
අනූදාහක් දිවිපුදා දාහතරදාහක් ආබාධිතව රැක ගත් රට ජවිපෙ මාලිමාවට රූපාන්තරණය වීම වෙනුවෙන් 13+++ සඳහා බිලි දෙන්නද? - යසස් ධර්මදාස (ගෝලීය ශ්‍රී ලාංකා සංසදය)
පසුගිය මැයි පළවෙනි දින ලෝක කම්කරු දිනය සැමරුමේදී ජවිපෙ මාලිමා සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිදුකළ "ගමට අධිකරණ බලය බෙදීමේ පොරොන්දුව" පිළිබඳව ලංකාලීඩ් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ඉහත පැනය අසන ලදී. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.
"මැයි පළවෙනි දින ලෝක කම්කරු දිනය සැමරුම් උත්සවයේ අනුරාධපුර රැස්වීමේදී ජවිපෙ සහ මාලිමා සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කලා ගමට අධිකරණ බලය ලබාදීමක් පිළිබඳව. මෙය හුදු ප්‍රකාෂයක් නොව, මාලිමා සාමාජිකයින් වෙත දෙන ලද පොරොන්දුවක්. මම මෙහිදී ජවිපෙ කියා සාමාජිකයින් ඉන්නා බවක් නොසැලකුවේ එම මැයිදින වේදිකාවේ ප්‍රකාශණයට අනුකූලවයි.
ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව පිළිබඳව විවිධ අර්ථකථන ජවිපෙ සහ මාලිමා නායකයින් විටින් විට් ඉදිරිපත් කර තියෙනව. ඉන් ප්‍රධාන මත දෙක තමයි මාලිමා නායිකා හරිණි අමරසුරිය මැතිණිය විසින් පාර්ලිමේන්තුවේදී "ලාල්කාන්‍ත මහතා ගමේ ජවිපෙ මාලිමා ජනතාවට අධිකරණ බලයක් ලබාදෙන්නේ යැයි කියා ප්‍රකාෂයක් නොකළ" බව පැවසීම හා රූපවාහිණී වැඩසටහනකදී ජවිපෙ මාලිමා නායක සහ එම පක්ෂවල ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා විසින් "ලාල්කාන්ත සහෝදරය කිව්වෙ හිතේ තියෙන දෙය නොවේ" යැයි පැවසීම.
ඉහත විග්‍රහ දෙකම තර්කානුකූලව නිවැරදියි කියා සිතිය හැකියි. අමරසූරිය මැතිණිය කලින්ම පුරෝකථනය කරන්න ඇති ජවිපෙ මාලිමා රැස්වීමට ඒ පැමිණ සිටිය සියල්ලම ඔවුන්ගේ පාක්ෂිකයින් නොවන බව. පසුගිය වරෙක ගෝල් ෆේස් පිටිය පුරවන්න ජනතාවක් පැමිණ සිරියත් අවසානයේදී මැතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව අනෙකුත් පක්ෂ වලින් පවසන පරිදි "මැයි රැළියට ආව අයවත් මාලිමාවට ඡන්දය දී නැහැ" කියන කියමන සත්‍ය බව එතුමියට වැටහෙන්න ඇති. ලාල්කාන්ත මහතා වේදිකාව ඉදිරිපස සිටිය ජනතාවට ඇඟිල්ල දිගු කරමින් කරන ලද එම ප්‍රකාෂය ඔවුන්ගේ පාක්ෂිකයින්ට දෙන ලද පොරොන්දුවක් නොවේ යන්න වෙනයම් හේතුවක් නිසා අමරසුරිය මැතිණිය ප්‍රතික්ෂේප කරන්නේද යන්න සාධාරණය කළ නොහැකියි. අමරසූරිය මැතිණියට ලාල්කාන්ත මහතාගේ පොරොන්දුවේ බරපතල කම නොවැටහුනා නොවිය හැකියි. ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව තම පක්ෂ මතයට එකඟ නොමැතිනම් ඇයට එම පොරොන්දුව ප්‍රතික්ෂේප කිරීමට තිබුන. එසේ නොකර වෙනත් මත පලකරන්නේ එම පොරොන්දුව තම පක්ෂයේ ප්‍රකාශිත හෝ අප්‍රකාශිත ප්‍රතිපත්ති සමග සමපාත වන බැවින් විය යුතුයි.
එසේම දිසානායක මහතා විසින් සිදුකරන ලද "ලාල්කාන්ත මහතා පැවසුවේ සිතේ තියෙන දේ නොවන බව" පැහැදිලිවම සත්‍ය බව පෙනෙන්නට තියෙනව. ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව උතුරට ගොස් පැහැදිලිව ප්‍රකාෂ කරත් තාම උතුර මැදදී පැහැදිලිව කිරීමට තරම් මුහුකුරා නොගිය බව දන්නා නිසාත් ඒ බව පැහැදිලිව පැවසීම ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තමුන්ට විරුද්ධව දකුණේදී බලපාන බව දන්නා නිසාත් බව දිසානායක මහතා දන්නා බව මෙයින් පෙනෙන්න තියෙනව.
ලාල්කාන්ත මහතාගේ පොරොන්දුව අරගල සමයේ නීතිය අතටගත් කලහකාරීන් අධිකරණයේදී පවා නීතිවේදීන්ගේ අත්පොලසන් මැද අත්කරගත් නීතියට සමාන නීතියක් ලෙස ලඝු කිරීමට යෑම හුදු උපහාසාත්මක ඇගයීමක් පමණයි. ඊට එහා ගිය බරපතල කාරණයනම් ලාල්කාන්ත මහතාගේ එම පොරොන්දුව 13 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය බරපතල බලය බෙදීමක් පිළිබඳව ඇඟවීමක් වීමයි. එම පොරොන්දුව 13+++ වර්ගයේ පොරොන්දුවක්. සජබයේ සජිත් ප්‍රේමදාස මහතා සහ වැහැරුනු පොහොට්ටුවේ සහ සජබ එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂ කර තිබුන 13 සම්පූර්ණයෙන් දෙන බව. ඒ තත්ත්වයක් තුල ඊට වැඩිය යමක් නොදී මාලිමාවට උතුරේ ඡන්ද ලබා ගැනීමට නොහැකි බව මාලිමා නායකයින් දන්නව. එසේම ජවිපෙ මරා මාලිමාව බිහිවුණේ එම කාරණය මුදුන් පත්කර ගැනීම සඳහායි. මෙවර මාලිමාවේ මැයි වේදිකාව ඒ බව උත්කර්ෂයට නංවා තිබුනා.
2010 නෝර්වේ ව්‍යාපෘතියෙ එක තීන්දුවක් උනේ ජවිපෙ ජාතිකත්ව මතයෙන් ඉවත් කිරීමයි. එය දැන් මාලිමාව විසින් හොඳින්ම ඉටුකරනු ලබන බව පෙනෙන්න තියෙනව. නමුත් ඔවුන්ට තියෙන්නෙ මේ තත්ත්වය ජවිපෙ සාමාජිකයින්ට පැහැදිලි කරන්නේ කෙසේද කියන පැනයයි. සමහරවිට බොහෝ මාලිමා ලතැත්තන්ද මේ යටි අරමුණට එකඟ නොවනවා වෙන්නට පුළුවන්. එම නිසා තමයි ලාල්කාන්ත මහතා ජනප්‍රිය භාශාවෙන් එම කාරණය ඉදිරිපත්කරේ. ප්‍රචණ්ඩත්වය වැළඳගත් පුද්ගලයින් පිණවීම පිණිස දෙන ලද හුදු පොරොන්දුවක් ලෙස ලාල්කාන්ත මහතාගේ මෙම පොරොන්දුව බැහැර කළ නොහැකියි.
කෙසේවුවද, 88/89 දි හැටදාහක් මැරුණෙ, වසර තිහක යුද්දෙදි රණවිරුවන් තිස්දාහක් දිවි දුන්නෙ, දාහතරදාහක් ආබාධිතයින් වුනේ නෝර්වේ ව්‍යාපෘතියේ සහ බෙදුම්වාදී න්‍යායපත්‍රයේ බළල් අත් ඇති යටි න්‍යායපත්‍රය අනුව බන්දේසියක තියා 13+++ දෙන්නද යන පැනය වැටහෙන දින ජවිපෙ සැබෑ සාමාජිකයින් ඒ සඳහා වත්මන් ජවිපෙට සහ මාලිමාවට ඉඩ දේවි කියා හිතන්න අපහසුයි.
ඊට ආසන්නම උදාහරණය පැරණි ජවිපෙ සාමාජිකයෙක්වූ වෛද්‍ය වසන්ත බංඩාර මහතා රූපාන්තරණයවූ ලාල්කාන්ත මහතාට ඉදිරිපත්කර ඇති ප්‍රශ්ණ මාලාව. එයින් බංඩාර මහතා අහන්නෙ සැබෑ ජවිපාවෙකුට රට බෙදෙන 13+++ කරුවෙක් වෙමින් මාලිමාවට රූපාන්තරණය විය හැකිද කියායි. මෙම ප්‍රශ්ණය සියළුම සැබෑ ජවිපෙ කේඩරයෙක් විසින්ම ස්වයං බුද්ධියෙන් බැලිය යුතු කාරණයක්. මෙහිදී සමහරක් මාලිමා ලබැඳියන්ද තමුන්ගෙ ස්ථාවරය පිළිබඳව යලි සළකා බලනවා නිසැකයි. ප්‍රශ්ණය තියෙන්නෙ වත්මන් ජවිපෙ හෙවත් මාලිමාවට රූපාන්තරණයවූවන් ඉහලින් එන චිට් එකට අමතරව යමක් නොකියවීමයි".
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
