ට්‍රම්ප් ඝාතනයට උත්සාහ කළ ස්නයිපර් වෙඩික්කරුවාට වහලයට ළඟා වීමට හැකි වූයේ කෙසේද? - එක්සත් ජනපද රහස් සේවය පැහැදිලි කරයි
එක්සත් ජනපද රහස් ඔත්තු සේවයේ ප්‍රධානී කිම්බර්ලි චේට්ල් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට උත්සහා ගත් වෙඩික්කරු රැඳී සිටි ගොඩනැගිල්ලේ වහලය මත තම නියෝජිතයන් යෙදවීම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම නිසා නොකළ බවයි.
පසුගිය 13 වනදා පෙනිසිල්වේනියාවේ බට්ලර් නගරයේ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක රැලියක් අතරතුර හුදකලා තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි වෙඩි ප්‍රහාරයකින් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් යන්තමින් මරණයෙන් බේරුණි. ඔහුට ලබා දී තිබූ රහස් ඔත්තු සේවා ප්‍රතිචාර දැක්වූයේ වෙඩි උණ්ඩයක් ඔහුගේ කනට වැදීමෙන් පසුවය. කෙසේ වුවද රැලියට සහභාගි වූ එක් අයකු මිය ගිය අතර තවත් දෙදෙනකු බරපතළ තුවාල ලැබූහ.
“විශේෂයෙන්ම වෙඩික්කරුවා රැඳී සිටි ගොඩනැගිල්ලෙහි උසම ස්ථානයේ බෑවුම් සහිත වහලක් තිබෙනවා. ඒ අනුව, ඔබත් දන්නා පරිදි, ආරක්ෂකයෙකු බෑවුම් සහිත වහලක් මත තැබීම වලක්වන ආරක්ෂිත කොන්දේසියක් හඳුන්වා දී තිබෙන බැවින් එම සාධකය සලකා බලනු ලැබුවා.”චීට්ල් ඊයේ(17) ඒබීසී ප්‍රවෘත්ති සේවය වෙත පැවසීය. "ඒ වගේම, ඔබ දන්නවා, ගොඩනැගිල්ලේ ඇතුළත සිට එය ආරක්ෂ කිරීමට තීරණය කර තිබුණා." චීට්ල් පැවසීය.
තෝමස් මැතිව් කෲක්ස් ලෙස හඳුනාගෙන ඇති වෙඩික්කරුට කර්මාන්තශාලා ගොඩනැගිල්ල මතට නැගීමට හැකි වූ අතර ට්‍රම්ප් රැඳී සිටි ස්ථානයට මීටර් 120 කටත් වඩා අඩු දුරකින් පැහැදිලි ඉලක්කයක් ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසී තිබුණි. අදාළ වහලය රැලිය පැවැත්වූ වේදිකාවට පිටුපසින් ඇති වහලයට වඩා බෙහෙවින් අඩු බෑවුමකින් යුක්ත වූ අතර එම වහලය මත රහස් සේවා ප්‍රති-ස්නයිපර්වරුන් ස්ථානගත කර තිබුණි.
චේට්ල් ගේ පැහැදිලි කිරීම විශේෂඥයින්ගේ කෝපය කුළු ගැන්වූ අතර ඇයව ඔවුන්ගේ අවිශ්වාසයට ලක් විය. මේ වන විට කොන්ග්‍රසයට ඇතුල්වීම සඳහා තරඟ කරන හිටපු හමුදා විශේෂ බලකායේ නිලධාරියෙකු වූ ජෝ කෙන්ට්, රහස් සේවය ගොඩනැගිල්ලට ප්‍රවේශ ස්ථාන සුරක්ෂිත නොකළේ මන්දැයි පුදුමය පළ කළේය.
“ 'කලබල වෙන්න එපා, අපි කෙනෙක්ව වහලය උඩට දැම්මේ නැහැ මොකද ඒක භයානක තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නිසා.’ කියා රහස් සේවා අධ්‍යක්ෂවරයා පවසනවා. මොනවද මේ කතා? කවුරුහරි ඔළුවට වෙඩි තියයිද?" කොන්සර්වේටිව් පාක්ෂිකයෙකු බවට පත් වූ හිටපු රහස් සේවා නියෝජිතයෙකු වන ඩෑන් බොන්ගිනෝ රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේය.
ස්වදේශ ආරක්ෂක ලේකම් Alejandro Mayorkas පවසා ඇත්තේ 13 දා සිදුවීම මගින් රහස් සේවයේ "අසාර්ථකත්වය" සම්බන්ධයෙන් යම් කොටසක් හෙළිවන නමුත් ඔහුට චේට්ල් සම්බන්ධයෙන් "100% විශ්වාසය" ඇති බවයි.
ඝාතනයට තැත් කිරීම "පිළිගත නොහැකි" සහ "නැවත සිදු නොවිය යුතු දෙයක්" බව රහස් සේවා අධ්‍යක්ෂකවරිය ඒබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවද, ඇයට ඉල්ලා අස්වීමට අදහසක් නොමැති බව අවධාරණය කළාය.
ට්‍රම්ප්ගේ ආරක්‍ෂාව සඳහා ඔහුට වඩා උසින් ඉතා අඩු කාන්තාවන් තිදෙනෙකු යොදවා ඇති බවට වූ විවේචන වලට චේට්ල් ප්‍රතිචාර දැක්වීමක් නොකළේය. ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරන ලද රහස් සේවා ප්‍රධානියා මීට පෙර පවසා ඇත්තේ තමා වැඩි කාන්තාවන් සහ සුළු ජාතීන් බඳවා ගැනීම වැනි විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කිරීම (diversity, equity and inclusion-DEI) යන සිද්ධාන්තය භාවිතය සඳහා ප්‍රමුඛත්වය දෙන බවයි.
බට්ලර් වෙඩි තැබීමෙන් පසු හිටපු FBI සහකාර අධ්‍යක්ෂ Chris Swecker නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට පැවසුවේ DEI යනු එක් දෙයක්, නිපුණතාවය සහ කාර්යක්ෂමතාව තවත් එකක්, ඒ අනුව DEI අදාල වන්නේ නැහැ" යනුවෙනි.
කෙසේ වුවද ට්‍රම්ප් 15 වනදා මිල්වවුකි හිදි රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවට සහභාගි වන විට, ඔහුගේ ආරක්ෂකයන් සම්පූර්ණයෙන්ම සමන්විත වූයේ උසින් ඔහුට සමීප පිරිමි අයවලුන්ගෙනි.
US Secret Service explains failure to secure roof used by Trump sniper
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..