News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ස්නයිපර් වෙඩික්කරුවාට වහලයට ළඟා වීමට හැකි වූයේ කෙසේද? - එක්සත් ජනපද රහස් සේවය පැහැදිලි කරයි

Jul 18, 2024 at 03:12 PM
|

එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ ප්‍රධානී කිම්බර්ලි චේට්ල් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට උත්සහා ගත් වෙඩික්කරු රැඳී සිටි ගොඩනැගිල්ලේ වහලය මත තම නියෝජිතයන් යෙදවීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම නිසා නොකළ බවයි. 

පසුගිය 13 වනදා පෙනිසිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියක් අතරතුර හුදකලා තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි වෙඩි ප්‍රහාරයකින් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යන්තමින් මරණයෙන් බේරුණි. ඔහුට ලබා දී තිබූ රහස් ඔත්තු සේවා ප්‍රතිචාර දැක්වූයේ වෙඩි උණ්ඩයක් ඔහුගේ කනට වැදීමෙන් පසුවය. කෙසේ වුවද රැලියට සහභාගි වූ එක් අයකු මිය ගිය අතර තවත් දෙදෙනකු බරපතළ තුවාල ලැබූහ.

“විශේෂයෙන්ම වෙඩික්කරුවා රැඳී සිටි ගොඩනැගිල්ලෙහි උසම ස්ථානයේ බෑවුම් සහිත වහලක් තිබෙනවා. ඒ අනුව, ඔබත් දන්නා පරිදි, ආරක්ෂකයෙකු බෑවුම් සහිත වහලක් මත තැබීම වලක්වන ආරක්ෂිත කොන්දේසියක් හඳුන්වා දී තිබෙන බැවින් එම සාධකය  සලකා බලනු ලැබුවා.”චීට්ල් ඊයේ(17) ඒබීසී ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය. "ඒ වගේම, ඔබ දන්නවා, ගොඩනැගිල්ලේ ඇතුළත සිට එය ආරක්ෂ කිරීමට තීරණය කර තිබුණා." චීට්ල් පැවසීය.

තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගෙන ඇති වෙඩික්කරුට කර්මාන්තශාලා ගොඩනැගිල්ල මතට නැගීමට හැකි වූ අතර ට්‍රම්ප් රැඳී සිටි ස්ථානයට මීටර් 120 කටත් වඩා අඩු දුරකින් පැහැදිලි ඉලක්කයක් ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබුණි. අදාළ වහලය රැලිය පැවැත්වූ වේදිකාවට පිටුපසින් ඇති වහලයට වඩා බෙහෙවින් අඩු බෑවුමකින් යුක්ත වූ අතර එම වහලය මත රහස් සේවා ප්‍රති-ස්නයිපර්වරුන් ස්ථානගත කර තිබුණි.

චේට්ල් ගේ පැහැදිලි කිරීම විශේෂඥයින්ගේ කෝපය කුළු ගැන්වූ අතර ඇයව ඔවුන්ගේ අවිශ්වාසයට ලක් විය. මේ වන විට කොන්ග්‍රසයට ඇතුල්වීම  සඳහා තරඟ කරන හිටපු හමුදා විශේෂ බලකායේ නිලධාරියෙකු වූ ජෝ කෙන්ට්, රහස් සේවය ගොඩනැගිල්ලට ප්‍රවේශ ස්ථාන සුරක්ෂිත නොකළේ මන්දැයි පුදුමය පළ කළේය.

“ 'කලබල වෙන්න එපා, අපි කෙනෙක්ව වහලය උඩට දැම්මේ නැහැ මොකද ඒක භයානක තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නිසා.’ කියා රහස් සේවා අධ්‍යක්ෂවරයා පවසනවා. මොනවද මේ කතා? කවුරුහරි ඔළුවට වෙඩි තියයිද?" කොන්සර්වේටිව් පාක්ෂිකයෙකු බවට පත් වූ හිටපු රහස් සේවා නියෝජිතයෙකු වන ඩෑන් බොන්ගිනෝ රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේය.

ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas පවසා ඇත්තේ 13 දා සිදුවීම මගින් රහස් සේවයේ "අසාර්ථකත්වය" සම්බන්ධයෙන් යම් කොටසක් හෙළිවන නමුත් ඔහුට චේට්ල් සම්බන්ධයෙන් "100% විශ්වාසය" ඇති බවයි.

ඝාතනයට තැත් කිරීම "පිළිගත නොහැකි" සහ "නැවත සිදු නොවිය යුතු දෙයක්" බව රහස් සේවා අධ්‍යක්ෂකවරිය  ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවද, ඇයට ඉල්ලා අස්වීමට අදහසක් නොමැති බව අවධාරණය කළාය.

ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව සඳහා ඔහුට වඩා උසින් ඉතා අඩු කාන්තාවන් තිදෙනෙකු යොදවා ඇති බවට වූ විවේචන වලට චේට්ල් ප්‍රතිචාර දැක්වීමක් නොකළේය. ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරන ලද රහස් සේවා ප්‍රධානියා මීට පෙර පවසා ඇත්තේ තමා වැඩි කාන්තාවන් සහ සුළු ජාතීන් බඳවා ගැනීම වැනි විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (diversity, equity and inclusion-DEI) යන සිද්ධාන්තය භාවිතය සඳහා ප්‍රමුඛත්වය දෙන බවයි.

බට්ලර් වෙඩි තැබීමෙන් පසු හිටපු FBI සහකාර අධ්‍යක්ෂ Chris Swecker නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට පැවසුවේ DEI යනු එක් දෙයක්, නිපුණතාවය සහ කාර්යක්ෂමතාව තවත් එකක්, ඒ අනුව DEI අදාල වන්නේ නැහැ" යනුවෙනි.

කෙසේ වුවද ට්‍රම්ප් 15 වනදා මිල්වවුකි හිදි රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවට සහභාගි වන විට, ඔහුගේ ආරක්ෂකයන් සම්පූර්ණයෙන්ම සමන්විත වූයේ උසින් ඔහුට සමීප පිරිමි අයවලුන්ගෙනි.

US Secret Service explains failure to secure roof used by Trump sniper

සම්බන්ධිත පුවත් | Related News

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..
ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.
ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ප්‍රධාන පුවත්

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.