
ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර ලංකාවේ මුහුදු කලාපයද? - සංඛ චන්දිම අභයවර්ධනගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් සකස් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ සහිත දැවැන්ත නිධි සහ රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක් සහිත ලංකාවට අයත් සාගර සම්පත් අද වන විට දැඩි ලෙස ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති බවයි.
සවිස්තරාත්මක ලිපිය පහළින්...
ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර අපගේ මුහුදු කලාපයද?
සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ අපගේ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සහ දැරීමට අප ශ්‍රී ලංකා හරිත සන්ධානය වශයෙන් දැඩි ලෙස විරුද්ධත්වය පළකරමු.
එක්සත් ජාතීන්ගේ තොරතුරු වලට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටාකයේ ඇති Afanasy Nikitin Seamount (AN Seamount) ලෙසින් හැඳින්වෙන කොබෝල්ට් බහුල මුහුදු පත්ලේ කබොල ප්‍රදේශය කැනීම් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතී. ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුන දීමක් පවා නොමැතිව මෙසේ අත් පත් කරගැනීම සමස්ත ලංකා මුහුදු කලාපයටම අපේ ඇති අයිතිය ඉන්දියාවට පවරාගැනීමට මුල්වෙනවා මෙන්ම අපගේ සමස්ත මුහුදම දැඩි පරිසර දුෂණයකට ලක් කරනු ලබයි. අපගේ මත්ස්‍ය සම්පත, විශේෂයෙන්ම ටුනා මසුන් සහ තල්මසුන් දැඩි අනතුරකට මුහුණපායි.
ලෝක නිතිය අනුව ශ්‍රී ලංකාව වැනි වෙරළබඩ ප්‍රාන්තවලට රාජ්‍ය වලට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීමට අදාළ කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතුය. මෙම නිර්දේශ මත පදනම්ව වෙරළබඩ රාජ්‍යයක් පිහිටා ඇති මහාද්වීපික තටකයේ සීමාවන් ජ්‍යාත්‍යන්තර නිතිය යටතේ අවසාන සහ සැමටම බලපවත්නා නිතිය වේ. ඒ අනුව 2009 වසරේ මැයි අටවනදා අප රට විසින් ඉදිරිමත් කල හිමිකම් සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ලංකාව තමන් අයත්වන මහාද්වීපික තටකයට පුර්ණ වශයෙන් හිමිකම් ලැබිය.
ඉන්දියාව මේ මංකොල්ල කන්නේ අප සතු මේ මුහුදු කලාපයයි.
මේ ප්‍රදේශය විවිධ ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. ඒ අතර කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ ඇති දැවැන්ත නිධි ඇති බව පැවසේ. මිට අමතරව රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක්ද ඇති බවට සැලකේ. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට අයත් දැන් ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති මුහුදු ප්‍රදේශයයි.
නැගෙනහිර සමක ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට අයත් Afanasy Niktin Seamount (ANS) වෙතින් එකතු කරන ලද කබොල සාම්පලවල දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (REE) සහ ytrium 1,727 සිට 2,511 μg/g දක්වා ඉහළ සාන්ද්‍රණයක් වාර්තා කරයි. ශ්‍රී ලංකාවට අයත් ANS Fe-Mn කබොලෙහි REE සාන්ද්‍රණය මධ්‍ය-පැසිෆික් මුහුදු සීමාවේ සහ ගැටිති (1,180-1,434 μg/g) වලට වඩා බෙහෙවින් වැඩි ය. ගෝලීය මුහුදු මට්ටමේ Fe-Mn කබොලෙහි ~ 0.1% අන්තර්ගතයට සාපේක්ෂව වර්තමාන අධ්‍යයනයේ දී 0.17% දක්වා සී-පොහොසත් වීම වාර්තා වී ඇත. මෙම සුපෝෂණයට හේතු වී ඇත්තේ Ce මුහුදු ජලයෙන් සමුද්‍ර Fe-Mn කබොල වෙත ඔක්සිකාරක ඉවත් කිරීම හේතුවෙනි. ANS කලාපයෙන් මුහුදු ජල සාම්පල සඳහා ලබාගත් සෘණ Ce-විෂමතා සහ Fe-Mn කබොලෙහි ඇති ශක්තිමත් ධනාත්මක Ce-විෂමතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ ANS Fe-Mn කබොලෙහි Ce ප්‍රභවය මුහුදු ජලය බවයි.
නමුත් දැන් ඉන්දියාව තම යුධ අවශ්‍යතා සදහාත් ලංකාවේ මුහුද මංකොල්ල කෑම සදහාත් මේ කලාපය තුල පිහිටා ඇති සම්පත් අපගේ අනුමැතියකින් තොරව ගොඩ ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ඇත. අප රටක් ලෙස මේ ගැන නිශ්ශබ්දතාවය රකි. ඔවුන් මේ උත්සහ දරන්නේ ලංකාවට අලුතෙන් ලැබෙන සමස්ත මුහුදම මහා දවාලේ මංකොල්ල කෑමටය. මේ ලංකාවේ සියලු පුරවැසියන් සැවොම එක හෙලා එරෙහි වියයුතු කාරණයක් බව කිව යුතුය. තම බලය වෙනුවෙන් මේ රජය, රටත්, අපත්, අපේ දරුවන්ගේ අනාගතයත් බිලිදීමට එරෙහිව නැගී සිටිමු.
- සංඛ චන්දිම අභයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
