ජෝ බයිඩන් තව දුරටත් ජීවතුන් අතර සිටිනවා නම් සාක්ෂි ඉදිරිපත් කරන්න- රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් සභික ලෝරන් බෝබර්ට්

රිපබ්ලිකන් පක්ෂයේ කොන්ග්‍රස් සභිකයෙකු වන ලෝරන් බෝබර්ට් මහත්මිය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජීවතුන් අතර සිටිනවා නම් “සජීවීව පෙනී සිටිමින් සාක්ෂියක්” ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ 81 හැවිරිදි ජෝ බයිඩන් පසුගිය සතියේ කොවිඩ් -19 වැළඳීමෙන් පසු ප්‍රසිද්ධියේ දැක නැති බව අවධාරණය කරමිනි.
නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත 2024 අමෙරිකානු ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් වන බවත් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කිරීමට උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බවත් ජෝ බයිඩන් ඉරිදා(20) සමාජ මාධ්‍ය හරහා අනපේක්ෂිත ලෙස ප්‍රකාශ කිරීමෙන් පසුව ලෝරන් බෝබර්ට් මෙලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබේ. ජෝ බයිඩන්ගේ ලිඛිත නිවේදනය ඔහුගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව අමෙරිකානු ජනයාගේ කනස්සල්ලට හේතු වූයේ එම නිවේදනය සමඟ ජනාධිපතිවරයාගේ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් එකතු කර නොතිබූ බැවිනි.
පසුගිය 22 දා X (පෙර ට්විටර්) හි පණිවිඩ මාලාවක් ප්‍රචාරය කරමින් ලෝරන් බෝබර්ට් පවසා සිටියේ එදින සවස 5 වන විට ජෝ බයිඩෙන් "ජිවතුන් අතර සිටින බවට සජීවි සාක්ෂි" ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් , ජනාධිපතිවරණ සටනින් ඉවත් වූ බව ඔහු දන්නේ නම්, කැමරා ඉදිරිපිටට ගොස් සජීවී සාකච්ඡා කිරීම අවශ්‍ය බව පවසමිනි.
"සැඟවී සිටීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය," ලෝරන් බෝබර්ට් අවධාරණය කරමින් ලිවීය.
දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක්ගේ සටහනකට අදහස් දැක්වීමක් ඇතුළුව, කොන්ග්‍රස් සභිකයා සිය ඉල්ලීම කිහිප වතාවක්ම පුනරුච්චාරණය කළාය. චාලි කර්ක්, ජෝ බයිඩන් මිය ගොස් හෝ නුදුරේදීම මිය යනු ඇතැයි තහවුරු නොකළ කටකතාවක් ලාස් වේගාස් පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කළේය.
කර්ක්ගේ තොරතුරුවලට අනුව, ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බදාදා(17) ලාස් වේගාස් හිදි අනාවරණය නොකළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර්යක් අත්විඳින ලද්දේ ප්‍රචාරක උත්සවයක් අවලංගු කර හදිසියේ ඩෙලවෙයාර් වෙත යාමට පෙරය. "පෙනෙන විදිහට පොලිස් දෙපාර්තමේන්තුව තුළින්ම නිර්මානය වූවා යැයි සැකකෙරෙන කටකතාවකට අනුව ජෝ බයිඩෙන් ඒවන විටත් මිය යමින් හෝ මිය ගොස් තිබෙනවා." කර්ක් ලිවීය. කට කතාව ගැඹුරින් සලකා බලන ලෙස කර්ක් අමෙරිකානු ජනයාගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වුවද ජෝ බයිඩන්ගේ කණ්ඩායම පවසා ඇත්තේ ජනාධිපතිවරයා වෛරස ආසාදනයෙන් සාර්ථකව සුවය ලබමින් සිටින බවයි.මේ අතර උප ජනාධිපති කමලා හැරිස් ප්‍රකාශ කර ඇත්තේ ජෝ බයිඩන් වඩා සුවතට හැරෙමින් සිටින බවයි. එලෙසම ධවල මන්දිරයේ වෛද්‍යවරයෙකු වන ආචාර්ය කෙවින් ඕ'කොනර් සටහන් කර ඇත්තේ ජෝ බයිඩන් ඔහුගේ PAXLOVID ඖෂධයේ දසවන මාත්‍රාව සම්පූර්ණ කර ඇති බවත් ඔහුගේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ පහව ගොස් ඇති බවත්ය.
“ඔහුගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය, ශ්වසන වේගය සහ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය මට්ටමක පවතිනවා. ඔහුගේ පෙනහළු නිරවුල්ව පවතිනවා. ජනාධිපතිවරයා සිය ජනාධිපති රාජකාරි සියල්ල දිගටම ඉටු කරනවා.” ආචාර්ය ඕ'කොනර් ලිවීය.
කෙසේ වෙතත්, ලෝරන් බෝබර්ට්ගේ එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, "වෛද්‍යවරයෙකුගේ ලිපියක් ජීවිතය පිළිබඳ සාක්ෂියක් නොවේ" යයි තර්ක කරමින්, ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව ඇමරිකානු ජනතාවට ඔප්පු කරන ලෙස එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්
ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග