අපි හෙළිකරපු අන්තවාදී බලවේග ගිහින් හැංගුණේ ජවිපෙ - ඥනසාර හිමියන්ගෙන් සුවිශේෂී හෙළිදරව්වක් (වීඩියෝ)
පාස්කු ප්‍රහාරය ගැන කතාකරන රට පාලනය කරන සහ රට පාලනය කිරීමට බලය ඉල්ලන සියලු කල්ලි කණ්ඩායම් විසින් ඇත්ත මරාදමා ඇති බවත්, හරිනම් මෙම කල්ලි කණ්ඩායම්වල නායකයන් සිටිය යුත්තේ හිරේ බවත් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පවසති.
ඔවුන්ට පාස්කු ප්‍රහාරය ගැන කතාකිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත්, මෙරට මෙවැනි ලේ වැගිරීමක් සිදුවන බවට භික්ෂුන් වහන්සේලා ලෙස පොදු මනුෂ්‍යයන් ගැන සිතා හෙළිදරව් කිරීම් සියල්ල සිදු කළ බවත් උන්වහන්සේ පවසති.
2014 ජුනි මස 20 වැනිදා දික්වැල්ල ප්‍රදේශයේ සංචාරක පුරවරයේ දී මුස්ලිම් භක්තික ෂෙයික්වරයකු තමන්වහන්සේ හමුවී රට තුළ ඇතිවී තිබෙන ඉස්ලාම් අන්තවාදී කල්ලි කණ්ඩායම් ආසියාවේ භයානකම අත්හදා බැලීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බව හෙළිකළ බවත් පවසන උන්වහන්සේ, මෙය ආරක්ෂක ලේකම්වරයාට පවසන ලෙස තමන්වහන්සේට පැවසූ බවද සඳහන් කරති.
ඒ අනුව අදාළ කරුණු නිවැරදිව වාර්තා කළ බවද, ලංකාවේ ප්‍රධාන මරුමස්ථාන කේන්ද්‍රකර ප්‍රහාරයක් දියත්කර ජනයා දාහක් දෙදාහක් මරාදමා ගම්මාන 50ක ජනතාව කපාකොටා දැමීමට ඔවුන් සූදානම් වන බවද එම ෂෙයික්වරයා එදා පැවසූ බවද උන්වහන්සේ පවසති.
එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ බව දැන්වූ පසු ඔහු එයට අදාළ පියවර ගත් බවද උන්වහන්සේ පවසති.
කෙසේවුවද, අවසානයේ තමන්වහන්සේලා හෙළිදරව් කළ සියලු අන්තවාදී කල්ලි කණ්ඩායම් ගොස් හැංගුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ යහපාලන ආණ්ඩුව ගේන්න වැඩකළ බලවේග ඇතුළේ බව ද ඥනසාර හිමියෝ හෙළිදරව් කරති.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග