News Category
From Date
To Date
Maximum Number of Result

රනිල්ගේ වැල්පාලම දිව්‍යලෝකයට ද? අපායට ද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)

Jul 18, 2024 at 06:03 PM
|

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල්පාලමෙන් එගොඩකර රට දිව්‍යලෝකයට ගෙන යන බව පවසන බවත්, ඔහු රට ගෙන යන්නේ දිව්‍යලෝකයට ද?, අපායට ද? යන්න විමසා බැලීමේ දී මේ තුළ ඉතා භයංකාර තත්ත්වයක් බවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

1977 සිට රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනය තුළ රැඳී සිටින බවද, 1977 දී ඔහු නියෝජනය කළ පක්ෂය අනුගමනය කළ පරාධීන ආර්ථික මොඩලය තුළ මෙරට අපනයන ආදායම් අඩුවී, ආනයන වියදම් වැඩි වූ බවද පෙන්වාදෙන වසන්ත බණ්ඩාර මහතා, මෙරට ප්‍රධාන ආර්බුදය නිර්මාණය වන්නේ එතැන් සිට බව සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත ඇමැතිව සිටිය දී ඇමරිකානු ඩොලර් මිලියන 250ක් වියදම්කර තැනූ අග්නිදිග ආසියාවේ විශාලම යූරියා කර්මාන්ත ශාලාව තමන්ගේ හෙංචයියන් යොදා වසාදමන තත්ත්වයට පත්කර පසුව පරණ යකඩවලට විකුණා දැමූ බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

ජනාධිපතිවරයාට අද වන තෙක්ම පැමිණි ආර්ථික මොඩලය පිළිබඳව කිසිඳු විවේචනයක් නොමැති බවත්, මෙම ආර්ථික මොඩලයම පවත්වාගෙන යමින් 2015 - 2019 කාලය තුළ ලංකා ඉතිහාසය තුළ  වැඩිම පොළියට අරගත් ඇමරිකානු ඩොලර් බිලියන 12ක වැඩිම වාණිජ ණය තොගය අරගත් බවත් ඒ මහතා පවසයි.

සාමාන්‍යයෙන් ද්වී පාර්ශ්වික, බහු පාර්ශ්වික ණය 2%ක පමණ ප්‍රමාණයෙන් ලබාගත්ත ද මෙම වාණිජ ණය තොගය ගැනීම සිදු වූයේ පොලිය 6.8% - 7.5% වැනි ප්‍රමාණයේ විශාල පොලියකට බවද, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ගෙවාගැනීමට නොහැකි වී හිර වන්නේ ද මෙම අධික පොළියකට ලබාගත් කෙටි කාලීන ණය බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

රට ණය උගුලේ හිරකරන ලද්දේ ද වර්තමාන ජනාධිපතිවරයා බවත්, ඔහු කිසිවිටක දී මෙම ආර්ථික මොඩලය වැරැදි යැයි පිළිනොගන්නා බව හා ඔහු විසින් තවදුරටත් පවත්වාගෙන යන්නේ ද මෙම වැරදි ආර්ථික මොඩලයම බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ උත්සාහ දරන්නේ දේශීය කර්මාන්ත පද්ධතිය ගොඩගැනීමට ද, නැතිනම්  හිතාමතාම වැට්ටීමට දැයි වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

දේශීය නිෂ්පාදකයාට වැට් බද්ද 10%ක් ගසා ආනයනකරුවා වැට් බද්දෙන් නිදහස් කර ඇති බවත් පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙහිදී පොල්තෙල් ආනයනකරුවන් අඩු මිලට පොල්තෙල් ගෙනවිත් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවා වැට්ටවීමට ක්‍රියාකරන බවත්, තේ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ නිපදවන ලද යන වාක්‍ය ඛණ්ඩය ඉවත්කර ශ්‍රී ලංකාවේ අසුරන ලද  යන වාක්‍ය ඛණ්ඩය ඉතුරුකර සිංහයා ලකුණ සහිත සන්නාමය නිකුත් කරන බවත් පවසයි.

මෙහිදී ඉන්දියාවේ තේ වෙළෙන්දන්ට ඉන්දියාවේ තේ ශ්‍රී ලංකාවේ අසුරා යවා මෙරට වෙළඳපොළ අත්පත්කර ගැනීමට හැකි බවත්, මෙවැනි තීන්දු ලංකාවේ කර්මාන්තකරුවන් වැට්ටවීමට මිස ගොඩගැනීමට ගෙන ආ තීන්දු නොවන බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වාදෙන ලදී.

ලංකාවේ තේ වලින් 10% පමණ ප්‍රතිශතයක් අපනයනය කරන්නේ රුසියාවට බව ද,  රුසියාවට සම්බාධක පනවා ඇති හෙයින් එම අපනයන ආදායම් රට තුළට ගෙන ඒමට හැකියාවක් නොමැති වී ඇති බවත් පවසන ඒ මහතා, මෙරට මහ බැංකු අධිපතිවරයාට අපනයනකරුවන් විසින් දිගින් දිගටම මේ පිළිබඳව දැනුම් දුන්නද ඔහු බීරි අලියකු ලෙස සිටින බවත්, එමගින් අපනයන ආදායම් රට තුළට ගෙන ඒමට නොහැකි වී ඇති බවත් සඳහන් කරයි.

රටේ ආර්ථිකය බිඳ දමා වැල්පාලමෙන් දිව්‍යලෝකයට යන වැඩ මේවාදැයි ඒ මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

මෙවැනි ආර්ථික ඝාතක තීන්දු රාශියක් ක්‍රියාත්මක කරමින් වර්තමාන ආණ්ඩුව කටයුතු කරන  බවත්, ඉඩම් අයිතිය ඇති පුද්ගලයන්ට ඉඩම් අයිතිය දෙන බව පවසමින් ලබා දෙන්නේ ඉඩම් අයිතිය නොව ඉඩම් විකිණීමේ අයිතිය බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

කොළඹ තට්ටු නිවාසවල ඒවායේ මුල් අයිතිකරුවන් දැනට 10%ක්වත් නැති බවද, මෙම ඔප්පු ලබාදුන් පසු ඔවුන් එම නිවාස විකුණා දමා යන බවද, ගොවියා කුඹුර විකුණා කොළඹට පැමැණ වෙනත් රැකියාවක් කිරීමට පටන්ගන්නා බවද, අවසානයේ සිදුවන්නේ මෙම කුඩා ඉඩම් මහා ඉඩම් බවට පත්කරන තැරැව්කාර සමාගම් ඒවා බහුජාතික සමාගම්වලට අත්පත්කර ගැනීමේ ක්‍රමවේදය සකස් කිරීම බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

ඉඩම් විකුණා දමා ඉඩම් අහිමි කිරීමේ MCC ගිවිසුමේ කූඨ සැලසුම මෙම ක්‍රියාවලිය තුළ ක්‍රියාත්මක වන බව පවසන වසන්ත බණ්ඩාර මහතා, මෙය ආර්ථිකය ගොඩ ගැනීමේ සැලසුමක් නොව ඡන්ද ගුණ්ඩුවක් පමණක් බවද සඳහන් කරයි.

මැඩගස්කරය තුළ අද මෙම ක්‍රියාවලිය සිදුවීමෙන් 70%ක ජනතාවට අද ඉඩම් අහිමිවී ඇති බවත්, සියලු ඉඩම් මහා සමාගම් විසින් අත්පත්කරගෙන ඇති බවත් වැල්පාලමෙන් එගොඩකර මෙරට ජනයා ගෙනයාමට සූදානම් වන්නේ දිව්‍යලෝකයටද?, අපායටද? යන්න මෙහිදී ප්‍රශ්නයක් මතුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සියල්ල කල් දමා ජනමත විචාරණයක් පවත්වනවා යැයි දින නියම  කරමින්, මහා භාණ්ඩාගාරයේ මුදල් නැති බව පවසා මෙම කටයුතු ටිකෙන් ටික පස්සට දමා දුරාචාර ප්‍රවර්ධන පනත් ටික, රණවිරුවන් දංගෙඩියට ගෙන යන පනත් ටික, ඉඩම් ටික විකුණා ආර්ථිකය පරිවර්තනය නමින් ගෙන ආ පනත වැනි පනත් සම්මත කර, එට්කා ගිවිසුම අත්සන් කර, සෝෆා ගිවිසුමට YES කියූ ලියුම යවා, වැල්පාලමෙන් ගොඩබහින රටේ නමත් වෙනස්කර, ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය හා ආමෙරිකාවේ වහල් කඳවුරක්  බවට රට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ වන විට කටයුතු කරමින් සිටන බවට ද ඒ මහතා මෙහිදී චෝදනා නැගීය.

සම්බන්ධිත පුවත් | Related News

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.