
ජවිපෙ විසින් මාධ්‍යවේදීන්ට එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා - පිවිතුරු හෙළ උරුමය
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකින බව පිවිතුරු හෙල උරුමය පවසයි.
මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකිමු !
තර්ජනය සහ මර්දනය ජනතා විමුක්ති පෙරමුණට නුහුරු දෙයක් නොව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක එක සහ දෙක බව මෙරට ජනතාවට සිහිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිවිතුරු හෙළ උරුමය පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
1987 – 89 භීෂණ සමයේ දී ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ නීතිය රජ කළ අතර රටේ සියලූ පුරවැසියන් වෙත ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඔව්හු කටයුතු කලෝය. ගල්කටස් යුගයක් ලංකා දේශපාලන ඉතිහාසයට එක් කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපල ගිනි තැබීම, තමන්ට එරෙහිව අදහස් ප‍්‍රකාශ කරන්නන්ගේ කටවල් කපා දැමීම එවකට ඔවුන් විසින් සිදු කරන ලද අමානුෂීය ක‍්‍රියාදාමයන්ගෙන් කොටසක් පමණි.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව වහසිබස් දෙඩනා ජනතා විමුක්ති පෙරමුණ එදා පේ‍්‍රමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, රිචඞ් ද සොයිසා,වැනි මාධ්‍යෙව්දීන් අමු අමුවේ ඝාතනය කර දැමුවේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ, නිදහසේ සිතීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන්ද වලපල්ලට යවමිනි.
සිය ලේ වැගිරුණු අතීතය මාලිමාව නමැති පිරුවටයෙන් වසාගෙන යලි කරළියට පැමිණීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළද සිය පැසිස්ට්වාදී සංකල්පයන්ගෙන් බිඳකුදු බැහැර නොවී ඇති බව ඔවුන් වර්තමානයේ සිදුකරන ඇතැම් ප‍්‍රකාශ සාක්ෂි දරයි.
උදේට රූපවාහිනී නාලිකාවල ”පත්තර කියවන හඞ්ඩලාට” ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් චමුදිත සමරවික‍්‍රම සහ හඞ්සන් සමරසිංහ යන මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් වෛරී ප‍්‍රකාශ සිදු කිරීමට ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාය කටයුතු කලේය.
ඉන් අනතුරුව, තමන් සිදු කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට ඉදිරියේදී ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අනුව පෙනී යන්නේ තමන්ට බලය ලැබෙතැයි හැඟීමක් ඇති වූ වහාම සමාජයේ වගකිවයතු කාර්යභාරයක් ඉටු කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ථ සමාජයට ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට මාලිමාවේ පැසිස්ට්වාදී කල්ලිය කටයුතු කරන බවයි.
2022 වසරේ ක‍්‍රියාත්මක වූ අසාර්ථක ඊනියා අරගලයේ දීද සිය දේශපාලන විරුද්ධවාදීන්ට ජීවිත තර්ජන ඇති කරමින් නිවාස හා දේපළ ගිනිබත් කරමින් ඔවුන් ගෙනගිය ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලිය මීට තවත් සාක්ෂියකි.
මෙරට ඕනෑම දේශපාලන නායකයෙකු පිළිබඳව හෝ එවැනි නායකයෙකු විසින් සිදු කරනු ලබන ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශකිරීමට, ජනතාව දැනුම්වත් කිරීමට, සංවාදයෙහි යෙදීමට මාධ්‍යවේදියා සතු අයිතිය පිවිතුරු හෙළ උරුමය ලෙසින් අප පිළිගන්නා අතරම එම අයිතීන් උල්ලංඝනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් දරනු ලබන මෙම සාහසික උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
තමන්ට බලය ලැබෙතැයි සිතා නොලැබුණු බලයකින් හිස උදුම්මාගෙන ස්වාධීනව අදහස් ප‍්‍රකාශ කරන මාධ්‍යවේදීන් කෙරෙහි වෛරී ස්භාවයකින් කටයුතු කරනා ජනතා විමුක්ති පෙරමුණට මෙරට බලය ලබාදීමට නොව පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථාපනය සඳහා යැවීමට එක්වන මෙන් අප නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
මීට
දේශපේ‍්‍රමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
උදය ගම්මන්පිල
නායක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
