
අපි හෙළිකරපු අන්තවාදී බලවේග ගිහින් හැංගුණේ ජවිපෙ - ඥනසාර හිමියන්ගෙන් සුවිශේෂී හෙළිදරව්වක් (වීඩියෝ)
පාස්කු ප්‍රහාරය ගැන කතාකරන රට පාලනය කරන සහ රට පාලනය කිරීමට බලය ඉල්ලන සියලු කල්ලි කණ්ඩායම් විසින් ඇත්ත මරාදමා ඇති බවත්, හරිනම් මෙම කල්ලි කණ්ඩායම්වල නායකයන් සිටිය යුත්තේ හිරේ බවත් ගලගොඩ අත්තේ ඥනසාර හිමියෝ පවසති.
ඔවුන්ට පාස්කු ප්‍රහාරය ගැන කතාකිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත්, මෙරට මෙවැනි ලේ වැගිරීමක් සිදුවන බවට භික්ෂුන් වහන්සේලා ලෙස පොදු මනුෂ්‍යයන් ගැන සිතා හෙළිදරව් කිරීම් සියල්ල සිදු කළ බවත් උන්වහන්සේ පවසති.
2014 ජුනි මස 20 වැනිදා දික්වැල්ල ප්‍රදේශයේ සංචාරක පුරවරයේ දී මුස්ලිම් භක්තික ෂෙයික්වරයකු තමන්වහන්සේ හමුවී රට තුළ ඇතිවී තිබෙන ඉස්ලාම් අන්තවාදී කල්ලි කණ්ඩායම් ආසියාවේ භයානකම අත්හදා බැලීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකාව බව හෙළිකළ බවත් පවසන උන්වහන්සේ, මෙය ආරක්ෂක ලේකම්වරයාට පවසන ලෙස තමන්වහන්සේට පැවසූ බවද සඳහන් කරති.
ඒ අනුව අදාළ කරුණු නිවැරදිව වාර්තා කළ බවද, ලංකාවේ ප්‍රධාන මරුමස්ථාන කේන්ද්‍රකර ප්‍රහාරයක් දියත්කර ජනයා දාහක් දෙදාහක් මරාදමා ගම්මාන 50ක ජනතාව කපාකොටා දැමීමට ඔවුන් සූදානම් වන බවද එම ෂෙයික්වරයා එදා පැවසූ බවද උන්වහන්සේ පවසති.
එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ බව දැන්වූ පසු ඔහු එයට අදාළ පියවර ගත් බවද උන්වහන්සේ පවසති.
කෙසේවුවද, අවසානයේ තමන්වහන්සේලා හෙළිදරව් කළ සියලු අන්තවාදී කල්ලි කණ්ඩායම් ගොස් හැංගුනේ ජනතා විමුක්ති පෙරමුණ සහ යහපාලන ආණ්ඩුව ගේන්න වැඩකළ බලවේග ඇතුළේ බව ද ඥනසාර හිමියෝ හෙළිදරව් කරති.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
