටට පැමිණීම නිසා ඊශ්‍රායලයේ සාත්තු සේවය ඇතුළු රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට මහත් පහසුවක් වුවත්, එම ගුවන් යානා නැවතීමත් සමග ෆ්ලයි ඩුබායි ගුවන් සේවය මගින් ඊශ්‍රායලයට යාමට ගිය හතළිස් දෙනකු ඩුබායිහිදී අතරමං වූ බව ගුවන් තොටුපළ බලධාරියකු සඳහන් කළේය. ගුවන් ගමන් කාලසටහන අනුව ඊශ්‍රායල් I Z 639 ගුවන් යානය ඊයේ (17 වැනිදා) නැවත සීසෙල්ස් ඔස්සේ ලංකාවට පැමිණෙන ගමනාන්තයක් පෙන්නුවද එය සිදු නොවුණු බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවැසීය.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්