ජවිපෙ විසින් මාධ්‍යවේදීන්ට එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා - පිවිතුරු හෙළ උරුමය
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකින බව පිවිතුරු හෙල උරුමය පවසයි.
මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.
ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිළිකුලෙන් හෙළා දකිමු !
තර්ජනය සහ මර්දනය ජනතා විමුක්ති පෙරමුණට නුහුරු දෙයක් නොව ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක එක සහ දෙක බව මෙරට ජනතාවට සිහිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් මාධ්‍යවේදීන් වෙත එල්ල කරනු ලබන තර්ජන පිවිතුරු හෙළ උරුමය පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
1987 – 89 භීෂණ සමයේ දී ජනතා විමුක්ති පෙරමුණේ කැලෑ නීතිය රජ කළ අතර රටේ සියලූ පුරවැසියන් වෙත ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට ඔව්හු කටයුතු කලෝය. ගල්කටස් යුගයක් ලංකා දේශපාලන ඉතිහාසයට එක් කරමින් මිනිසුන් මරා දැමීම, රාජ්‍ය දේපල ගිනි තැබීම, තමන්ට එරෙහිව අදහස් ප‍්‍රකාශ කරන්නන්ගේ කටවල් කපා දැමීම එවකට ඔවුන් විසින් සිදු කරන ලද අමානුෂීය ක‍්‍රියාදාමයන්ගෙන් කොටසක් පමණි.
රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව වහසිබස් දෙඩනා ජනතා විමුක්ති පෙරමුණ එදා පේ‍්‍රමකීර්ති ද අල්විස්, තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, රිචඞ් ද සොයිසා,වැනි මාධ්‍යෙව්දීන් අමු අමුවේ ඝාතනය කර දැමුවේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ, නිදහසේ සිතීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන්ද වලපල්ලට යවමිනි.
සිය ලේ වැගිරුණු අතීතය මාලිමාව නමැති පිරුවටයෙන් වසාගෙන යලි කරළියට පැමිණීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළද සිය පැසිස්ට්වාදී සංකල්පයන්ගෙන් බිඳකුදු බැහැර නොවී ඇති බව ඔවුන් වර්තමානයේ සිදුකරන ඇතැම් ප‍්‍රකාශ සාක්ෂි දරයි.
උදේට රූපවාහිනී නාලිකාවල ”පත්තර කියවන හඞ්ඩලාට” ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බවත් රට පැන්න ද එම රටවල සිටින මාලිමාවේ පිරිස් ඔවුන් ගැන බලාගනු ඇති බවත් පවසමින් චමුදිත සමරවික‍්‍රම සහ හඞ්සන් සමරසිංහ යන මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් වෛරී ප‍්‍රකාශ සිදු කිරීමට ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතාය කටයුතු කලේය.
ඉන් අනතුරුව, තමන් සිදු කරනු ලබන ප‍්‍රකාශ සම්බන්ධයෙන් චමුදිත සමරවික‍්‍රම මහතාට ඉදිරියේදී ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාජබ විධායක සභික කේ. ඞී. ලාල්කාන්ත මහතාය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අනුව පෙනී යන්නේ තමන්ට බලය ලැබෙතැයි හැඟීමක් ඇති වූ වහාම සමාජයේ වගකිවයතු කාර්යභාරයක් ඉටු කරනු ලබන මාධ්‍යවේදීන් ඇතුළු සමස්ථ සමාජයට ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීමට මාලිමාවේ පැසිස්ට්වාදී කල්ලිය කටයුතු කරන බවයි.
2022 වසරේ ක‍්‍රියාත්මක වූ අසාර්ථක ඊනියා අරගලයේ දීද සිය දේශපාලන විරුද්ධවාදීන්ට ජීවිත තර්ජන ඇති කරමින් නිවාස හා දේපළ ගිනිබත් කරමින් ඔවුන් ගෙනගිය ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලිය මීට තවත් සාක්ෂියකි.
මෙරට ඕනෑම දේශපාලන නායකයෙකු පිළිබඳව හෝ එවැනි නායකයෙකු විසින් සිදු කරනු ලබන ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශකිරීමට, ජනතාව දැනුම්වත් කිරීමට, සංවාදයෙහි යෙදීමට මාධ්‍යවේදියා සතු අයිතිය පිවිතුරු හෙළ උරුමය ලෙසින් අප පිළිගන්නා අතරම එම අයිතීන් උල්ලංඝනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් දරනු ලබන මෙම සාහසික උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
තමන්ට බලය ලැබෙතැයි සිතා නොලැබුණු බලයකින් හිස උදුම්මාගෙන ස්වාධීනව අදහස් ප‍්‍රකාශ කරන මාධ්‍යවේදීන් කෙරෙහි වෛරී ස්භාවයකින් කටයුතු කරනා ජනතා විමුක්ති පෙරමුණට මෙරට බලය ලබාදීමට නොව පුනරුත්ථාපන කඳවුරක පුනරුත්ථාපනය සඳහා යැවීමට එක්වන මෙන් අප නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
මීට
දේශපේ‍්‍රමීත්වයෙන්
පිවිතුරු හෙළ උරුමය
උදය ගම්මන්පිල
නායක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග