
ජෝ බයිඩන් තව දුරටත් ජීවතුන් අතර සිටිනවා නම් සාක්ෂි ඉදිරිපත් කරන්න- රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් සභික ලෝරන් බෝබර්ට්
රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් සභිකයෙකු වන ලෝරන් බෝබර්ට් මහත්මිය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජීවතුන් අතර සිටිනවා නම් “සජීවීව පෙනී සිටිමින් සාක්ෂියක්” ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ 81 හැවිරිදි ජෝ බයිඩන් පසුගිය සතියේ කොවිඩ් -19 වැළඳීමෙන් පසු ප්‍රසිද්ධියේ දැක නැති බව අවධාරණය කරමිනි.
නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2024 අමෙරිකානු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බවත් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කිරීමට උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බවත් ජෝ බයිඩන් ඉරිදා(20) සමාජ මාධ්‍ය හරහා අනපේක්ෂිත ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව ලෝරන් බෝබර්ට් මෙලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබේ. ජෝ බයිඩන්ගේ ලිඛිත නිවේදනය ඔහුගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව අමෙරිකානු ජනයාගේ කනස්සල්ලට හේතු වූයේ එම නිවේදනය සමඟ ජනාධිපතිවරයාගේ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් එකතු කර නොතිබූ බැවිනි.
පසුගිය 22 දා X (පෙර ට්විටර්) හි පණිවිඩ මාලාවක් ප්‍රචාරය කරමින් ලෝරන් බෝබර්ට් පවසා සිටියේ එදින සවස 5 වන විට ජෝ බයිඩෙන් "ජිවතුන් අතර සිටින බවට සජීවි සාක්ෂි" ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් , ජනාධිපතිවරණ සටනින් ඉවත් වූ බව ඔහු දන්නේ නම්, කැමරා ඉදිරිපිටට ගොස් සජීවී සාකච්ඡා කිරීම අවශ්‍ය බව පවසමිනි.
"සැඟවී සිටීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය," ලෝරන් බෝබර්ට් අවධාරණය කරමින් ලිවීය.
දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක්ගේ සටහනකට අදහස් දැක්වීමක් ඇතුළුව, කොන්ග්‍රස් සභිකයා සිය ඉල්ලීම කිහිප වතාවක්ම පුනරුච්චාරණය කළාය. චාලි කර්ක්, ජෝ බයිඩන් මිය ගොස් හෝ නුදුරේදීම මිය යනු ඇතැයි තහවුරු නොකළ කටකතාවක් ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කළේය.
කර්ක්ගේ තොරතුරුවලට අනුව, ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා(17) ලාස් වේගාස් හිදි අනාවරණය නොකළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර්යක් අත්විඳින ලද්දේ ප්‍රචාරක උත්සවයක් අවලංගු කර හදිසියේ ඩෙලවෙයාර් වෙත යාමට පෙරය. "පෙනෙන විදිහට පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම නිර්මානය වූවා යැයි සැකකෙරෙන කටකතාවකට අනුව ජෝ බයිඩෙන් ඒවන විටත් මිය යමින් හෝ මිය ගොස් තිබෙනවා." කර්ක් ලිවීය. කට කතාව ගැඹුරින් සලකා බලන ලෙස කර්ක් අමෙරිකානු ජනයාගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වුවද ජෝ බයිඩන්ගේ කණ්ඩායම පවසා ඇත්තේ ජනාධිපතිවරයා වෛරස ආසාදනයෙන් සාර්ථකව සුවය ලබමින් සිටින බවයි.මේ අතර උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කර ඇත්තේ ජෝ බයිඩන් වඩා සුවතට හැරෙමින් සිටින බවයි. එලෙසම ධවල මන්දිරයේ වෛද්‍යවරයෙකු වන ආචාර්ය කෙවින් ඕ'කොනර් සටහන් කර ඇත්තේ ජෝ බයිඩන් ඔහුගේ PAXLOVID ඖෂධයේ දසවන මාත්‍රාව සම්පූර්ණ කර ඇති බවත් ඔහුගේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ පහව ගොස් ඇති බවත්ය.
“ඔහුගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය, ශ්වසන වේගය සහ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මට්ටමක පවතිනවා. ඔහුගේ පෙනහළු නිරවුල්ව පවතිනවා. ජනාධිපතිවරයා සිය ජනාධිපති රාජකාරි සියල්ල දිගටම ඉටු කරනවා.” ආචාර්ය ඕ'කොනර් ලිවීය.
කෙසේ වෙතත්, ලෝරන් බෝබර්ට්ගේ එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, "වෛද්‍යවරයෙකුගේ ලිපියක් ජීවිතය පිළිබඳ සාක්ෂියක් නොවේ" යයි තර්ක කරමින්, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව ඇමරිකානු ජනතාවට ඔප්පු කරන ලෙස එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
