News Category
From Date
To Date
Maximum Number of Result

කටුනායක ගුවන්තොටු‍පොළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික විදේශීය සමාගමකට ලබාදීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

අද ජනතාවට අවශ්‍යව ඇත්තේ “රටේ ස්වෛරීභාවය පාවාදී ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ පරගැති ගමන ආපසු හරවා, රට, දැය නැවත නියම මාවතට රැගෙන ඒමට හැකි” සැබෑ ජනාධිපති අපේක්ෂකයකු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

දේශප්‍රේමී ජනාධිපති අපේක්ෂකයෙක් සමග දේශප්‍රේමී නැවුම් බලවේගයක් ගොඩනගන බව උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් පිරිසක් විසින් එකතු වී 'එක්සත් ජනතා පක්ෂය' නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී පිහිටුවා ගෙන ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයාගෙන ඒ සඳහා විනිවිධභාවයෙන් යුතු වැඩ පිළිවෙළක් නිර්මාණය කරන බවත්, කිසිඳු ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

"77න් ඇරඹි පරාධීන ආර්ථික මාවතෙන් ගැලවීමට එක්වව් එක්සත් මැයි දින රැලිය මැයි 01 සවස 2:00ට කිරුළපන ක්‍රීඩාංගණයේදී ඇරඹිනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (01) චෝදනා කරමින් පැවසුවේ ජාතික ජන බලවේගය මැයි දිනයේ වියදම අහිංසක කම්කරුවා මත පටවා ඇති බව ය.


දේශීය පුවත්

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.