News Category
From Date
To Date
Maximum Number of Result

22ට සහාය නොලැබුනොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක්! - ගාමිණී වලේබොඩගෙන් විශේෂ අනාවරණයක්

Jul 18, 2024 at 02:33 PM
|

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියළ කර අතේ අතේ තබාගෙන සිටින බවත්,  22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය නොදැක්වුව හොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අනාවරණය කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය,

”අද විශේෂ හෙළිදරව්වක් කරන්න තිබෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය කල් දමා ගැනීමේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණය මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා වර්ෂ හය කියලා ව්‍යවස්ථාවේ සඳහන් වන හෑම ස්ථානයකම පහ සඳහන් කරමින් ඕනි කරන සංශෝධන ටික ආණ්ඩුක්ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත වෙන්න අවශ්‍යයයි. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන නියෝගය අනුව ඉතුරු ටික ක්‍රියාත්මක වීමට නියමිතයි. දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරගැනීම අද වෙනකොට මේ කටයුත්තට ප්‍රවේශ වෙලා ඉන්න ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට අභියෝගයක් බවට පත්වෙලා තිබෙනවා. මොකද  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමින් වර්තමාන ජනාධිපති තුමාට ඔවුන් පත්කරගත්ත ජනාධිපතිතුමාට ඔවුන්ම අභියෝග කරමින් ඉන්නවා. ඒ නිසා මේ නිර්මාණය වෙලා තියෙන අවිනිශ්චිතතාවය කළමනාකරණය කරගැනීම සඳහා ජනාධිපතිතුමාට පැවරිලා තියෙන විශේෂ බලතලයක් වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමු කරන්න එතුමාට සිද්ධ වෙලා තිබෙන බව පේන්න තිබෙනවා. ඊයේ වෙනකොට අපිට තොරතුරු වාර්තා වෙනවා ඒ වගේම අපෙන් විමසීම් කරනවා ගොඩක් දෙනෙක් පාර්ලිමේන්තුව විසුරුවන ගැසට් පත්‍රය පිළියෙල කරලා අතේ තියාගෙන ඉන්නේ විසිදෙක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය නොදැක්වූවොත් එදිනම රාත්‍රියට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට.

මෙවැනි තත්වයක් තමයි නිර්මාණය වෙලා තිබෙන්නේ මේ තත්වයේ ප්‍රතිඵලය ඇතැම්විට ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් කැඳවීම දක්වා රටේ දේශපාලන වාතාවරණය වෙනස් වෙන තීරණයක් වීමේ හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේ සියලු බලතල මේ වෙනකොට ජනාධිපතිතුමාට ඇවිල්ලා තිබෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔහුට හිමි වෙලා තිබෙන්නේ. ඒ නිසා ඔහුට ඕන වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි දෙදාස් විසි දෙකේ අර්බුදයෙන් පස්සේ වර්තමාන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි ඡන්දයෙන් පත්කරගන්නා අවස්ථාවේදී දෙපාර්ශවය අතර තිබිච්ච එකඟතාවය තමයි රජය කරගෙන යාමට එතුමාට සහය දැක්වීම සහ එතුමා පොරොන්දු වුණා වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය, නියමිත නිල කාලය නිමාවන තෙක් මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නෑ හැබැයි පොදුජන පෙරමුණේ සහයෝගය අවශ්‍යයි කියන එක ආණ්ඩුව කරගෙන යාම සඳහා. දැන් අද පොදුජන පෙරමුණ ඒ සහයෝගය දෙන්නේ නැතුව ඔහුගේ ජනාධිපතිකමට අභියෝග එල්ල කරන තැනකට පත්වෙලා තිබෙනවා. ඔවුන් පත්කරපු ජනාධිපතිවරයාට ඔවුන්ව අභියෝග එල්ල කරමින් ඉන්නවා. ඉතින් එතකොට මේ ගිවිසුම කඩාගෙන වැටීමක් පේන්න තිබෙනවා. ඒ වගේම තමයි අපි දකිනවා ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ඍජුවම ජනාධිපතිවරයාට සහය දක්වන්න පටන් අරගෙන තිබෙනවා. ඒකේ යම් කණ්ඩායම වෙනම අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඊළඟ මහ මැතිවරණයේදී විපක්ෂ නායකකම අරගෙන විපක්ෂයේ වාඩිවෙන්න සූදානමින් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ කියන තත්වයක් තුළ සමස්තය නිරූපණය වෙන්නේ අපිට මේ දෙපාර්තමේන්තුව අතර තියෙන නොඑකඟතාවය, ගැටීම, එහෙම නැත්නම් බෙදීම. එහි ප්‍රතිඵලය තමයි මේ විසි දෙවෙනි ආණ්ඩුක් රම ව් යවස්ථා සංශෝධනය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේමට නියමිත ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ සහය නොදක්වන තත්වෙකට යෑමේ ඉඩක් තියෙනවා කණ්ඩායම්. එහෙම වුනොතින් පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිතුමා සූදානම්. ඒ සඳහා ගැසට් එක පිළියෙල කරලා තියෙනවා කියන ආරංචිය තමයි අපිට ලැබෙන්න පටන් අරගෙන තිබෙන්නේ.

ඒ වගේම තමයි විසි දෙක ගැසට් කළාට පස්සේ ජනාධිපති මේ විසිදෙක සම්මත කරගන්න තුනෙන් දෙකෙන් සම්මත වුණොත් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න අවශ්‍යය වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට කවුරුහරි ගියොත් එතනින් ජනමත විචාරණයක අවශ්‍යතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයට පත්කරෝතින් තුනෙන් දෙකෙන් සම්මත වුණත්, ඊළඟට ජනාධිපතිවරණයට යන්න වෙනවා. මේ ජනාධිපතිවරණයේ වාසිය තිබෙන්නෙත් ඇත්තටම වර්තමාන රජයට. මොකද ජනාධිපතිවරණය ජනමත විචාරණය පරාජය වීමේ හැකියාවක් නෑ.

ජනමත විචාරණයෙන් විමසන්නේ අවුරුදු හය, අවුරුදු පහ කරන්නද? අවුරුදු හය විදියටම තියන්නද කියලා. එතකොට අවුරුදු පහට අඩු කරන්න කියලා තමයි ජනතාවට දෙන්න වෙන්නේ. එහෙම වුනොත් ජනමත විචාරණය ඉවර වෙලා තමයි ජනාධිපතිවරණය තියන්න වෙන්නේ. එතකොට ජනාධිපතිවරණය තව මාස හතරකින්, පහකින් කල් යන එක වළක්වන්න බෑ."

සම්බන්ධිත පුවත් | Related News

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.
වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.